Bible Word YouTube Channel - Please Subscribe Now

Bible Word යූ ටියුබ් චැනලය මගින් ඔබට සින්හල ක්‍රිස්තියානි ගීතිකා , බයිබල් පාඩම්, දේශනා සහ
බොහෝ ක්‍රිස්තියානි දේ බැලීමට අපි ඔබට ආරාධනා කරමු. සබ්ස්ක්‍රියිබ් කරන්න
අමතක කරන්න එපා . බලලා හොඳනම් Comment කරන්න . ස්තුතියි.


Bible Word

11 hours ago | [YT] | 1,184

Bible Word

1 day ago | [YT] | 2,346

Bible Word

7 වන පරිච්චේදය

ස්වාමි වූ යේසුස් වහන්සේ ඉක්මන් කල බැවින් අපි අනික් වල කරා පියවර එසවීමු. එම වලෙහි පසු වු තැනැත්තාගේ ආත්මය ඇටසැකිල්ලක් තූල සිරවී තිබුණි. එම ආත්මය යේසුස් වහන්සේ දෙස බලමින්: "ඇයි මම මෙහි ආවේ............. මම දන්නවා.......... යැයි වීලාප තැබීය. තව දුරටත් එම ආත්මය කථා කරමින්: "මා නිදහස් කල මැනව ඉන්පසු මම යහපත්ව ජීවන්වෙම්” යැයි පැවසීය. නමුත් යෙසුස් වහන්සේ එම වලෙහි පසු වූ තැනැත්තා දෙස බලමින්: "නුඹ තවම බොරුකීම අත්හැරියේ නැද්ද? යැයි පවසා එම වලෙහි සිටි මිනිසාගේ දිවිය ගැන විස්තර කියමින් "මොහු අවුරුදු 22 දී මෙම ස්ථානයට පැමිණියේය. මොහු ශුභාරංචිය අසනු ලැබු අතර මාගේ ආත්මය විසින් ඔහුට ගැලවීම අණ කරනු ලැබිය.නමුත් ඔහු මාව සුළු කොට සැලකුවේය. ඔහු ලෝකය පසුපස ගමනෙහි යෙදී සිටියේය. නමුත් එක් ඳිනක් ඔහු මංගල්‍යකට සහභාගී විය. මත් වී පැමිණ සිටි ඔහු රිය අනතුරකට ලක්වුනි. මිය ගිය ඔහුව සාතන් විසින් මෙහි ගෙන එන ලදී. යනුවෙන් පැවසු සේක.

සොරකම් කිරීමටත්, මිනී මැරීමටත්, වීනාශ කිරීමටත් මිස අන් කිසිවකට යක්ෂයා නොපැමිනේ. මෙම වලෙහි පසු වු තැනැත්තා සිය බීමත්කම හේතුකොටගෙන වීනාශයට පත් වුයේය. මෙලෙස අවුරුදු පතා බොහෝ පවුල් බේබදුකම නිසා විනාශයට පත් වෙති.

ඇස්වල තෘෂ්ණාව, මාංසයේ තෘෂ්ණාව, පහවී යන මෙලොව සුඛ විහරණයන් ආදියට හසුව සිටින්නන් ක්‍රිස්තුස් වහන්සේ වෙත පැමිණෙන කල ඔවුන් නිදහස් කරන මාර්ගය ලෙස ප්‍රේමණිය තැනැත්තෙකු ලෙසද යේසුස්වහන්සේ පෙනීසිටි සේක. විවාහ දිවියට ඇතුලත්වූවෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ අවවාදයට සවන් දෙන්න යමෙක් ස්ත්‍රිය ක් දෙස තෘෂ්ණා සහිත සිතිවිල්ලෙන් යුක්තව බලන කල එම තැනැත්තා එම මොහොතේම ඇය සමඟ කාමමිත්යාචාරය කලේය, යන කාරණාව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම සිතට ගත යුතුය. මෙම කාරණාව ඔබ සිතට ගත්තෙහි නම් ස්වාමින්වහන්සේට පිළිකුල් වු සිතිවිලි වලින් ඔබට නිදහස් විය හැක. ස්වාමීන් වහන්සේ සෑම සිතුවිල්ලක්ම දන්නා සේක. සාතන් ආලෝකයේ දුතයාගේ වෙස් ගනිමින් කවරෙකු ගිලිමිදෝ යැයි බලා සිටියහ. මෙම වලෙහි පසුවන විසිදෙහැවිරිදි මිනිසා දෙස බලන කල මට මගේ දරුවන් සිහිවුනි. එබැවින් "ස්වාමිනී, මාගේ දරුවන්ව ඔබ වහන්සේගේ සේවයට භාර දෙමි. යනුවෙන් මම යාච්ඥා කලෙමි. දෙමව්පියෙනි, නුඹලාගේ දරුවන්ව ස්වාමී වූ යේසුස් වහන්සේ ගැන කියා දෙමින් මේ පාපයන් කියා සිට ස්වාමින් වහන්සේගෙන් සමාව ලැබ ස්ථීර වීමටත්, උන්වහන්සේ තුල ශක්තිමත් වීමටත් උගන්වනු මැනවි. එම වලෙහි පසු වූ යෞවන මිනිසාගේ ආත්මය මොරගැසු ආකාර, බොහෝදින ගතවනතුරු මට සිහිවුනි. "ස්වාමිනි, මම ඔබ වහන්සේ තූළ පවතිමි. ඔබ වහන්සේ තුල වර්ධනය විමට මට ශක්තිය දුන මැනව.” යැයි මම යාච්ඤා කලෙමි. මමත් යේසුස්වහන්සේත් තවත් වලක් කරා පා එසවීමු. එම වල අභ්‍යන්තරයේ සිටි ස්ත්‍රීය තමන්ව නිදහස් කරනා ලෙස අයදිමින් වේදනා මධ්‍යයේ මොරගැසුවාය. යේසුස් වහන්සේ ඇය දෙස බලමින්: "නුඹ පොළොවේ විසු දිනවල බොහෝ වතාවන්හිදී මම නුඹව කැදෙව්වේය. පසුතැවිලි විමට මම නුඹට බොහෝ අවස්ථාවන් දුන්නෙමි. නමුත් නුඹ මාව ප්‍රතික්ෂේප කලාය. නුඹ නැවත හැරීම ලබන පිණිස අන් අයට සමාව දීමටත්, අන්‍යන්ට යහපත කිරීමටත් පාපයට ද්වේෂ කිරීමටත් මම නුඹට අවවාද කලෙමි. නිසි වේලාවේදී මම නුඹව කැඳවා නුඹව මා වෙතට ඇද ගතිමි. නමුත් නුඹ තොල් වලින් පමණක්ම මට ප්‍රේම කලාය. නුඹේ සිත මාගෙන් වෙන්ව තිබුණුබව මම දැනසිටියෙමි. නුඹ පසුතැවිල්ලට පැමිණෙන පිණිස බොහෝ දෙනෙකුව නුඹ වෙත මම එව්වෙමි. නුමුත් නුඹ පසුතැවිලි නොවි ඔවුන් පිළිබඳව කෝපයට පත්ව ඔවුන්ව නුඹ එලවා දැමුවාය. මාගේ වචනයේ ශබ්දය අසන්නාවු තත්වයේ මම නුඹව තැබුවෙමි. නමුත් නුඹ එයට සවන් යොමු නොකර නුඹේ සිත දැඩි කරගත්තාය. නුඹ නුඹගේ ආත්මය විනාශකර ගනිමින් දැන් මෙහි පැමිණ සිටින්නීය. "යැයි කීසේක. මෙලෙස බොහෝ වේදනා මධ්‍යයේ සිටි ඇය එම තත්වයේ සිටම ස්වාමින් වහන්සේට සාප කරන්නටත් දිවුරන්නටත් පටන්ගත්තාය. ඇයව වටකර අශුද්ධ ආත්ම සිටින වග මම දුටුවෙමි. සදාකාල් නිරයේ විසීම කොපමණ කාලකන්නි තත්වයක්ද? එම නිසා නුඹලා පොළොවේ දිවි ගෙවන කලට යක්ෂයාට එරෙහිව සිටින්න. එවිට ඌ නුඹලාගෙන් පලායනු ඇත. යේසුස් වහන්සේ පැවසූ වදන් වලට ඔබගේ සවන් යොමු කරන්න. “අහසත් පොළවත් පහව යන්නේය, නුමුත් මාගේ වචන පහව නොයන්නේය.” (ලූක් 21: 33).

