'Mahamevnawa' is a group of monasteries founded by Most Ven. Kiribathgoda Gnanananda Thera (Pinwath Loku Swamin Wahanse). Our goal is to teach people the original teachings of the Buddha based on the Tripitaka.
මහමෙව්නාව භාවනා අසපුව
චතුරාර්ය සත්යාවබෝධයට ධර්ම දේශනා
ගෞතම බුදු සසුන තුළ සනාතන රැකවරණය ලබමු.
This channel includes:
🌷 Sermons of Kiribathgoda Gnanananda Thera
🌷 Guided meditation instructions in Sinhala
🌷 Poems (Vandana Kavi) recited by Kiribathgoda Gnanananda Thera, highlighting the qualities of the Buddha, Dhamma, and Sangha
🌷 Chantings of the Paritta and Sutta
🌷 Events conducted by Mahamevnawa Monastery
You may subscribe to this channel if you wish to learn the original teachings of the Buddha for the realization of the Four Noble Truths, which help liberate us from all kinds of suffering.
Contact Info
Mahamevnawa Bhawana Asapuwa
Waduwawa, YatigalOluwa.
Polgahawela,
Sri Lanka
Phone: +94 37 22 44 602 / +94 37 729 4993
WhatsApp: +94742974674
Mahamevnawa
❤️🩹 චූටි අලි පැටියෝ...
මං කුඩා අවදියේ හැමෝ ම එකට හිටියේ. අපේ අම්ම යි, මාමාලා දෙන්න යි, මා යි තරමක් වියළි වනාන්තරයක හිටියේ. ‘පුතේ.... ඔයා මගේ ළඟින් ම ඉන්න..... කොහේවත් තනියම ඈතට යන්න එපා....’ කියලා අම්මා නිතර අවවාද කළා. ඉතින් මං අම්මාගේ පාද අතරේ දැවටි දැවටී, සොඬවැලේ දැවටි දැවටී හිටියේ. සමහර දිනවල අම්මා මාව එක්කරගෙන ලස්සන වැවකට යනවා. වතුරට බහිනවා. මං ඒ වතුරේ හරි සතුටින් ඉන්නේ. එතකොට අම්මා සොඬින් වතුර ගෙන මගේ පිටට විදිනවා. ඒකට මං ගොඩාක් කැමති යි. දිනක් මං අම්මාගෙන් පැණයක් ඇසුවා. ‘අම්මේ.... අපේ තාත්තා කෝ....?’ එතකොට අම්මා හයියෙන් හඬන්න පටන් ගත්තා. අම්මාගේ හඬන ශබ්දයට මාමලා දෙන්න ත් දුවගෙන ළඟට ආවා.
‘අනේ පුතේ.... ඔයාගේ තාත්තා තමයි මේ වනාන්තරයේ හිටිය ලස්සන ම ඇත් රජා!...... සුදු පාට දළ දෙක.... දිළිසෙනවා. ඉතින් දළ මැද්දෙන් සොඬය කරකවමින් ඔයාගේ තාත්තා යනකොට හරී ලස්සනයි පුතේ.... මං ඔයාගේ තාත්තා ගැන හරී ආඩම්බරයෙන් හිටියා. අයියෝ.... මේ මිනිස්සු හරී ම නපුරු යි පුතේ.... ඒ මිනිස්සු නිතර ම කුරුමානම් අල්ලනවා අපට තේරුන. ඉතින් අපි හිටියේ හැංගි හැංගි ම යි. හරි ම බයකින් හිටියේ. දවසක් අපි සවස් වෙලා වැවට ගියා. එදා ඒ නපුරු මිනිස්සු ආවා. ඈත ඉඳන් ඇඟිල්ල දික් කරලා ඔයාගේ තාත්තා ව පෙන්නුවා. මං හොඳට අහගෙන හිටියේ. ‘ආන්න... ඇමතිතුමා.... අරූ තමයි සතා.... බලන්නකෝ ලස්සන.... දළයක් අඩි හයක් හතක් දිග ඇති. .... සෑහෙන ගාණක් වටීවි.’ කියලා ඒ මිනිස්සු කතා වුනා. මගේ ඇඟ හිරි වැටිලා ගියා. ඇඟට පණ නැති වුනා. මේ අනතුර මට හොඳට තේරුනා. මං ඔයාගේ තාත්තාට මෙහෙම කිව්වා. ‘අනේ මෙයා.... අපි මේ වනාන්තරය අතෑරලා වෙන වනයකට යං. මගේ හිතට මහා භීතියක් දැනෙනවා. අර මිනිස්සු කතා වෙන්නේ ඔයා ගැන ම යි.... අනේ මට පිස්සු වගේ....’ එතකොට තාත්තා මෙහෙම කිව්වා. ‘අපි වෙන වනාන්තර කොහෙන් හොයන්න ද? මිනිසුන්ට මුණ නොගැහී පුළුවන් තරම් සැඟවිලා ඉන්න එක තමයි අපට තියෙන්නේ.’
