Certified Parenting Coach & EducatorParenting isn’t easy… I’m here to help ❤️
Ishara Sandaruwani
💐
1 day ago | [YT] | 1
View 0 replies
"විනය" කියන්නේ නීති රීතිවලට කීකරු කරවලා, ඒවා කඩ කලොත් දඬුවම් දෙන්න ඕනේ කියන විදිහට දකින්න අපි පුරුදු වෙලා ඉන්නේ. ඒ වුනාට දරුවෙකුට විනය කියන්නේ බයෙන් පාලනය කරවීම නෙවේ, තමන්ගේ හැසිරීමේ බලපෑම තේරුම් අරගෙන ගැටලු විසදන්න, හොඳ තීරණ ගන්න ඉගෙන ගන්න එක.අනිත් පැත්තෙන් දරුවාට දුකක්, වේදනාවක්, බයක් දැනෙන කොට ඉගෙනගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ නිසා සන්සුන් වෙලා සම්බන්ධ වෙලා, පැහැදිලි සීමා තියලා, සිද්ධ වුන දේ තේරුම්ගන්නත් විසඳුමක් සොයාගන්නත් මඟ පෙන්වන්න වෙනවා.මෙතන තියන ලොකුම අවුල දරුවන්ව බයෙන් පාලනය කරොත්, තමන්ගේ කැමැත්තට එයාලව යටත් කරගන්න උත්සාහ කරන අය ඉදිරියේත් එයාලා බයෙන් නිහඬව ඉන්න ඉගෙන ගන්න එක..😞ඒ නිසා කීකරුකම විතරක් නෙවේ, තමන්ගේ හඬ භාවිතා කරන්න, සීමා හඳුනාගන්න, "නැහැ" කියන්න වගේ ම අවශ්‍ය වෙලාවට උදව් ඉල්ලන්නත් එයාලට පුලුවන් වෙන්න ඕනේ..අපි එයාලව බය කරොත් ඒක වෙන්නේ නෑ 😞එහෙම නේද?
2 weeks ago | [YT] | 4
දරුවාගේ වයසට ගැළපෙන වැඩසටහන් තෝරාගන්නේ ඇයි? 🤔Screen එකක පෙන්වන හැම වැඩසටහනක්ම දරුවාට එකම විදිහට ගැළපෙන්නේ නැහැ. දරුවාගේ වයසට සහ තේරුම්ගැනීමේ හැකියාවට ගැළපෙන වැඩසටහනක් තෝරා දීමෙන්, එයාලට කතාව තේරුම්ගන්නත්, හොඳ අදහස් හා හැසිරීම් ඉගෙනගන්නත් උදව් වෙනවා.2026දී පළ කළ ඇමරිකානු ළමා රෝග විශේෂඥයන්ගේ (AAP) මාර්ගෝපදේශය අනුව, දරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට අරගෙන, පැහැදිලි ඉගෙනුම් අරමුණු තියෙන, සමාජ වගේ ම භාවනාත්මක කුසලතා සහ විවේචනාත්මකව සිතීම වැඩි කරන වැඩසටහන් තෝරාගැනීම හරිම වැදගත්. වයසට නොගැළපෙන වගේ ම බය හිතෙන අන්තර්ගතයන් දරුවාට අහිතකර වෙන්න පුලුවන්.අනිත් වැදගත් ම දේ දරුවා එක්ක එකටම බලන්න ඒ අතර, මෙයාට දැන් මොනවා වෙයි ද?ඔයා නම් මොකක්ද කරන්නේ?වගේ ප්‍රශ්න අහන්න. අධ්‍යාපනික වැඩසටහන් මේ වගේ වැඩිහිටියෙක් එක්ක එකට බලන එකෙන්, දරුවන්ගේ භාෂා කුසලතා වගේ ම ධනාත්මක සම්බන්ධතාවක් ඇති වන බවට පර්යේෂණ තියෙනවා.⚠️වැඩසටහනක් තෝරගන්නකොට වයස් නිර්දේශය පමණක් නෙවේ, එහි අන්තර්ගතයත් බලන්න. Screen time එක නින්දට, සෙල්ලමට, ශාරීරික ක්‍රියාකාරකම්වලට සහ පවුලේ එකට ගත කරන කාලයට බාධා නොවන ලෙස සමතුලිත කරගන්න.එහෙනන් කරලා බලන්න 😉❤️
❤️
2 weeks ago | [YT] | 7