2 days ago | [YT] | 157

Bible Word

2 days ago | [YT] | 1,549

Bible Word

6 වන පරිච්චේදය
තවත් බොහෝ වලවල්
පසු ඳින නැවත වරක් මමත් යේසුස් වහන්සේත් නිරයේ වම් පෙදෙසට ගමන් කළෙමු. විනාශවන ආත්ම කෙරෙහි යේසුස් වහන්සේ තුල ඇත්තා වූ ප්‍රේමය මම නැවත දුටුවෙමු. උන්වහන්සේ මා කෙරෙහිද පොළොවේ වසන සියල්ලන් කෙරෙහිද දක්වන ප්‍රේමය කෙලෙස දැයි මට හැගුණි. උන්වහන්සේ මා දෙස බලමින්: "එක් අයෙකු හෝ විනාශ වීම පියාණන් වහන්සේගේ කැමැත්ත නොවේ. සාතන් බොහෝ දෙනෙකුව මුලා කරමින් පසුවේ. ඔවුන්ද සාතන්ව අනුගමනය කරති. නමුත් දෙවියන් වහන්සේ වනාහි සමාව දෙන තැනැන්වහන්සේය. උන්වහන්සේ ප්‍රේමණිය දෙවි කෙනෙකි. එබැවින් ඔවුන් නැවත පියාණන්වහන්සේ වෙත හැරී එනවා නම් උන්වහන්සේගෙන් ඔවුන්ට සමාව ලැබේ. පියාණනි
මොවුන්ට අනුකම්පා කල මැනව." යැයි කී සේක. උන්වහන්සේගේ මුහුණ දයාවෙන් පිරි තිබුණි.
ගිනිවලවල් අභ්‍යන්තරයේ බොහෝ ආත්ම ගින්නෙහි දැවෙමින් වේදනා විදින වග මම නැවත දුටුවෙමි. ගිනිජාලා වලින් පිරි වලවල් පසුකරමින් අපි ඉදිරියට පියමැන්නෙමු. මාර්ගය දෙපස සිටි ආත්ම සිය දෙඅත් ඔසවමින් අඬම්න් සිට්යහ.
නිරයේ වසන සැමට සියලු ආකාර හැගීම් ඇත, එලෙසම යහපන් සිහිකල්පනාවක් ඔවුන් සතූව පචතී. නමුත් ගිනිනෙන් නම් මිදීමක් නැත. සදහටම තමන් නිරයේ සිටිය යුතුය යන වග ඔවුන් දැන සිටිති. කිසිදු බලාපොරොත්තුවක් නැති නමුදු ” අපට අනුකම්පා කරන්න.” යනුවෙන් නිරයේ සිටියවුන් මොර ගැසුහ.
නිරයේ තවත් වලක් අසලට අපි පියවර එසවීමු. එම වල අභ්‍යන්තරයේ සිටින්නේ ස්ත්‍රීයක් බව කට හඬින් මම දැනගතිමි. ඇය තමන්ව නිදහස් කරන ලෙස යේසුස් වහන්සේගෙන් ඉල්ලමින් හැඬුවාය. ප්‍රේමයෙන් යුතුව යේසුස් වහන්සේ ඇය දෙස බලමින් : ” නුඹ පොළොවේ සිටින විට මා වෙතට එන ලෙස බොහෝ විට මම නුඹව කැදෙව්වෙමි. කාලය ප්‍රමාද වීමට ප්‍රථම නුඹගේ ආත්මය හරිගස්සා ගන්නැයි මම නුඹට කීවෙමි. නුඹට ප්‍රේම කරමින් මගේ ආත්මය කරණකොට ගෙන නුඹව මා වෙතට ඇද ගතිමි.
ඔව්, ස්වාමිනි! මම ඔබ වහන්සේව අනුගමනය කරමි යැයි නුඹ පැවසු නමුදු නුඹගේ තොල් වලින් පමණක්ම නුඹ මට ප්‍රේම කලාය. නුඹ මට ප්‍රේම කලේ සිතින් නොවේ. නුඹගේ සිත තිබුනේ කොහේ ද කියා මම දනිමි. නුඹව පාපයෙන් මුදන පිනිස මං සේවකයන්ව බොහෝවර මම නූඹ වෙත එච්වෙමි. නමුත් නුඹ සවන් යොමු කලේ නැත. බොහෝ දෙනෙකු මා ගැන දැනගන්නා පිණිස නුඹව මාගේ සේවයට යැවීමට මම කැමති වුයෙමි. නමුත් නුඹ මට නොව ලෝකයාට ප්‍රේමෙ කලාය. මම නුඹව කැඳවීමු. නමුත් නුඹ ඇසුවේ නැත. නුඹගේ පාපයන් නුඹ අත්හැරියේ නැත. යනුවෙන් පැවසු සේක.