ඉතින් පුතේ.... ඔයාගේ මාමලා දෙන්නා තාත්තා ව වටකරගෙනමයි හිටියේ. ඉහි... ඉහි.... අයියෝ.... ඒත් අපට රැක ගන්නට බැරුව ගියා..... දවසක් ඒ නපුරු මිනිස්සු තාත්තා ව වට කළා. මොකක්දෝ බටයකින් ගිනි බෝලයක් විද්දා..... මහා බිහිසුණු හඬක් ඇසුනා. තාත්තාගේ නළලට යි ඒ ගිනි බෝලය වැදුනේ. තාත්තා වැටුනා..... මං හඬාගෙන දිව්වා. ඈතට ගිහින් බලාගෙන සිටියා. තාත්තා දණගසාගෙන දළ දෙක පොළොවේ ඇණගෙන හඬ හඬා පණ අදිනවා..... අයියෝ.... මං කොහොම ද ළං වෙන්නේ.....? ඉහි... ඉහි....
මං කොහොම හරි ඔය මිනිස්සු කියන ජාතියෙන් එකෙක් ව හරි මරණවා කියලා ඔයාගේ මාමා කෑ ගහලා කිව්වා. ‘අපට යි මේ වනාන්තරය අයිති..... පව්කාරයනේ.... තොපි පලයාව්...’ කියලා ඔයාගේ මාමා හයියෙන් කෑ ගැහුවා. එතකොට ඒ මිනිස්සු ඔයාගේ මාමාගේ පැත්තට ත් ගිනි බටය දික් කළා. ‘අනේ මල්ලියේ..... උන් අපිව ත් මරාවි...... අපි ඉක්මනින් ම පැනගනිමු’ කියලා මං විලාප දුන්නා. ඉතින් අපි ඈතට පැන ගත්තා.
ඉතින් පුතේ..... පසුවදා අපි ආවා. ඉහි... ඉහි... අනේ පුතේ ලේ ගොඩේ තාත්තා මැරිලා හිටියා. අර ලස්සන දළ දෙක නෑ. මං එතනට වෙලා හඬ හඬා හිටියා. එතකොට ඔයා ව මට ලැබෙන්න හිටියේ. මං හරියට දුක් වින්දා. දැන් මගේ ජීවිතේ හරී ම පාළුයි පුතේ. තාමත් හරී ම පාළු යි. ඒ පාළුව වෙන කාටවත් මකන්න බැහැ පුතේ.... ඉහි... ඉහි....
එදා අපේ අම්මා බොහෝ වේලාවක් හඬ හඬා හිටියා. මාත් හැඬුවා. මේ කැලේ රසවත් දේවල් ගොඩාක් අඩුයි. අළුත් දළු තියෙන කොළ වර්ග ඇත්තේ ම නැති තරම්. ඉතින්..... අපි හතර දෙනා.... හිමින් හිමින්.... රහසේම වාගේ..... ගම්මානෙට කිට්ටු වෙනවා. ඈතට අපට සුවඳ දැනෙනවා. ඒවාට කියන්නේ ගොයම් කියලා. ඉතින් අපි හොරෙන් ම ඒ ගොයම් සොයාගෙන යනවා. හොඬවැලෙන් ගොයම් මිටිය කරකවලා හයියෙන් හුස්මක් ඉහළට ඇද්දා ම වී ඔක්කොම කට ඇතුළේ ! ඒවා හරී රස යි. එතකොට මිනිස්සු කෑ ගහගෙන ගිනි පන්දම් අරගෙන එනවා. එතකොට අපි දුවනවා.
දවසක් අම්මා හරි සතුටින් ආවා. හක්කෙ සඟවාගෙන තිබුණු කහපාට තරමක් ලොකු ගෙඩියක් මට දුන්නා. ‘පුතේ.... ඕක කන්න.... හරී රසා..යි. ඕවට මිනිස්සු කියන්නේ වට්ටක්කා කියල යි.’