දරුවා අපිත් එක්ක එකඟ නොවෙන හැම වෙලාවකම ඒක අපිට කරන අගෞරවයක්ද? 🤔නැහැ…අපේ අරමුණ අපි කියන හැමදේකටම "ඔව්, හරි" කියන, කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැති දරුවෙක් හදන එක නෙමෙයි.අගෞරවයෙන් කතා නොකර, ආක්‍රමණශීලී නොවී, තමන්ගේ අදහස කියන්න බය නොවී ගෞරවාන්විතව එකඟ නොවෙන්න දරුවාට උගන්වන එක..❤️ඒ වෙනුවෙන් මේ කුසලතා 5 පුහුණු කරන්න:1. Idea Focused Disagreement (පුද්ගලයාට පහර නොදී අදහසට එකඟ නොවීම)"ඔයා වැරදියි" කියලා කියනවා වෙනුවට, "මම ඒ අදහසට එකඟ නැහැ" කියලා කියන්න උගන්වන්න.එතකොට අදහස් අතර ඇති වෙනස පුද්ගලික ප්‍රහාරයක් බවට පත්වෙන්නේ නැහැ.2. Concise Reasoning (දිගටම තර්ක නොකර එක් පැහැදිලි හේතුවක් කියන්න)"මම ඒක වෙනස් විදිහකට දකින්නේ… නිසා"එක් පැහැදිලි හේතුවක් ප්‍රමාණවත්. තමන්ගේ අදහස නිවැරදියි කියලා ඔප්පු කරන්න දිගටම තර්ක කරන්න අවශ්‍ය නැහැ.3. Respectful Acceptance (තමන්ගේ හඬ නැති කරගන්නේ නැතුව “බෑ” කියන පිළිතුර පිළිගන්න) "මම තවමත් එකඟ නැහැ. ඒත් ඔයාගේ තීරණය මට තේරෙනවා" තීරණයකට ගරු කරනවා කියන්නේ ඒ තීරණයට එකඟයි කියලා රඟපාන එක නෙමෙයි.4. Respectful Disengagement (තවදුරටත් ප්‍රයෝජනවත් නොවන තර්කයක්නන් සන්සුන්ව නතර වෙන්න)"මම හිතන දේ කිව්වා.""මට මේ ගැන තවදුරටත් තර්ක කරන්න ඕනේ නැහැ" ශක්තිමත් හඬක් කියන්නේ කතා කරන්න දන්න හඬක් විතරක් නෙමෙයි. තවදුරටත් ප්‍රයෝජනයක් නැති සංවාදයකින් නතර වෙන්න පුලුවන් හැකියාවත් තියෙන්න අවශ්‍යයි.5. Assertiveness Practice (ආරක්ෂිත වැඩිහිටියන් සමඟ ගෞරවාන්විතව තම අදහස කියන්න පුහුණු වීම) ගෙදරදී ඔයාගේ අදහසකට ගෞරවාන්විතව අභියෝග කරන්න දරුවාට අවස්ථාව දෙන්න."මගේ අදහසත් කියන්න පුලුවන්?""අපි දෙන්නාටම හොඳ විසඳුමක් හොයමුද?" කියලා අහන්න. ඊට පස්සේ එයාගේ අදහස වඩාත් පැහැදිලිව සහ ගෞරවාන්විතව ප්‍රකාශ කරන ආකාරය උගන්වන්න.👉 අපේ අරමුණ වැඩිපුර තර්ක කරන දරුවෙක් හදන එක නෙමෙයි.අවශ්‍ය වෙලාවක,"මම ඒකට එකඟ නැහැ""මේක මට නිවැරදි වගේ දැනෙන්නේ නැහැ""නැහැ, මම ඒක කරන්නේ නැහැ"කියලා විශ්වාසයෙන් තමන් වෙනුවෙන් කතා කරන්න දන්න දරුවෙක් හදන එකයි ❤️Ishara SandaruwaniCertified Parenting Coach & Parent Educator 🇦🇺Parenting with Ishara | The Parenting Growth Project
2 weeks ago | [YT] | 5
අපේ තරුණ දරුවන්ට දැන්ම කියා දෙන්න ඕන ජීවිත පාඩම් 6ක් ❤️ජීවිතේ හැමදාම ලේසි වෙන්නේ නැහැ. සමහර වෙලාවට හරි තීරණය ගන්න අමාරු වෙයි, බයත් දැනෙයි, වටේ ඉන්න අයගේ බලපෑමටත් ලක්වෙයි. ඒ වගේ වෙලාවල මේ දේවල් මතක තිබුණොත්, තමන්ගේම මඟ හොයාගන්න ඔයාට ලේසි වේවි…1. හැමෝම ඔයාගේ යාළුවෝ නෙවෙයි.ඔයාට හොඳින් කතා කරන හැමෝම ඇත්තටම ඔයාට හොඳක් පතන අය නොවෙන්න පුලුවන්. ඒ නිසා ඔයාගේ ඇසුරට ගන්න අය ගැන හොඳින් හිතන්න.2. සාර්ථකත්වය නිකම්ම ලැබෙන්නේ නැහැ.දක්ෂකමත්, හැකියාවත් වැදගත්. ඒත් ඔයාගේ ඉලක්කවලට ළඟා වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.3. ඔයා කරන කියන දේවල්වලට ප්‍රතිවිපාක තියෙනවා.