ඇය යේසුස් වහන්සේ දෙස බලමින්: “මම කෙලෙස දෙවිමැදුරේ දී යහපත්ව සිටියා ද කියා ඔබ වහන්සේ දන්නා සේක. මම ඔබ වහන්සේගේ සහාවේ සාමාජිකාවක්ව සිටියෙමි. ඔබවහන්සේ උදෙසා මගේ ජීවිතය දිය යුතු බව මම දැන සිටියෙමි. එම කැඳවීමට කෙසේ හෝ කීකරු විය යුතුය කියා මම සිතින් සිටියෙමි” යැයි පැවසුවාය.

යේසුස් වහන්සේ ඇය දෙස සිය දෙනෙත් යොමු කරමින්; ”ස්ත්‍රිය නුබ තවත් බොරුවෙන්ද පාපයෙන්ද පිරි සිටින්නේය. මම නුඹව කැදෙව් නමුත් නුඹ එය පිළිගත්තේ නැත. නුඹ මාගේ සභාවේ සාමාජිකයෙකු සිටින වග සැබෑය. නමුත් එය නුඹව ස්වර්ගයට ගෙන යන්නේ නැත.නුබගේ පාපයන් බොහෝය. නුඹ පසුතැවිලි වූයේ නැත. බොහෝ අයගේ පැකිලීමට නුඹ භේතූකාරක විය. අන් අය නුඹව වේදනාවට පත් කල අවස්ථාවන් වලදී නුබ ඔවුන්ට සමාව නුදුන්නේහිය. නුඹ ක්‍රිස්තු භක්තිකයන් සමඟ සිටින කල, මට සේවය කරන්නේකු ලෙසින්ද මාව අනුගමනය කරන්නෙකු ලෙසින්ද මවා පෑමක යෙදී සිටියෙහිය නමුත් අන්‍ය භක්තිකයින් සමඟ ගැවසෙන කල , බොරු කියමින්, සොරකම් කරමින් නපුරු ආත්ම වලට ඉඩදෙමින් දෙයාකාර ජීවිතයක් ගතකලේය. පටු වු දුෂ්කරවු මාර්ගය නුඹ දැන සිටිය නමුත් නුඹ දෙයා කාරව කථා කලේය. ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියාවු සහෝදර සහෝදරියන් ළිබඳව වැරදි කථා කරමින් ඔවුන්ව විනිශ්චය කලේය. නුඹගේ සිතේ පාපය තිබෙද් දී ඔවුන්ට වඩා නුඹ ශූද්ධ යැයි සිතුවෙහිය. ඇදහිල්ලේ දරුවන් බොහෝ දෙනෙකුගේ මුහුනේ ස්වරුපය බලා ඔවුන්ව විනිශ්චයට පත් කලේහිය. නුඹ ඉතා දැඩිව සිටියෙහිය. නුඹගේ සිත මාගෙන් ඉතා දුරස්ථව නිබුණි.
නමුත් නුඹගේ තොල් වලින් නුඹ මට ප්‍රේම කලෝය. ස්වාමින් වහන්සේගේ මාර්ගය නුඹ දැන එය තේරුම් ගෙන සිටි නමුත් නුඹ ස්වාමින් වහන්සේව සුළු කලෙහිය. නුඹ සැබවින් මට සෙවය කලෙහි නම් නුඹ අද මෙහි සිටින්නේ නැත. මටද සාතන්ටද එකවර සේවය කිරිමට නුඹට නොහැක" යනුවෙන් පැවසු සේක.
යේසුස් වහන්සේ මා දෙසට හැරි: "අන්තිම දවස් වලදී මුලාවීමේ ආත්මයට ඇහුම් කම් දෙමින්, පාපයට සේවය කරමින්, බොහෝ දෙනා ඇදහිල්ලෙන් වැටී යනු ඇත. නුඹ ඔවුන් අතරින් වෙන් වී පිටතට පැමිණ ඔවුන්ගේ මාර්ග වල නොහැසිර සිටිය යුතුය” යනුවෙන්“ පැවසු සේක. අප එම ස්ථානය පසුකරමින් යන මොහොතේ ඳී ගිනිජලාවෙහි දැවුනු ස්ත්‍රීය යේසුස් වහන්සේට සාප කරමින්, දිවුරමින් කෝපයෙන් යුක්තව මොර ගැසුවාය.
තව ඉදිරියට අපි පියවර තැබුවෙමු. ශරිරයේ ඇති විඩාබර ස්වභාවය මට දැනුණි. මෙලෙස අප නිරයේ තචත් වලක් අසලට සමීප වීමු. මම එහි ඇටසැකිල්ලක් දුටුවෙමි. එම වලට සමීප විමට ප්‍රථම දරා ගත නොහැකි මළකුණු දුර්ගන්දයක් දසත වීහිදෙමින් නිබුණි. අන් අයට මෙන්ම මෙම වල අභ්‍යන්තරයේ සිටින්නියටද ඇටසැකිල්ලක් තිබුණි. තම ආත්ම මෙහි සිටින පිණිස, නිරයේ සිටින වුන් කුමන වරදක් කලාද? යැයි සිතමින් මම ඇය දෙස බැලුවෙමි. ඇය යේසුස් වහන්සේ සමඟ කථා කලාය. ''ඇය පවසන්නේ කූමක්ද?" යැයි මම උන්වහන්සේගෙන් ඇසුවෙමි. "ඇය පවසන දෙයට සචන්දෙන්න” යැයි උන්වහන්සේ පැවසු සේක. ඇයගේ ආත්මය කථා කරමින්: මාර්ගය ද සත්යය ද, ජීවනයද යේසුස් වහන්සේ ය. යේසුස් වහන්සේ වෙතින් මිස කිසිවෙකුට පියාණන් වහන්සේ වෙතට යා නොහැක. යේසුස් වහන්සේ ලෝකයට ආලෝකය ය. එම නිසා යේසුස් වහන්ඟේ වෙත පැමිණෙන්න. උන්වහන්සේ නුඹ ගලවන සේක." යනුවෙන් පැවසුවාය. ඇය මෙලෙස පවසන විට නිරයේ සිටි අනික් ආත්ම ඇයට සාප කලහ. සමහර ආත්මං "මෙයින් පිටතට යාමව අපට මඟක් තිබේද? යේසුනි, අප මුදාගත මැනව. අපව ආරක්ෂා කරන්න." යැයි මොරගැසුහ. එස මොරගැසුමේ ශබ්දය සුළඟ සමඟ පැමිනුණි.
”මේ තැනැන්නිය මෙම ස්ථානයේ කුමට දේශනා කරනවාදැයි මම ජේසුස් වහන්සේගෙන් ඇසුවෙමි
උන්වහන්සේ පිළිතුරු දෙමින්, "මම ඇයව, වයස අවුරැදු 30 දී මාගේ වචනය දේශනා කරන පිණිසත්, එම වචනය අනුව සාක්ෂිමත්ව ජීවත් වන
පිණිසත් කැදෙව්වෙමි. මම යම් පුරුෂයෙකුව හෝ ස්ත්‍රීයෙකුව හෝ කුඩා දියණියකුව සේ
පුත්‍රයෙකුව කැඳවන විට මහත් වූ අදහසින් යුක්තව කැඳවන්නෙමි. එම කැඳවිම ඔවුන්
නොසලකා හරිනම් මාගේ ආත්මය ඔවුන්ගෙන් ඇත් වනු ඇත. මෙම වලෙහි සිටින ස්ත්‍රීයට පවා මාගේ කැදවීමට එකග වී බොහෝ වර්ෂ ගණනාවක් මට සේවය කලාය.