ඇත්තෙන් ම මාත් ඒක හක්කෙ තියලා තද කළා. වට්ටක්කා නම් හරීම රසා යි තමා.....
‘පුතේ.... ඔයා එන්න ඕන නෑ. මං අදත් රෑට ගිහින් ඔයාට ත් වට්ටක්කා ගෙඩියක් අරන් එන්නම්’ කියලා එදා රෑ අම්ම යි, මාමලා දෙන්න යි පිටත් වුණා. වැඩි වෙලාවක් ගියේ නෑ. මාමාලා දෙන්නා හඬාගෙන දුවගෙන ආවා. පුතේ.... අපි ඉවර යි.... ඔයාගේ අම්මා මැරුණා....’
‘අනේ... මාමේ... කියන්න... කියන්න.... මගේ අම්මාට මොකක් ද වුනේ....?’
‘අනේ පුතේ.... අද අපි වට්ටක්කා හේනට යද්දී පාර අයිනේ ම හොඳ පෙනුමට වට්ටක්කා ගෙඩියක් තිබුනා. ඔයාගේ අම්මා හරි සතුටින් ඒක සොඬින් අරගෙන කටට දා ගත්තා. හක්කට තියලා තද කළා විතර යි ‘ඩෝං...’ ගාලා ඒ වට්ටක්කා ගෙඩිය පිපිරුවා..... පුතේ.... අයියෝ.... මට හිතාගන්න බැහැ..... ඔයාගේ අම්මාගේ සොඬවැල ගැලවිලා වීසි වුනා. හක්ක ගැලවිලා වීසි වුනා. එතන ම ඇදගෙන වැටුනා. අම්මා එතන දඟලනවා..... ඉහි... ඉහි....’
එදා රෑ අපි හඬ හඬා හිටියා. අනේ අපට මේ මොනවා ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අපි පාන්දරින් ම අම්මා බලන්න ගියා. මාමලා මට ඉස්සරවෙලා ගියා. ‘පුතේ.... ඔයාගේ අම්මා මැරිලා නැහැ. එතැනින් නැගිට අමාරුවෙන් මගට ඇවිල්ලා තියෙනවා..... අර ඈත වැටිලා ඉන්නේ අම්මා තමයි.’
ඉතින් අපි එතැනට දිව්වා. අයියෝ.... මට සිහි කරන්න ත් දුක යි. අම්මාගේ සොඬවැල තිබුනේ නැහැ. මට මහත් ආදරෙන් වතුර විදපු ඒ සොඬවැල තිබුනේ නැහැ. කටක් තිබුනෙ ත් නැහැ. සත්තු වටවෙලා කනවා. ඇස් දෙක පියවිලා තිබුනා. කඳුළු වැගිරෙනවා..... අනේ අපි මක් කරන්න ද? අපි හඬ හඬා හැරී ආවා.....
දැන් මං වනයේ තනි වුනා. මං තනියම කැලේ ඇවිද ඇවිද ගියා. දවසක් මිනිස්සු මාව වට කළා. ලණුවලින් ගැටගැසුවා. මගේ ළඟට ම ආවා. මං හොඳට ම බය වුනා. මට මොකුත් කරගන්නට බැහැ. එතැන සිටිය හොඳ මිනිසෙක් මෙහෙම කිව්වා. ‘චූටි පැටියෝ.... අපි ඔයාලට ආදරෙයි.... ඔයාලා මරණ අය නොවෙයි. ඔයාල ව ආරක්ෂා කරන අයයි.... දැන් ඔයා අතරමං වෙලා ඉන්නේ.... බය වෙන්න එපා... ඔයා ව අපි බලාගන්නම්” කියලා මගේ හිස අතගෑවා. එතකොට ම බය නැතුව ගියා. ඉතින් මාව වාහනයක දාගෙන ගොඩාක් දුර ගෙනාවා. එහෙම තමයි මං මෙතැනට ආවේ. මං වගේ ගොඩාක් අලි පැටව් මෙහෙ ඉන්නවා. ඒ අපේ කාගෙවත් අම්මලා තාත්තලා නෑ..... සමහර ළමයි අපිව බලන්න ඇවිත් අපට විහිළු කරනවා..... එතකොට මට හරී දුක යි. එයාලට අම්මා තාත්තා දෙන්න ම ඉන්නවා. මට කවුරුත් නෑ...... ලොකු අලි පවා මෙහෙ දුකෙන් ඉන්නේ..... එයාලා කතා වෙන්නේ ම වනාන්තරයේ තියෙන සැප ගැන යි. ආයෙ කවද්ද වනාන්තරයට යන්නේ කියලා එයලා කතා වෙනවා. මට නම් වනාන්තරයට යන්න ත් බය යි. වනයට ගිහින් කොහොම ද? දළ ආවොත්..... මිනිස්සු මරලා දාවි. වට්ටක්කා ගෙඩිවලට පුපුරන ජාති දාලා දුන්නොත්.... අම්මාට වූ දේ වේවි..... ගොයම් කන්න ගියොත් වෙඩි තියාවි....