දුර දිග නොසිතා ගන්න එක තීරණයක් වුණත් ඔයාගේ සබඳතාවලට, අධ්‍යාපනයට වගේ ම අනාගතයට බලපාන්න පුලුවන්. ඒ නිසා තීරණයක් ගන්න කලින් හොදට හිතන්න.4. "අනිත් හැමෝමත් කරනවා" කියන එක හේතුවක් නෙවෙයි.හැමෝම ප්‍රපාතයකින් පැන්නොත්, ඔයත් පනිනවද? යාළුවන්ගේ බලපෑම නිසා නොහිතා දෙයක් කරන්න කලින්, ඒක ඇත්තටම ඔයාට හරිද කියලා හිතන්න.5. අමාරු වුණා කියලා හැම වෙලාවකම අතහරින්න එපා.හැමදාම උනන්දුවෙන් ඉන්න බැහැ. සමහර දවස්වල අමාරු වුණත්, ටික ටික උත්සාහ කරමින් ඉදිරියට යන්න.6. "බය දැනුණා" කියන කාරණාව නිදහසට කාරණාවක් නෙමේ.විශ්වාසයෙන් ඉන්නවා කියන්නේ බයක් නැතිවීම නෙවෙයි. බය හෝ චකිතය දැනුණත්, ඒකට මුහුණ දෙමින් ඉදිරියට යන්න.මේ දේවල් දරුවන්ට කියාදෙන්නේ එයාලාව බය කරන්න නෙවෙයි..එයාලාගේ ජීවිතේ නිදහස නැති කරන්නත් නෙමේජීවිතේට මුහුණ දෙන්න ඕන ශක්තියත් ඒ මඟ පෙන්වීමත් දෙන්නයි.. ❤️✍ඉෂාරා සදරුවනි Certified Parenting Coach and Education 🇦🇺Parenting with Ishara
View 1 reply
පවුලේ කට්ටිය එකට එකතුවීමකදී දරුවෙක් සෙල්ලම් බඩුවක් බෙදාගන්න අකමැති වෙනවා. Supermarket එකේ දී පොඩි දරුවෙක් කේන්තියෙන් හැසිරෙනවා. එහෙමත් නැත්තන් වැඩිහිටියන් කතා කරද්දී වයසින් වැඩි දරුවෙක් මැදින් කතා කරනවා.මේ වගේ වෙලාවක, විශේෂයෙන්ම නෑදෑයන්, යාලුවන් හරි නොදන්නා අය බලාගෙන ඉන්නකොට, අපිට ලැජ්ජාවක් වගේ ම අපහසුතාවක් දැනෙන්න පුලුවන්..🥺ඒත් හැමෝම ඉස්සරහ දරුවාව අනිත් අය එක්ක සසඳලා, "ඔයා හැමදාම මෙහෙමයි" කියලා දොස් කියනකොට ඒක දරුවාට වෙනස් විදිහට දැනෙන්න පුලුවන්. ගෙදර දී අපේ කියන දේ පිළිගන්න දරුවෙක් වුණත්, නෑදෑයන් ඉස්සරහ අපිට විරුද්ධව හැසිරෙන්න පුලුවන්. තවත් සමහර දරුවෝ නිහඬ වෙනවා, ඇස් මඟහරිනවා, අඬනවා එහෙමත් නැත්තන් දෙමාපියාන්ට තදින් ළංවෙනවා. තවත් දරුවෙක් හොදට කියන දේ කළත්, පස්සේ වෙන සිද්ධියක් නිසා සිත් රිදීමෙන් ඉන්න පුලුවන්.හැබැයි ඒ අවස්ථාවල අපිට දැනෙන ලැජ්ජාවෙන් දරුවට ප්‍රසිද්ධියේ දොස් කියනවා වෙනුවට, පුලුවන්නම් දරුවාව ටිකක් පැත්තකට එක්කගෙන ගිහින් සන්සුන්ව කතා කරන්න. ඒ හැසිරීමට පැහැදිලි සීමාවක් දාන්න:"මම ඔයාට එයාට ගහන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ටිකක් පැත්තකට ගිහින් කතා කරමු" ❤️එහෙම දරුවාගේ හැසිරීම නිවැරදි කරන අතරම, එයාගේ ගෞරවයත් රැකගන්න අපට පුලුවන්.✍️ ඉෂාරා සදරුවනිCertified Parenting Coach and Educator 🇦🇺Parenting With Ishara
3 weeks ago | [YT] | 4