මාගේ වචනය ගැබුරු ලෙස අධ්‍යනය කලාය. බොහෝ යහපත් ක්‍රියාවන්හි නියලුනාය. බොහෝ දෙනෙකුව ස්වාමින් වහන්සේගේ මාර්ගය කරා මග පෙන්වූවාය මෙලෙස වර්ෂයක් ගත විය.
එක් දිනක් ඇය, ස්වාමිපුරුෂයා අන් ස්ත්‍රීයෙකු හා අයතා සම්බන්ධ කමක් ඇති බව දන, කෝපයට පත් වුවාය. නමුත් ඇගේ ස්වාමිපුරුෂයා සිය වරද
ඒත්තු ගනිමින්, තම භාර්යාවගෙන් සමාව ඇයද සිටියේය. එසේ වුවද ඇය මට කතා කරමින් "මම ඔබට කලෙමි. නමුත් මාගේ පුරුෂයා අන් ස්ත්‍රීයක් හා සමඟ සබඳකමක් තබා ගෙන තිබේ. ඔහු කලා වූ දෙය හරිද?" යනුවෙන් මගෙන් ප්‍රශ්න කලාය.
එවිට මම ඇය දෙස බලමින් ඔහු සිය වරද පිළිගනිමින් නුඹගෙන් ඇයදීය තව දුරටත් මේ තත්වය ඇතිවීමට නුඹ හේතු වී යැයි කීවෙමි.
දින ගතවත්ම ඇය මාගේ වචනය කියවීම නතර කලාය. යාච්ඥා කිරීම අමතක කර දැමුවාය. තම ස්වාමිපුරුෂයා ගැන කෝපයට පත්වී වියරුවෙන් යුක්කව අන් අයගෙන් පලිගත්තාය. ප්‍රේමය ආදරය සපිරි තිබුණු සිතට මිනීමැරීමේ ආත්මය ප්‍රවිශ්ට විය. එක් ඳිනක් ඇය ඔවුන් දෙදෙනාව මරා දැමුවාය. යක්ෂයා ඇයගෙන් සහමුලින්ම ජයගත් අතර අවසානයේ ඳී ඇය සිය දිව් සනා ගත්තාය." යනුවෙන් පැවසු සේක,
ඇයගේ ආත්මය යේසුස් වහන්සේට කථා කරමින්: "ස්වාමිනී, මාගේ පුරුෂයාට දැන් මම සමාව දෙමි. දැන් මාව මේ වලෙන් ගොඩ ගත මැනව. දැන් මම ඔබගේ චචනය දේශනා කරන බැවින්, මෙහි සිටින යක්ෂයින් මට පීඩාකරති. මා නිදහස් කල මැනව." යැයි යටහත්ව ඉල්ලුවාය.
මෙම මොහොතේ දී මම ස්වාමීන් වහන්සේගේ හස්තය තදින් අල්ලා ගනිමින් "ස්වාමිනි මාගේ සිතේ, තිත්තකම, දැඩි කම ඇති නොවන පිණිස මා රක්ෂා කල මැනව” යැයි පැවසුවෙමි.

3 days ago | [YT] | 136

Bible Word

3 days ago | [YT] | 1,546

Bible Word

පහත් බිමක් (පල්ලමක්) කරා අපි ගියෙමු, එම පහත් බිම ගින්නෙන් යුක්ත විය. එහි වලවල් වල සිටි ආත්ම සිය අත්දිගු කරමින් උපකාර බලාපොලොත්තු විය. එම අත් ඇටකටු වලින් සමන්විතව අළු පැහැයට තිබුණු අතර මාංසය හා රුධිරය එහි නොවීය. "මරණය පමණක් එහි ඇති බව පොළොවේ සැමට පවසන්න." යැයි යේසුස් වහන්සේ කීසේක.
”පොළව නුඹ පසුතැවිලි වෙයන්න, නැත්නම් නූඹ මේ ස්ථානයට පැමිණෙයි. ප්‍රමාද වීමට ප්‍රථම නපුරු දිවිය නිමා කරන්න" යැයි පවසමින් මම ඇඟඬුවෙමි.
නිරයේ තවත් වලක් අසල මම් සිට ගතිමි. වල අභ්‍යනතරයේ සිටියවුන්ගේ දුක්, වේදනා දුටු විට මා ක්ලාන්ත වී ගෙන එන බවක් මට දැණුනි. සිටගෙන සිටීමට පවා පණනැතිව, මම අධිකව සුසුම්ලමින්: "යේසුස් වහන්ස! මගේ වේදනාව වැඩියි.” යැයි කීවෙමි. එම වල අභ්‍යනතරයේ සිටි ස්ත්‍රීය යේසුස් වහන්සේ සමඟ කථා කලාය. ඇය ගිනි මාධ්‍යයේ සිටගෙන සිටියාය. ඇයගේ ඇටකටු මුළුමනින්ම ගින්නෙන් ඇචිලුනි. එමෙන්ම ඇයගේ ඇටකටු, පණුවන්ද නරක් වූ මාංසය ද සහිතව පැවතුණි. ඇවිලෙන ගිනි මාධ්‍යයේ සිටි ඇය යේසුස් වහන්සේ දෙස බලමින්: “ස්වාමිනී, මට අනුකම්පා කරන්න මාව මෙතනින් එලියට ගන්න. දැන් මගේ සිත ඔබවහන්සේට දෙමි. ස්වාමිනි! ඔබගේ සමාවදීම ගැන අන් න මම කියන්නෙමි, මම ඔබට සාක්ෂිකරුවකු වෙමි. මෙයින් මා එලියට ගන්න." යැයි
පැවසුවාය.
යේසුස් වහන්සේ කථා කරමින්: "මෙම ස්ථානයෙන් මිඳීම උදෙසා පාපයෙන් මිදී, පසුතැචිලි වී නුඹලාගේ ජිවිතයට මාව පිළිගන්න, මාගේ ලෙයින් නුඹලාට පාප සමාව ඇත. මම අවංක වු ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්මි. මා වෙත එන සැම සමාව ලබති. එක් අයෙකු හෝ මම ඉවන නොදමමි" යැයි කීසේක.
නැවත යේසුස් වහන්සේ ඇය දෙස බලමින්: "නූඹ මට ඇහුම්කන් දී පසුතැවිලි වුණා නම්, මා විසින් නුඹට සමාව දෙනු ලබනවා ඇත." යනුවෙන් පැවසු සේක. ඇය කථා කරමින් "ස්වාමිනි, මෙයින් පිටවීමට මඟක් නැද්දැයි” ඇසුවාය. යේසුස් වහන්සේ ඉතා ශෝකයෙන් යුක්තව මෘදු හඬින්: "ස්ත්‍රීය නුඹ පසුතැවිලි වන පිණිස මම නුඹට අවස්තාව දුන්නෙමි.

