Welcome to Minz AD!
I'm Minz, coming to you straight from Japan — bringing you real-life stories, vlogs, and experiences from this amazing country!
From Japanese school life, daily routines, food, culture, and lifestyle — I share everything through my lens so you can experience Japan from wherever you are in Sri Lanka.

Contact Me :-
Vminsada@gmail.com

Subscribe to join the journey, discover new things, and see what life in Japan is really like!


Minz AD

අපි තනිවෙන්න ඕන!!!

මිනිස්සු නැති නිසා නෙමෙයි,
අපිට අපිවම තේරුම් ගන්න ඕන නිසා...

තනියම ඉන්න වෙලාවට තමයි,
ජීවිතය ගැන ගොඩක් දේවල් තේරෙන්න පටන් ගන්නේ...

කවුද ඇත්තටම අපිත් එක්ක ඉන්නේ?
කවුද අපිට අවශ්‍ය මිනිස්සු?
මොනවද අපේ ඇත්තම හීන?
අපි මේ දුවන්නේ කොහෙද?

මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න,
සමහර වෙලාවට අපිට
හැමෝගෙන්ම ටිකක් ඈත් වෙන්න වෙනවා.

තනිකම කියන්නේ
අපිව දුර්වල කරන දෙයක් නෙමෙයි.

සමහර වෙලාවට,
තනිකම තමයි අපිව ශක්තිමත් කරන්නේ.

ජීවිතේ දිනන්න නම්,
මුලින්ම ජීවිතය කියන්නේ මොකක්ද කියලා
තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන.

අනිත් අයගේ ජීවිතත් එක්ක
අපේ ජීවිතය compare කර කර
දුවන්න එපා.

ඔයාගේ ගමන,
ඔයාගේ වේගයෙන් යන්න.

වැටුණොත් නැගිටින්න.
තනියම නම් තනියම යන්න.
බය නම් බයත් එක්කම ඉස්සරහට යන්න.

මොකද…

අවසානයේ ජීවිතය දිනන්නේ
කවුරුත් අපිව අල්ලගෙන ගිය නිසා නෙමෙයි.

අපිට අපිව විශ්වාස කරලා,
නැවත නැවතත් ඉස්සරහට ගිය නිසා.

ඒ තමයි
ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්න
හොඳම වෙලාව!!!

ජපානෙට ඇවිල්ලා තනි වුනෙ නැත්නම් අදටත්,
මට මාව කවුද කියලා අදුර ගන්න
බැරි වෙන්න ඇති...

Minz AD ✍

1 week ago | [YT] | 2,570

Minz AD

Exam passed ‼️
හැමදෙයක්ම බැලන්ස් කරන් යන ගමනක් මේක 😌❤️‍🔥

1 month ago | [YT] | 3,292

Minz AD

නිහඬ වෙන්න!!! සාර්ථකත්වයෙන් හඬ නඟන්න!!!
ස්තූතියී ඔයාලට....

1 month ago | [YT] | 3,673

Minz AD

The best ❤️‍🔥

1 month ago | [YT] | 183

Minz AD

ගොඩක් අය මගෙ විඩියෝ බලලා ''මටත් ජපානෙට එන්න ආස හිතුනා" වගෙ ගොඩක් අය comment කරලා තියෙනවා මම දැක්කා. ජපානෙ ඇත්ත කවදාවත් video එකකින් බලලා තිරණය කරන්න එපා.ඒක ඔයා මෙහාට ආපු දවසක හාත්පසින්ම වෙනස් ජපානයක් තියෙන්නෙ.

නින්දක් නැති දවස්,නොකා නොබී ඉදපු දවස් මේ හැම දෙයක්ම එක්කම මමත් මෙහෙ ලොකු සටනක...කාටහරි හිතෙනවා නම් Minz වගෙ ජපානෙට ගිහින් ආතල් life එකක් ගෙවන්න ඕන කියලා!!! එහෙම හිතන එක කමක් නැ හැබැයි ඔයාල නොදකින පැත්‍තක් තියෙයි මගෙ. උදේ පාන්දර නැගිටපු ගමන් ස්කූල්,ජොබ්ස් ඉවර වෙලා ගෙදර එද්දි රෑ දොළහ,එක විතර. ඒක නිසා ඔයාලට කියන්න තියෙන්නෙ මම හැමවෙලේම ආතල් එකෙ Vlogs දැම්මට ඊට වැඩිය අමාරුවෙන් ගෙවෙන දවස් බොහෝමයි...

හැමෝම මහන්සි වෙන්න බලන් එන්න,Videos වල තියෙන විදියෙ ජපානයක් නෙවෙ තියෙන්නෙ!!!

2 months ago | [YT] | 1,531

Minz AD

"ගිය ආත්මෙක හරි අපි හමුවෙන්න ඇති... ඒ නිසා වෙන්න ඇති අදත් ඔයා මට මෙච්චර සමීප." ✨

3 months ago | [YT] | 3,206

Minz AD

හැමෝටම Reply කරනවා... ඕනම දෙයක් අහන්න 😎
ප්‍රශ්න තියෙනව දෝ???
( Q&A එකකුත් කරමු )

3 months ago | [YT] | 2,091

Minz AD

මෙහෙට නම් වසන්තය.... ඔයාලට කොහොම ද ?

5 months ago | [YT] | 1,805

Minz AD

හිමත් එක්ක කරන්න පුලුවන් ඔයාල කැමති challenges තියෙනව නම් comment කරන් යන්න. අවුන් එක්ක Vlog එකක් කරල ගෙන්නම් 😁☃️❄️

8 months ago | [YT] | 1,342

Minz AD

හිමත් එක්ක ලස්සන Vlogs ටිකකින් අපි ඉක්මනට මුණගැසෙමු!!!☃️

9 months ago | [YT] | 1,633