දරුවෙක්ට බය හිතෙන්නේ යක්ෂයන්ට විතරක්ම නෙවෙයි… 🥺තමන් වැඩියෙන්ම ආදරය කරන අම්මායි තාත්තායි එකිනෙකාට තරහින් කතා කරන කොටත්, එයාලා අතර තියෙන ආදරේ තරහකට හැරෙන විදිහ දකින කොටත් ඒ පුංචි හිතට ලොකු බයක් දැනෙනවා 💔දෙමාපියන් අතර මතභේද ඇතිවීම හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ඒ වේලාවට දරුවෝ ඉස්සරහ කෑගැහීම්, අපහාස කිරීම් හරි තර්ජන කිරීම් බවට පත් නොකරන්න අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා ❤️අතපසු වෙලා හරි එහෙම වුනොත්..තරහා නිවුණට පස්සේ, දරුවාට මෙහෙම කියන්නත් අමතක කරන්න එපා.."අම්මයි තාත්තයි අතර පොඩි ප්‍රශ්ණයක් ඇති වුණා. ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. අපි දෙන්නම ඔයාට ආදරෙයි" 🥹දරුවාට ගෙදර කියන්නේ බයෙන් ඉන්න ඕන තැනක් නොවෙයි… ආරක්ෂාවත් ආදරයත් දැනෙන තැනක්...🏡❤️
3 weeks ago | [YT] | 8
දරුවාගේ උපන්දිනයට තෑග්ගක් විතරක් නෙමෙයි… එයාගේ හිතේ මතකයක් ඉතුරු කරමුද? 🤗ඒකට කියන්නේ "Birthday Interview tradition" කියලාකරන්න ඕනේ හැම උපන්දිනයකම දරුවා එක්ක ටිකක් නිදහසේ ඉඳගෙන, එයාගේ වයසට ගැළපෙන ප්‍රශ්න කිහිපයක් අහන එක..හැබැයි අහලා විතරක් හරියන්නේ නෑ ඒ උත්තර ලියලා හරි වීඩියෝ කරලා හරි තියාගන්න ☺හැම අවුරුද්දකම පුලුවන් තරම් එකම ප්‍රශ්න ටික අහන්න. වයසත් එක්ක ප්‍රශ්නවල වචන ටිකක් වෙනස් කළාට කමක් නැහැ. ඒත් එකම ප්‍රශ්න නැවත අහද්දී, දරුවාගේ උත්තර කාලයත් එක්ක වෙනස් වෙන විදිහ බලන්න පුලුවන්. 🥹අවුරුදු කිහිපයකට පස්සේ ඒ උත්තර ආයෙත් බලද්දී, එදා දරුවාගේ පුංචි ලෝකය කොහොමද කියලා මතක් කරලා ඔයාලටත් හරිම ආදරණීය හැඟීමක් විදින්න පුලුවන් වේවී ❤️එහෙම අහන්න පුලුවන් ප්‍රශ්න ටිකක් මෙන්න 👇🖊️මේ අවුරුද්දේ ඔයාට වැඩියෙන්ම සතුටු හිතුණේ මොන වෙලාවෙද?🖊️ඔයා වැඩියෙන්ම කැමති සෙල්ලම හෝ කෑම මොකක්ද?🖊️ඔයා ගැන ඔයාට ආඩම්බර හිතෙන දෙයක් මොකක්ද?🖊️මේ අවුරුද්දේ අලුතින් ඉගෙනගත්තේ මොනවද?🖊️ඉදිරි අවුරුද්දේ කරන්න ආස දෙයක් මොකක්ද?හරි උත්තරයක් හොයන්නවත්, දරුවාගේ උත්තර වෙනස් කරන්නවත් ඕන නැහැ. එයාට හිතෙන දේ ආදරෙන් අහගෙන ඉන්න එකයි වටින්නේ ❤️මේකට ලොකු වියදමක් යන්නේ නැහැ… ඒත් කාලයත් එක්ක පවුලට වටිනා මතකයක් එකතු කරගන්න පුලුවන්. 🥰ඔයාගේ දරුවාගෙන් අහන්න කැමතිම ප්‍රශ්නය මොකක්ද? මේ ලැයිස්තුවට එකතු කරන්න පුලුවන් තවත් ප්‍රශ්න තියෙනවා නම් comment එකක ලියන්න..👇මේ අදහස තවත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ටත් ලැබෙන්න Share කරන්නත් අමතක කරන්න එපා 🥰එහෙනම්, දරුවගේ උපන්දිනයේදී කරලා බලන්න! ❤️✍️ ඉෂාරා සදරුවනිCertified Parenting Coach and Educator 🇦🇺
3 weeks ago | [YT] | 6
3 weeks ago | [YT] | 5
Load more
Ishara Sandaruwani
💐
1 day ago | [YT] | 1
View 0 replies
Ishara Sandaruwani
"විනය" කියන්නේ නීති රීතිවලට කීකරු කරවලා, ඒවා කඩ කලොත් දඬුවම් දෙන්න ඕනේ කියන විදිහට දකින්න අපි පුරුදු වෙලා ඉන්නේ.