නමුත් නුඹ නුබේ සිත දැඩි කරගනු ලැබීය. සියළුම වේශ්‍යවන් ගිනිවිලට පන්ගුකාර ලබන බව දේව වචනයේ සඳහන් චේ යැයි නුඹ දැන සිටියාය. යනුවෙන් පැවසූ අතර උන්වහන්සේ මා දෙස බලමින්; “මේ ස්ත්‍රීය බොහෝ පුරුෂයින් සමඟ පාපයේ හැසිරෙමින්, බොහෝ පවුල් විනාශයට පත්කර තිබේ. මෙලෙස ඇය බොහෝ පවුල් විනාශ පත් කර තිබේ. බොහෝ අවස්ථාවල ඇයට ගැලවීමට ගෙන එන පිණිස ඇය වෙත බොහෝ දේව සේවකයින් යැව්වෙමි. නපුරු මාර්ග වලින් හැරී එන ලෙස ඇයට පැවසූ නමුත්, ඇය තම නපුරු මාර්ග අත් නොහැරියාය. ඇය යව්වනියක්ව සිටියදී මම ඇයට කැදෙවුවෙමි . ඇය බොහෝ පව් කළ නමුත්, මා වෙත ඇය පැමිණියා නම් මම ඇයට සමාව දෙමි. නමුත් යක්ෂයා ඇය තුළට පැමිණි නිසා ඇය තිත්ත කමින් යුතුව සිටි අතර අන් අයට සමාව නොදුනි. දඩාතේ යන තරුණයින් සොයා දේව මාලිගාවට ගිය ඇය, ඔවුන් සමග වේශ්‍යකම් කළාය. ඇය ඔවුන්ව විනාශ කළාය. මා වෙනුවට පමණක් ඇය පැමිණියා නම්, මාගේ ලෙයින් ඇයගේ සියලු පාපයන් මම සෝදාහරිමි. මට සේවය කරන පිණිස සුළු ආශාවක් ඇයගේ සිතේ තිබුණි. නමුත් සාතන් හා දෙවියන් වහන්සේට එකවර සේවය කළ නොහැක. අප කවරෙකුට සේවය කළ යුතුද කියා, අප විසින්ම තෝරා ගත යුතුය” යනුවෙන් පැවසූ සේක.
නිරයේ භයානකතභ්වය දුටු මගේ හිස සිට පද දක්චා වෙව්ලීමට පටන් ගෙන තිබුණි. අප නිරයේ සත්‍යය සිදුවීම් දැනගැනීම පිළිබඳව යක්ෂයා කැමති නොවේ. බියකරු සිහිනයකදී පවා මම කිසිදු දිනයක මෙවැනි දේවල් නුදුටිමි. "ප්‍රේමණීය යේසුස් වහන්ස, මෙහි අවසානය කවදාද? යනුවෙන් මම ඇසුවෙමි. යේසුස්වහන්සේ කථා කරමින්. කෙලවර දන්නේ පියාණන් වහන්සේ පමණයි. සමාදානයෙන්, ඉවසිලිවන්තව සිටින්න.” යැයි කීසේක. මෙය ඇසු මා කෙරෙහි මහඟු ශක්තියක් ඇතිවිය.
යේසුස් වහන්සේත් මමත් නිරයේ වලවල් පසු කර යන මොහොතේදී වල අභ්‍යන්තරයේ සිටින්නන් පිටතට ඇද දැමිය යුතුය යන සිතුවිල්ලක් මා තුල ඇති වීය. මම සිතින් බෝහෝවර ඇඬුවේමි. මාගේ දරුවන් කිසිදු දිනයක මෙම ස්ථානයට නොපැමිණෙන ජිණිස ක්‍රියා කල යුතුයැයි මම තීරණය කලෙමි.
යේසුස් වහන්සේ මා දෙසට හැරී, ඉතා පහත් ස්වරයෙන්: "අපි දැන් ගෙදර යමු. ගෙදර පැමිණි මම බොහෝ ඇඬුචේම්. දිචා භාගය තුලදී නිරයේ දුටු බොහෝ දේ මම මෙනෙහි කලෙමි. එලෙසම නිරය පිළිබඳවත්, එහි ඇති සිතිය නොහැකි වේදනාවන් පිළිබඳවත්, දිවා භාගයේදී අන්‍යන්ට මම ප්‍රකාශ කෙරුවෙමි.
මේ පොත කියවීමෙහි යෙදි සිටින පාඨකය, ඔබගේ පාපයන් අතහැර පසුතැවිලි වන්න. හෙට දක්වා බලා නොසිටින්න. කාලය ඉතා ඉක්මනින් ගෙවී යයි. දණින් සිට නුඹලාගේ පාපයන් ගැන පසුතැවිලි වී, එකිනෙකාට අවංකව සිටින්න. යේසුස් වහන්සේ උදෙසා එකිනෙකාට ප්‍රේම කරමින් සමාව දෙන්න. කවරකු කෙරෙහි හෝ නුඹලාට ඊර්ෂයාව කෝපය තිබේ නම් සමාව ලබා ගන්න. කවරාකාර කෝපයක් හෝ වේවා, එය අපව නිරයට පමුණුවයි. අපගේ පාපයන්ට යේසුස් වහන්සේ සමාව දුන් ලෙසම අප ද අන් අයට සමාව දී අපගේ පාපයන් ගැන පසුතැවීලි වන කල අපගේ පාප උන්වහන්සේගේ ලෙයින් සෝදා අපව ආරක්ෂා කිරීමට උන්වහන්සේ බලවත්ය. නුඹලාගේ දරුවන්ට ප්‍රෙම කරපල්ලා. නුබට මෙන් නුබේ අසල්වසියන්ටත් අන් අයටන් ප්‍රේමකරපල්ලා" යැයි ස්වාමීන් වහන්සේ සියට සභා වලට කියන සේක. පසුනැවිලි වී ගැලවීම ලබා ගන්න.