දවසක් මහත්තුරු වගයක් ආවා. මාව පෙන්න පෙන්න කතා වුනා. “අපි මේ පැටියාට දීප්ති කියලා නම තිබ්බා. හොඳට හැදිලා ඒවි.....” “ඔව්... ඔව්... මූ නම් ලස්සන පැටියෙක්. මේ පැටියා බලලා තමයි ඇමතිතුමාට වෙන් කරන්න කිව්වේ. වතුවල වැඩ තියෙනවා කිව්වා.....” අනේ... මට හරී බයක් දැනෙනවා. මේ නපුරු මිනිස්සු මැද්දේ මං කොහොම ද තනි වෙලා ඉන්නේ. ඊට වඩා මේ අනාථාගාරයේ ඉන්න එක මට හොඳයි.... අනේ මට නම් ඈතක ගිහින් තනි වෙන්නට බැහැ..... ඉහි.... ඉහි...
හඬන්නෙපා හඬන්නෙපා
අපේ පුංචි අලි පැටියෝ
සසරේ හැටි ඔහොම තමයි
අපේ පුංචි අලි පැටියෝ
පව් කළ විට අපි කවුරුත්
දුක් ඇති තැන උපදිනවා
සැප සතුටක් ආසා කළත්
දුකට ම කැරකී යනවා
ශරීරයෙන් ලොකු වුනාට
අසරණකමෙනුයි ඉන්නේ
හිතේ තියෙන දුක් දොම්නස්
ලොව වෙන කවුරුද දන්නේ
මිනිස් ලොවේ ඉපදුණු විට
කිසිදා පව් කරන්නෙපා
පින් කරන්න ලැබෙන මොහොත
ආයෙ වරද්දන්න එපා!
✍️ පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(උපුටා ගැනීම - 'අනේ!!! අපේ කථාවත් අහන්න' ග්රන්ථයෙනි)
#Kawanthissa #Mahamevnawa #kiribathgodagnananandathero #Mahamevnawabooks
15 hours ago (edited) | [YT] | 218
View 10 replies
Mahamevnawa
🔴 මෙත් සිත් පෙරටුව, ශාසන දයාවෙන් යුතුව ඉල්ලා සිටිමු.
#Mahamevnawa #mihintale #MihinduSeya
19 hours ago | [YT] | 1,065
View 90 replies
Mahamevnawa
2026-10-18 මිහිඳු පුර අටවක දා උදෑසන විශේෂ පූජාව
1 day ago | [YT] | 574
View 27 replies
Mahamevnawa
🧘♂️ සතර සතිපට්ඨානයෙහි ඇතුළත් සමථ විදර්ශනා භාවනා ක්රම පිළිවෙළට ඉගෙන ගන්න කැමති අයටත්, ලැබෙන සුළු විවේකය තුළ සිත සංසිඳුවන භාවනාවක යෙදෙන්න කැමති අයටත් මෙන්න වටිනා ඇප් එකක්!
✨ ඇප් එකෙහි ඇති පහසුකම්:
📥 Offline ශ්රවණය: ඕඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටර්නෙට් නැතිව වුණත් අහන්න පුළුවන්.
❤️ Favorites: වැඩියෙන්ම කැමති භාවනා ඕඩියෝ වෙනම සේව් කරගන්න පුළුවන්.
⏰ Reminders: හැමදාම භාවනා කරන්න අමතක නොවෙන්න සිහිකැඳවීම් වේලාවන් දාගන්න පුළුවන්.
🌙 Sleep Timer: නින්ද යනකම් භාවනා අහන අයට, නියමිත වෙලාවකින් ඇප් එක ඉබේම නතර වෙන්න හදාගන්න පුළුවන්.