ඒ වුනාට දරුවෙකුට විනය කියන්නේ බයෙන් පාලනය කරවීම නෙවේ, තමන්ගේ හැසිරීමේ බලපෑම තේරුම් අරගෙන ගැටලු විසදන්න, හොඳ තීරණ ගන්න ඉගෙන ගන්න එක.
අනිත් පැත්තෙන් දරුවාට දුකක්, වේදනාවක්, බයක් දැනෙන කොට ඉගෙනගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ නිසා සන්සුන් වෙලා සම්බන්ධ වෙලා, පැහැදිලි සීමා තියලා, සිද්ධ වුන දේ තේරුම්ගන්නත් විසඳුමක් සොයාගන්නත් මඟ පෙන්වන්න වෙනවා.
මෙතන තියන ලොකුම අවුල දරුවන්ව බයෙන් පාලනය කරොත්, තමන්ගේ කැමැත්තට එයාලව යටත් කරගන්න උත්සාහ කරන අය ඉදිරියේත් එයාලා බයෙන් නිහඬව ඉන්න ඉගෙන ගන්න එක..😞
ඒ නිසා කීකරුකම විතරක් නෙවේ, තමන්ගේ හඬ භාවිතා කරන්න, සීමා හඳුනාගන්න, "නැහැ" කියන්න වගේ ම අවශ්‍ය වෙලාවට උදව් ඉල්ලන්නත් එයාලට පුලුවන් වෙන්න ඕනේ..අපි එයාලව බය කරොත් ඒක වෙන්නේ නෑ 😞
එහෙම නේද?
2 weeks ago | [YT] | 4
View 0 replies
Ishara Sandaruwani
දරුවාගේ වයසට ගැළපෙන වැඩසටහන් තෝරාගන්නේ ඇයි? 🤔
Screen එකක පෙන්වන හැම වැඩසටහනක්ම දරුවාට එකම විදිහට ගැළපෙන්නේ නැහැ.
දරුවාගේ වයසට සහ තේරුම්ගැනීමේ හැකියාවට ගැළපෙන වැඩසටහනක් තෝරා දීමෙන්, එයාලට කතාව තේරුම්ගන්නත්, හොඳ අදහස් හා හැසිරීම් ඉගෙනගන්නත් උදව් වෙනවා.
2026දී පළ කළ ඇමරිකානු ළමා රෝග විශේෂඥයන්ගේ (AAP) මාර්ගෝපදේශය අනුව,
දරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට අරගෙන, පැහැදිලි ඉගෙනුම් අරමුණු තියෙන, සමාජ වගේ ම භාවනාත්මක කුසලතා සහ විවේචනාත්මකව සිතීම වැඩි කරන වැඩසටහන් තෝරාගැනීම හරිම වැදගත්.
වයසට නොගැළපෙන වගේ ම බය හිතෙන අන්තර්ගතයන් දරුවාට අහිතකර වෙන්න පුලුවන්.
අනිත් වැදගත් ම දේ දරුවා එක්ක එකටම බලන්න ඒ අතර,
මෙයාට දැන් මොනවා වෙයි ද?
ඔයා නම් මොකක්ද කරන්නේ?
වගේ ප්‍රශ්න අහන්න.
අධ්‍යාපනික වැඩසටහන් මේ වගේ වැඩිහිටියෙක් එක්ක එකට බලන එකෙන්, දරුවන්ගේ භාෂා කුසලතා වගේ ම ධනාත්මක සම්බන්ධතාවක් ඇති වන බවට පර්යේෂණ තියෙනවා.
⚠️වැඩසටහනක් තෝරගන්නකොට වයස් නිර්දේශය පමණක් නෙවේ, එහි අන්තර්ගතයත් බලන්න. Screen time එක නින්දට, සෙල්ලමට, ශාරීරික ක්‍රියාකාරකම්වලට සහ පවුලේ එකට ගත කරන කාලයට බාධා නොවන ලෙස සමතුලිත කරගන්න.
එහෙනන් කරලා බලන්න 😉❤️
2 weeks ago | [YT] | 4
View 0 replies
Ishara Sandaruwani
❤️
2 weeks ago | [YT] | 7
View 0 replies
Ishara Sandaruwani
දරුවා අපිත් එක්ක එකඟ නොවෙන හැම වෙලාවකම ඒක අපිට කරන අගෞරවයක්ද? 🤔
නැහැ…
අපේ අරමුණ අපි කියන හැමදේකටම "ඔව්, හරි" කියන, කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැති දරුවෙක් හදන එක නෙමෙයි.