4 days ago | [YT] | 326

Bible Word

4 days ago | [YT] | 2,400

Bible Word

4 වන පරිච්චේදය

නිරයේ දකුණු කොටස
පසුගිය රාත්‍රියේ මම නිරයේ ගතකළෙමි. එම නිසා නින්ද මා කරා නොපැමිණි අතර ආහාර රුචිය නම් මා තුල කෙසේවත් නොවීය. සෑම මොහොතකම මම නිරයේ සිටින බව මට දැනුණි. ඇසිපිය වසන වාරයක් පාසා, නිරයේ දසුන් මාගේ දෙනෙත් ඉදිරියේ මැව් මැවී මට පෙනුණි. ගිනිජාලා මැද දැවෙනවුන්ගේ ශෝකී හඬ මාගේ 'දෙසවන අද්දර නිතර නිතර රැව්පිලි රැව් දෙන්නට විය. රූපවාහිණී තිරයේ දිගැහැරෙන සිතුවමක් නරඹන ලෙසින්, මට නිරය  තුලදී ඇසූ දුටූ දේ සිත සිතා වේදනා වින්දෙමි. මෙලෙස සෑම රාත්‍රියකම මම යේසුස් වහන්සේ සමඟ නිරයේ සිටියෙමි. නිරයේ දී මා දුටු සැම ලොවට කියනු පිනිස එයට උචිත වූ වචන සොයනු පිණිස දිවා භාගයේදී මම වෙහෙසුනෙමි.
පසුදින රාත්‍රීයේ යේසුස් වහන්සේ නැවතත් මට පෙනීං "අද රාත්‍රීයේ අප නිරයේ දකුණු පෙදෙසට යාමට නියමිතයි. දියණිය, මම නුඹ සමඟ සිටිමි. මම නුඹට ප්‍රේමකරන බැවින් බිය නොවන්න" යනුවෙන් පැවසූ සේක. ස්වාමින් වහන්සේගේ ඇස්වල ප්‍රේමය පිරි තිබුණි. නමුත් උන්වහන්සේගේ මුහුණ ශෝකානුකුලාව පැවතුනි. දුක් බර මුහුණින් යුතුව උන් වහන්සේ කථා කරමින්; "නිරයේ සිටි සැම, තම ආත්මය විනාශ කරගත් නමුත් මම ඔවුන්ට සදාකල් ප්‍රේමයකින් ප්‍රේම කළෙමියි" යයි පැවසූ සේක.
උන්වහන්සේ නැවනත් මා දෙස බලා: "මාගේ දියණිය, මාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ විසින්, උන්වහන්සේට හෝ සාතන්ට සේවය කරන පිණිස එකිනෙකාව නිදහස් කැමැත්තක් දී තිබුණි. නමුත් දෙවියන් වහන්සේ තම සෙනඟ උදෙසා නිරය සෑදුවේ නැත. සාතන් හා ඔහුගේ දූත සමූහයා උදෙසා  උන්වහන්සේ විසින් එය මවනු ලැබූ සේක. එක් අයෙකු හෝ විනාශ වීම මාගේ පියාණන් වහනසේගේ කැමැත්ත නොවේ.” යයි කී සේක. සිතේ දැඩි වේදනාවෙන් යුත් යේසුස් වහන්සේගේ දෙනෙතින් කඳුළු සැලුනි.
යේසුස් වහන්සේ නැවතවර කථා කරමින්: "මම පැමිණ නිරය නුඹට පෙන්වන්නෙමි. එය අමතක නොකරන්න. අහසත්, පොළවත් කෙරෙහි ඇති සියඵ බලය මා සතුය. සමහර අවස්ථා වලදී  මා  නුඹව අතහැර ගිය බවක් නුඹට සිතේවි. නමුත් මම නුඹ සමඟ සිටීමි. සමහර අවස්ථාවලදී නපුරු බලවේග හා විනාශයට  පත් වූ අත්ම විසින් අපව දකිනු ලබන අතර, සමහර අවස්ථාවන්හිදී ඔවුන් අපව නොදකිති. අප කුමන ස්ථානයට ගියද නුඹ නිහඬව නොබියව මා අනුගමනය කර එන්න යයි පැවසූ සේක,
බොහෝ දින මා  අඬමින්ම කල් ගත කළෙමි. පෙර දින රාත්‍රීයේ මාගේ දෙනෙතින් නිරය තුලදී මා දුටු සෑම සිදුවීමක් ම, මට නිතර මැව් මැවී පෙනෙන්නට විය. මම මා තුලම අඬමින් පසු වුනෙම්. මාගේ ආත්මයද නිතර මොර ගැසීය.
නැවත වර මමත් යේසුස් වහන්සේත් මෙම ගමනට එක් වීමි. මම අඬමින් උන්වහන්සේව අනුගමනය කර ගියෙමි. දැඩි වියලි බවකින් යුත් මාර්ගයක අපි ගමන් කරමින් සිටියෙමු. එහි අපිරිසිදු වාතය පිරී තිබුණි. සැමතින් මළකුණු වලින් වහනය වන දුර්ගන්ධය පැතූරුනි.
 