අගෞරවයෙන් කතා නොකර, ආක්‍රමණශීලී නොවී, තමන්ගේ අදහස කියන්න බය නොවී ගෞරවාන්විතව එකඟ නොවෙන්න දරුවාට උගන්වන එක..❤️
ඒ වෙනුවෙන් මේ කුසලතා 5 පුහුණු කරන්න:
1. Idea Focused Disagreement (පුද්ගලයාට පහර නොදී අදහසට එකඟ නොවීම)
"ඔයා වැරදියි" කියලා කියනවා වෙනුවට, "මම ඒ අදහසට එකඟ නැහැ" කියලා කියන්න උගන්වන්න.
එතකොට අදහස් අතර ඇති වෙනස පුද්ගලික ප්‍රහාරයක් බවට පත්වෙන්නේ නැහැ.
2. Concise Reasoning (දිගටම තර්ක නොකර එක් පැහැදිලි හේතුවක් කියන්න)
"මම ඒක වෙනස් විදිහකට දකින්නේ… නිසා"
එක් පැහැදිලි හේතුවක් ප්‍රමාණවත්. තමන්ගේ අදහස නිවැරදියි කියලා ඔප්පු කරන්න දිගටම තර්ක කරන්න අවශ්‍ය නැහැ.
3. Respectful Acceptance (තමන්ගේ හඬ නැති කරගන්නේ නැතුව “බෑ” කියන පිළිතුර පිළිගන්න)
"මම තවමත් එකඟ නැහැ. ඒත් ඔයාගේ තීරණය මට තේරෙනවා"
තීරණයකට ගරු කරනවා කියන්නේ ඒ තීරණයට එකඟයි කියලා රඟපාන එක නෙමෙයි.
4. Respectful Disengagement (තවදුරටත් ප්‍රයෝජනවත් නොවන තර්කයක්නන් සන්සුන්ව නතර වෙන්න)
"මම හිතන දේ කිව්වා."
"මට මේ ගැන තවදුරටත් තර්ක කරන්න ඕනේ නැහැ"
ශක්තිමත් හඬක් කියන්නේ කතා කරන්න දන්න හඬක් විතරක් නෙමෙයි. තවදුරටත් ප්‍රයෝජනයක් නැති සංවාදයකින් නතර වෙන්න පුලුවන් හැකියාවත් තියෙන්න අවශ්‍යයි.
5. Assertiveness Practice (ආරක්ෂිත වැඩිහිටියන් සමඟ ගෞරවාන්විතව තම අදහස කියන්න පුහුණු වීම)
ගෙදරදී ඔයාගේ අදහසකට ගෞරවාන්විතව අභියෝග කරන්න දරුවාට අවස්ථාව දෙන්න.
"මගේ අදහසත් කියන්න පුලුවන්?"
"අපි දෙන්නාටම හොඳ විසඳුමක් හොයමුද?"
කියලා අහන්න. ඊට පස්සේ එයාගේ අදහස වඩාත් පැහැදිලිව සහ ගෞරවාන්විතව ප්‍රකාශ කරන ආකාරය උගන්වන්න.
👉 අපේ අරමුණ වැඩිපුර තර්ක කරන දරුවෙක් හදන එක නෙමෙයි.
අවශ්‍ය වෙලාවක,
"මම ඒකට එකඟ නැහැ"
"මේක මට නිවැරදි වගේ දැනෙන්නේ නැහැ"
"නැහැ, මම ඒක කරන්නේ නැහැ"
කියලා විශ්වාසයෙන් තමන් වෙනුවෙන් කතා කරන්න දන්න දරුවෙක් හදන එකයි ❤️
Ishara Sandaruwani
Certified Parenting Coach & Parent Educator 🇦🇺
Parenting with Ishara | The Parenting Growth Project
2 weeks ago | [YT] | 5
View 0 replies
Ishara Sandaruwani
අපේ තරුණ දරුවන්ට දැන්ම කියා දෙන්න ඕන ජීවිත පාඩම් 6ක් ❤️
ජීවිතේ හැමදාම ලේසි වෙන්නේ නැහැ. සමහර වෙලාවට හරි තීරණය ගන්න අමාරු වෙයි, බයත් දැනෙයි, වටේ ඉන්න අයගේ බලපෑමටත් ලක්වෙයි. ඒ වගේ වෙලාවල මේ දේවල් මතක තිබුණොත්, තමන්ගේම මඟ හොයාගන්න ඔයාට ලේසි වේවි…
1. හැමෝම ඔයාගේ යාළුවෝ නෙවෙයි.
ඔයාට හොඳින් කතා කරන හැමෝම ඇත්තටම ඔයාට හොඳක් පතන අය නොවෙන්න පුලුවන්. ඒ නිසා ඔයාගේ ඇසුරට ගන්න අය ගැන හොඳින් හිතන්න.
2. සාර්ථකත්වය නිකම්ම ලැබෙන්නේ නැහැ.
දක්ෂකමත්, හැකියාවත් වැදගත්. ඒත් ඔයාගේ ඉලක්කවලට ළඟා වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.
3. ඔයා කරන කියන දේවල්වලට ප්‍රතිවිපාක තියෙනවා.
දුර දිග නොසිතා ගන්න එක තීරණයක් වුණත් ඔයාගේ සබඳතාවලට, අධ්‍යාපනයට වගේ ම අනාගතයට බලපාන්න පුලුවන්. ඒ නිසා තීරණයක් ගන්න කලින් හොදට හිතන්න.
4. "අනිත් හැමෝමත් කරනවා" කියන එක හේතුවක් නෙවෙයි.
හැමෝම ප්‍රපාතයකින් පැන්නොත්, ඔයත් පනිනවද? යාළුවන්ගේ බලපෑම නිසා නොහිතා දෙයක් කරන්න කලින්, ඒක ඇත්තටම ඔයාට හරිද කියලා හිතන්න.
5. අමාරු වුණා කියලා හැම වෙලාවකම අතහරින්න එපා.
හැමදාම උනන්දුවෙන් ඉන්න බැහැ. සමහර දවස්වල අමාරු වුණත්, ටික ටික උත්සාහ කරමින් ඉදිරියට යන්න.
6. "බය දැනුණා" කියන කාරණාව නිදහසට කාරණාවක් නෙමේ.
විශ්වාසයෙන් ඉන්නවා කියන්නේ බයක් නැතිවීම නෙවෙයි. බය හෝ චකිතය දැනුණත්, ඒකට මුහුණ දෙමින් ඉදිරියට යන්න.
මේ දේවල් දරුවන්ට කියාදෙන්නේ එයාලාව බය කරන්න නෙවෙයි..එයාලාගේ ජීවිතේ නිදහස නැති කරන්නත් නෙමේ
ජීවිතේට මුහුණ දෙන්න ඕන ශක්තියත් ඒ මඟ පෙන්වීමත් දෙන්නයි.. ❤️
✍ඉෂාරා සදරුවනි
Certified Parenting Coach and Education 🇦🇺
Parenting with Ishara
2 weeks ago | [YT] | 5
View 1 reply
Ishara Sandaruwani
පවුලේ කට්ටිය එකට එකතුවීමකදී දරුවෙක් සෙල්ලම් බඩුවක් බෙදාගන්න අකමැති වෙනවා.
Supermarket එකේ දී පොඩි දරුවෙක් කේන්තියෙන් හැසිරෙනවා. එහෙමත් නැත්තන් වැඩිහිටියන් කතා කරද්දී වයසින් වැඩි දරුවෙක් මැදින් කතා කරනවා.
මේ වගේ වෙලාවක, විශේෂයෙන්ම නෑදෑයන්, යාලුවන් හරි නොදන්නා අය බලාගෙන ඉන්නකොට, අපිට ලැජ්ජාවක් වගේ ම අපහසුතාවක් දැනෙන්න පුලුවන්..🥺
ඒත් හැමෝම ඉස්සරහ දරුවාව අනිත් අය එක්ක සසඳලා, "ඔයා හැමදාම මෙහෙමයි" කියලා දොස් කියනකොට ඒක දරුවාට වෙනස් විදිහට දැනෙන්න පුලුවන්.
ගෙදර දී අපේ කියන දේ පිළිගන්න දරුවෙක් වුණත්, නෑදෑයන් ඉස්සරහ අපිට විරුද්ධව හැසිරෙන්න පුලුවන්. තවත් සමහර දරුවෝ නිහඬ වෙනවා, ඇස් මඟහරිනවා, අඬනවා එහෙමත් නැත්තන් දෙමාපියාන්ට තදින් ළංවෙනවා.
තවත් දරුවෙක් හොදට කියන දේ කළත්, පස්සේ වෙන සිද්ධියක් නිසා සිත් රිදීමෙන් ඉන්න පුලුවන්.
හැබැයි ඒ අවස්ථාවල අපිට දැනෙන ලැජ්ජාවෙන් දරුවට ප්‍රසිද්ධියේ දොස් කියනවා වෙනුවට, පුලුවන්නම් දරුවාව ටිකක් පැත්තකට එක්කගෙන ගිහින් සන්සුන්ව කතා කරන්න.
ඒ හැසිරීමට පැහැදිලි සීමාවක් දාන්න:
"මම ඔයාට එයාට ගහන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ටිකක් පැත්තකට ගිහින් කතා කරමු" ❤️
එහෙම දරුවාගේ හැසිරීම නිවැරදි කරන අතරම, එයාගේ ගෞරවයත් රැකගන්න අපට පුලුවන්.