සමහර අවස්ථා වලදී උදරාබාදයක් වැලදුන කෙනෙක් මෙන් මාගේ උදරය නිතර නිතර මට වේදනා ගෙනදුනි. යේසුස් වහන්සේගේ මුහුණින් විහිදුනු ආලෝක කදම්බයක්, ගිනිවලවල් වලින් නිකුත් වන ගින්නෙහි ආලෝකයන් මිස එහි කිසි ආලෝකයක් නොවීය. සැමත අඳුරින් වටවී ඇති වග, මම දෙනෙතින් දුටුවෙමි. හදිසියේම සියලු ආකාර යක්ෂයින් මා පසු කර ගියහ. යක්ෂ පැටවුන් (කුඩා යක්ෂයින්) අප දෙස බලා ගෙරවුහ.
යක්ෂයින් අතර මහත් පිළිසඳරක් විය. එහි සිටි මහා  යක්ෂයා විසින් කුඩා යක්ෂ සේනාවට දේශනා කරණු ලැබීය. එය නැරඹීම උදෙසං අප එම ස්ථානයේ මඳක් නතර වීමු. යේසුස් වහන්සේ මා දෙස බලමින්: "අපේ දෙනෙතෙට නොපෙනෙන මහත් අශුද්ධ ආත්ම සේනාවක් ඇත." යනුවෙන් පැවසූ සේක. බොහෝ රෝගවලට හේතුකාරක වන යක්ෂයින් එහි සිටියහ. මහා යක්ෂයා, කුඩා යක්ෂයින් දෙස බලා: "පලයල්ලා, නපුරු දේ කරපල්ලා 'ගෙවල් වීනාශ කොට, පවුල් විසුරුවා හැර, ක්ලාන්ත වූ බෙලහීන වූ ක්‍රිස්තියානීන්ව යහපන් මාර්ගයෙන් හැරි යාමට සලස්වාපල්ලා, වැරදි ඉගැන්වීම් දෙමින්, දේව සෙනගව වැටී යාමට සලස්වාපල්ලා, නුඹලා නැවත පැමිණි පසු මම නුඹලාට තෑගි පිරිනමමි. යැයි ප්‍රකාශ කළේ ය.
තවදුරටත් එම යක්ෂයා කතා කරමින්: "සැබවින්ම යේසුස් වහන්සේ තමන්ගේ ගැළවුම්කරු ලෙස පිළිගත් අයගෙන් නුඹලා ප්‍රවේසම් වෙයල්ලා නුඹලාව එළවීමට ඔවුන්ට බලය තිබේ. නමුත් ඔවුහු එය නොදනිති. පොළව මුළුල්ලේහිම පලයල්ලා. මා උදෙසා තව සෙනඟ පොළවේ ඇත තව බොහෝ සේනාවන් එහි යැච්මට මම කැමතිව සිටිමී. අප වනාහි අන්ධකාරයේ ලෝක මුලාදෑනින් සහ ස්වර්ග ස්ථානවල සිටින දුෂ්ඨ ආත්ම බව නුඹලා සිහියේ තබාගනිල්ලා' යැයි පැවසීය.
මෙය ඇසු ක්ෂණයකින් යම් ස්වරූපයක් සහිත වූ අශුද්ධ ආත්ම පිටතට ඉගිලී ගියහ. නිරයේ දකුණු පැත්තේ මුදුනේ දොරවල් තිබුණි. එම ද්චාරයන් හරහා, මා  ඉහත පැවසු අශුද්ධ ආත්ම පිටතට ඉගිලී ගියහ. අප පැමිණී උමඟ මාර්ගය හරහාද සමහර අශුද්ධ ආත්ම පිටතට ඉගිලී ගියහ. මෙම අශුද්ධ බලවේග වල ස්වරූපය මට දැනුණි. පිලිසඳරට සහභාගි වු මහා යක්ෂයා, රූපාකාරයෙන් සම්පුර්ණයෙන් වර්ධනය වු වලසෙකු මෙන්ය. ලී දණ්ඛක පැහැය ඌ සතු  විය. හිසෙහි කෙස් කළු පැහැ ඛු අතර, මුහුණින් ඉදිරියට නෙරා පිහිටි ඇස් ඌ සතු විය. රෝමවලින් ගැවසිගත් අත් සහිත වු අතර, අත්වල ඇති රෝම දිගුව, පහතට වැක්කෙරෙන ලෙස පිහිටා තිබුණි. මුහුනේ රෝම සභිත වු අතර, ඒ අතරින් දත් ඉදිරියට නෙරා පිහිටියේ ය.
තච යක්ෂයෙකුට වීශාල හිසක්, දිගු නිය, විශාල කන් හා දිගු වල්ගයක් සතුවිය. තච යක්ෂයෙකු අශ්චයෙක් මෙන් විශාල වු අතර, එම සිරුර සෙවල සහිත සමකින් යුක්ත වීය. මෙම යක්ෂයාගේ සිරුරේ සිට භයානක දුගදක් හැමිය. එම භයානක දුර්ගන්දයෙන් මගේ බඩ කැලතුනි. මෙවැනි යක්ෂයින් සැමත සිටියහ. යක්ෂ නායකයාගෙන් අන් යක්ෂයින්, කෙලින්ම බලය ලබාගන්නා බව ස්වාමින්වහන්සේ මට කී සේක. නිරයේ ගමන් කල යේසුස් වහන්සේත් මමන් තවත් වලක් අසලට ලඟා වීමු. එම ස්ථානයේ සිට වේදනාවෙන් පිරි, අමතක කල නොහැකි ශෝකී හඬවල් බොහෝමයක් ඇසුනි.  "ස්වාමිනී! ඊලඟ පියවර කුමක්ද?" යැයි මම සිතුවෙමි.
තව ස්ථානයකට අපි පැමිණියෙමු. එහි ගිනි සහ ගෙන්දගම් සහිත වලක් විය, මේ වල අභ්‍යනතරයේ විශාල සිරුරකින් හෙබි මිනිසෙකු මම දුටුවෙමි. ඔහු එහිදී ශුභාරංචිය ප්‍රකාශ කරන වග මට ඇසිම්. යේසුස් වහන්නේ මාගේ සිතුවිලි දැන ගත් අතර, උන්වහන්සේ මට කුමක් ප්‍රකාශ කරයි ද  යැයි මම බලා සිටියෙමි. යේසුස් වහන්සේ මට කතං කරමින්, "මේ මනුෂායා පොළොවේ විසු කල, ශුභාරංචිය ප්‍රකාශකල දේශනාකරුවකු විය. එක්තරා කාලයක් ඔහු මා පිළිබඳ සත්‍ය  කතා කරමින් මට සේවය කලේය." යනුවෙන් පැවසු සේක.
 