✍️ ඉෂාරා සදරුවනි
Certified Parenting Coach and Educator 🇦🇺
Parenting With Ishara
3 weeks ago | [YT] | 4
View 0 replies
Ishara Sandaruwani
දරුවෙක්ට බය හිතෙන්නේ යක්ෂයන්ට විතරක්ම නෙවෙයි… 🥺
තමන් වැඩියෙන්ම ආදරය කරන අම්මායි තාත්තායි එකිනෙකාට තරහින් කතා කරන කොටත්, එයාලා අතර තියෙන ආදරේ තරහකට හැරෙන විදිහ දකින කොටත් ඒ පුංචි හිතට ලොකු බයක් දැනෙනවා 💔
දෙමාපියන් අතර මතභේද ඇතිවීම හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ඒ වේලාවට දරුවෝ ඉස්සරහ කෑගැහීම්, අපහාස කිරීම් හරි තර්ජන කිරීම් බවට පත් නොකරන්න අපිට ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා ❤️
අතපසු වෙලා හරි එහෙම වුනොත්..
තරහා නිවුණට පස්සේ, දරුවාට මෙහෙම කියන්නත් අමතක කරන්න එපා..
"අම්මයි තාත්තයි අතර පොඩි ප්‍රශ්ණයක් ඇති වුණා. ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. අපි දෙන්නම ඔයාට ආදරෙයි" 🥹
දරුවාට ගෙදර කියන්නේ බයෙන් ඉන්න ඕන තැනක් නොවෙයි… ආරක්ෂාවත් ආදරයත් දැනෙන තැනක්...🏡❤️
3 weeks ago | [YT] | 8
View 0 replies
Ishara Sandaruwani
දරුවාගේ උපන්දිනයට තෑග්ගක් විතරක් නෙමෙයි… එයාගේ හිතේ මතකයක් ඉතුරු කරමුද? 🤗
ඒකට කියන්නේ "Birthday Interview tradition" කියලා
කරන්න ඕනේ හැම උපන්දිනයකම දරුවා එක්ක ටිකක් නිදහසේ ඉඳගෙන, එයාගේ වයසට ගැළපෙන ප්‍රශ්න කිහිපයක් අහන එක..
හැබැයි අහලා විතරක් හරියන්නේ නෑ ඒ උත්තර ලියලා හරි වීඩියෝ කරලා හරි තියාගන්න ☺
හැම අවුරුද්දකම පුලුවන් තරම් එකම ප්‍රශ්න ටික අහන්න. වයසත් එක්ක ප්‍රශ්නවල වචන ටිකක් වෙනස් කළාට කමක් නැහැ.
ඒත් එකම ප්‍රශ්න නැවත අහද්දී, දරුවාගේ උත්තර කාලයත් එක්ක වෙනස් වෙන විදිහ බලන්න පුලුවන්. 🥹
අවුරුදු කිහිපයකට පස්සේ ඒ උත්තර ආයෙත් බලද්දී, එදා දරුවාගේ පුංචි ලෝකය කොහොමද කියලා මතක් කරලා ඔයාලටත් හරිම ආදරණීය හැඟීමක් විදින්න පුලුවන් වේවී ❤️
එහෙම අහන්න පුලුවන් ප්‍රශ්න ටිකක් මෙන්න 👇
🖊️මේ අවුරුද්දේ ඔයාට වැඩියෙන්ම සතුටු හිතුණේ මොන වෙලාවෙද?
🖊️ඔයා වැඩියෙන්ම කැමති සෙල්ලම හෝ කෑම මොකක්ද?
🖊️ඔයා ගැන ඔයාට ආඩම්බර හිතෙන දෙයක් මොකක්ද?
🖊️මේ අවුරුද්දේ අලුතින් ඉගෙනගත්තේ මොනවද?
🖊️ඉදිරි අවුරුද්දේ කරන්න ආස දෙයක් මොකක්ද?
හරි උත්තරයක් හොයන්නවත්, දරුවාගේ උත්තර වෙනස් කරන්නවත් ඕන නැහැ.
එයාට හිතෙන දේ ආදරෙන් අහගෙන ඉන්න එකයි වටින්නේ ❤️
මේකට ලොකු වියදමක් යන්නේ නැහැ… ඒත් කාලයත් එක්ක පවුලට වටිනා මතකයක් එකතු කරගන්න පුලුවන්. 🥰
ඔයාගේ දරුවාගෙන් අහන්න කැමතිම ප්‍රශ්නය මොකක්ද? මේ ලැයිස්තුවට එකතු කරන්න පුලුවන් තවත් ප්‍රශ්න තියෙනවා නම් comment එකක ලියන්න..👇
මේ අදහස තවත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ටත් ලැබෙන්න Share කරන්නත් අමතක කරන්න එපා 🥰
එහෙනම්, දරුවගේ උපන්දිනයේදී කරලා බලන්න! ❤️
✍️ ඉෂාරා සදරුවනි
Certified Parenting Coach and Educator 🇦🇺
3 weeks ago | [YT] | 6
View 0 replies
Ishara Sandaruwani
❤️
3 weeks ago | [YT] | 5
View 0 replies
Load more