එසේ නම් ඔහු මෙහි කුමක් කරනවාද කියා මම විමතියට පත් වුනෙමි.අඩි 6 ක් පමණ උසැති ඔහු, සොහොනේ ඇති අළුවල පැහැය දෑරු ඇටකටු වලින් යුක්ත වූ මිනිසෙකු විය.ඔහුගේ වස්ත්‍රයේ සමහර කොටස් ඇටකටු වල එල්ලි පැවතුණි. නිරයේ ගින්නෙන් ඔහු මුළුමනින්ම දැවුනි. ගින්න බලවත්ව තිබුනද වස්ත්‍ර නොපිලිස්සීම ගැන මම පුදුම වුනෙමි .
දැවී ගිය මාංශය පවා ඇටකටු වලින් එල්ලි වැටුනි. ඔහුගේ හිස්කබල තවම දැවෙන බව මම දුටිමී. 'ඔහු කෙරෙන් භයානක දුර්ගන්දයක් වහනය විය. සිය අතින් පොතක් අල්ලාගෙන සිටින ආකාරයෙන් තම දෙඅත් තබා ගෙන සිටි ඔහු, ඉතා හොඳින් බයිබල් පාඨ කියමින් සිටියේය. 'පොළවේදී සියළු ආකාර හැගීම්, ක්‍රියා  කෙලෙසින් තිබුනා ද, එම හැගීම් සහ ක්‍රියා නිරයෙදී  ඊට වඩා අධික වේ යැයි යේසුස් වහන්සේ කීබව මට මතක් විය. ඔහු බයිබල් පාඨයන් පවසමින් සිටි බැවින් "මෙපමණ හොඳින් ඔහු මෙය කියවනවානේ.................. ” යැයි මම සිතුවෙමි. යේසුස් වහන්සේ ඔහු දෙස බලා, ප්‍රේමයෙන් පිරි හඬින්; ”කෑගහන්න එපා නිහඬ වන්න" යැයි කී සේක, එවිට ඔහු නිහඬ විය. යේසුස් වහන්සේ දෙස බලන පිණිස මම සෙමින් හැරුනෙමි.
ඔහුගේ ආත්ම ඇටකටු තුළ සිර වී තිබුණි. ඔහු යේසුස් වහන්සේට කථා කරමින්: "ස්වාමිනී, දැන් මම සැමට ශුභාරංචිය දේශනා කරමි. දැන් අන් අය වෙත ගොස් මේ පිළිබඳව කීමට ආශාවෙමි. මම පොළොවේ සිටි කාලයේදී, නිරය පිළිබඳව හෝ ඔබ වහන්සේගේ ඊම පිළිබඳව හෝ විශ්වාස නොකලෙමි. නමුත් සෙනඟ එවැනි දේ පිළිබඳව ඇසීමට කැමති විය. එබැවින් මගේ සභාවේ සිටි අයගෙන් සැබෑ දෙය මම වසන් කලෙමි. ඔබ වහන්සේගේ මාර්ගයෙන් බොහෝ දෙනා ඉවත්වී යාමට මම හේතුකාරක වුයෙමි, දිළින්දන් හා අඩුකුලේ පුද්ගලයින්ව මම එපා කලෙමි. ස්වර්ගය පිළිබදවත්, කුමන දේ නිවැරදිද කියාත් මා විසින් ම ඉගැන්වීම් සාදාගතිමි. බොහෝ දෙනෙකු යන මාර්ගය  අතහැර යාමට සැලැස්වුයෙමිය. බොහේ දෙනකූගේ පැකිලිමට මම කාරණයන්ව සිටියෙමි. දිළින්ඳන්ගේ මුදල් මා සතුකර ගතිමි. නමුත් දැන් මට පමණක් එලියට පැමිණීමට දෙන්නේ නම්, මින් පසු මම නිවැරදි දේ කරම්. සභාවේ මුදල් මින්පසු මම නොගනිමි. දැන් මම පසුතැවිලි වී හමාරයි. ජාති භේද, වර්ණ භේද නොමැතිව මම සියල්ලන්ට ප්‍රේම කරන්නෙමි" යනුවෙන් පැවසුවේය, යේසුස් වහන්සේ කථා කරමින් "මාගේ ශුද්ධ වූ වචනය නුඹ විසින් වෙනස් කරමින් පෙන්වා දුන්නා පමණක් නොව, සැබෑව නොපවසා නුඹ බොරු කිවෙහිය. සත්‍යතාවයට වඩා ජිච්තයේ ඇති සැප සෙල්ලමට නුඹ ප්‍රථම තැන දුන්නේය. මම නුඹව හමුව , නැවත නුඹව මා මචතට ඇද ගැනිමට සුදානම් වුනෙමි. නමුත් නුඹ එය එපා කලේය. නුඹ නුඹගේ මාර්ගයෙන් ගිය කල්හි නපුර නුඹට ප්‍රධානව තිබුණි. නුඹ සත්‍යතාවය දැනගත් නමුත් පසුතැවිලිවුනේ හෝ මා වෙත පැමිණියේ නැත. සෑම මොහොකකම මම නුඹ අසල සිට නුඹ උදෙසා බලා සිටියෙමි. නමුත් නුඹ පසුතැවිලි වී නැවත හැරී ආවේ නැත. දැන් නුඹට විනිශ්චය නියමකර අවසානයි" යනුවෙන් පැවසූ උන්වහන්සේගේ මුහුණ ඉතා දුක් බර වීය.
”එම මනුෂ්‍යා ප්‍රේමණිය ගැළවුම්කරුගේ හඬ ඇසුවා නම්, මෙම ස්ථානයේ දැන් සිටින්නේ නැහැනේ" යැයි මම සිතුවෙමි. සෙනගෙනි, මෙයට සචන් දෙන්න. එම පුද්ගලයා පසුබට වී ගිය නමුත් යේසුස් වහන්සේ නැවත වර ඔහුට කථා කරමින්: 'නූඹ සත්‍යතාවය පවසා ඛොහෝ දෙනෙකුව ධර්මිෂ්ඨකමට මඟ පෙන්වුවා චිය හැක. මක්නිසාද සත්‍ය  වූ චචනය ඇසු නොඇදහිලිවන්ත සැම ගිනිව්ලෙහි පංගුකාරකම ලබන බව අවවාදයේ සඳහන් වනවා නොවේද?
 
 
නුඹ කුරුසියේ මාර්ගය සහ ධර්මිෂ්ඨකමේ මාර්ගය දැන නොසිටියෙහිය. සත්‍යතාවය කථා කිරිමට ද නුඹ දැන සිටියෙහිය. නමුත් යක්ෂයා නුඹගේ සිත පිරවූ බැවින් නුඹ පාපයට වැටුණි. කාලක් හෝ භාගයක් හෝ නොව මුළුමනින්ම නුඹ පසුතැවිලි වීය යුතුය. නමුත් දැන් ප්‍රමාද වැඩිය. මාගේ වචනය සත්‍යය එය බොරු නොවේ. නමුත් දැන් කාලය ප්‍රමාද වැඩිය" යනුවෙන් පැවසු සේක. මෙය ඇසූ ඔහු යේසුස් වහන්සේට සාප කරමින් දත්මිටි කෑවේය. "පියාණන්වහන්ස, මොහුට කරුණා කල මැනව." යැයි යේසුස් වහන්සේ කීසේක.
ඉතා අපහසුවෙන් මමත් යේසුස් වහන්සේත් තවත් මිටියාවතකට පැමිණියෙමු. පසුබට වූ දේශනාකරු තව තවත් කෝපයෙන් යුතුව යේසුස් වහන්සේට සාප කරමින් බැණ වදින හඬ ඈතින් අපට ඇසුණි.

5 days ago | [YT] | 130

Bible Word

5 days ago | [YT] | 2,277