🌓 Dark/Light Mode: ඇසට පහසු විදිහට ලා පැහැ සහ තද පැහැ පසුබිම් වර්ණ වෙනස් කරගන්න පුළුවන්.
🚫 කරදරකාරී ඇඩ්ස් (Ads) නැත.
🚫 රෙජිස්ටර් වීමට අවශ්ය නැත.
✅ 100% ක්ම නොමිලේ!
📲 ඔබත් අදම පහත ලින්ක් මඟින් මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න:
Android (Play Store): play.google.com/store/apps/details?id=store.mahame…
iPhone / iPad (App Store): apps.apple.com/us/app/mahamevnawa-bhawana/id681931…
සියලු දෙනා සීලයෙන් වැඩෙත්වා! සමාධියෙන් වැඩෙත්වා! ප්රඥාවෙන් වැඩෙත්වා! 🙏
1 day ago | [YT] | 200
View 12 replies
Mahamevnawa
මහාවංශයේ තිස්හත්වෙනි පරිච්ඡේදයේ 51 වෙනි ගාථාවේ සිට...
1. අනුරාධපුරයේ රජකළ මහසෙන් රජතුමා ඔය අයුරින් අසත්පුරුෂ භික්ෂුවකගේ ඇසුරට වැටීම නිසා දිවි ඇති තෙක් හොඳ හා නරක දෙකම කොට කර්මානුරූපව පරලොව ගියේය.
2. එහෙයින් නුවණැති තැනැත්තා බිහිසුණු විෂඝෝර සර්පයෙකු දුටු විට වහා බැහැර කරන සෙයින් පින් පව් නොහඳුනන අසත්පුරුෂයා හා ඇසුර දුරින් ම දුරුකොට තමාටත් අනුන්ටත් යහපතට හේතුවන දෑ කළයුත්තේය.
3. මහසෙන් රජුගේ අභාවයෙන් පසු එතුමාගේ පුත්කුමරු වන සිරිමේඝවණ්ණ කුමාරයා බු.ව. 845 දී රජබවට පත්විය. ඒ රජු මහාමන්ධාතු රජතුමා සෙයින් ලක්දිවට සියලු සම්පත් ලබාදෙන්නෙක් විය.
4. පවිටු අසත්පුරුෂයන්ගේ වසඟයට ගිය මහසෙන් රජු විසින් විනාශයට පත්කරවන ලද මහාවිහාරයෙහි කලින් වැඩසිටි සියලු භික්ෂූන් වහන්සේලා රැස්කරවා
5. උන්වහන්සේලා වෙත එළඹ වන්දනා කොට අසුන් ගෙන ආදර සහිතව ‘ස්වාමීනී, සංඝමිත්ර නමැති පවිටු භික්ෂුවගේ මිත්රයෙකුව සිටි මපියාණන් වහන්සේ වනසන ලද්දේ
6. කවර කවර නම් වූ දේ දැ’යි විචාළේය. එවිට භික්ෂූන් වහන්සේලා සිරිමෙවන් රජුට ‘මහරජතුමනි, ඔබතුමාගේ පියරජු අප මිහිඳු මහරහතන් වහන්සේ පිහිටුවා වදාළ මහාවිහාර සීමාව උදුරා දමන්ට මහන්සි ගත් නමුත්
7. මහාවිහාර සීමා භූමියේ ඇතුලත පිහිටි බිම්ගෙයක අපගේ භික්ෂූන් වහන්සේලා සත් නමක් සැඟවී සිටියාහුය. එනිසා ඔබතුමාගේ පියාණන්ට ඒ කටයුත්ත කරගන්ට බැරිවිය.
8. ඔබතුමාගේ පියරජතුමාගේ සිතට මහාවිහාරය පිළිබඳ වැරදි අදහස් කාවද්දා පියරජු ලවා ඔය බිහිසුණු පව් කරවන ලද්දේ සෝණ යන ඇමතියාත් පවිටු සංඝමිත්රයනුත් විසිනි.
9. සත්මහල් උසැති උතුම් ලෝවාමහාප්රාසාදය බිඳවා දැම්මේය. නානාප්රකාර මනරම් ගෙවල් ද බිඳවා ඒ සියල්ල මේ මහාවිහාරයෙන් අභයගිරියට ගෙන යන ලද්දාහ.
10. කකුසඳ, කෝණාගමන. කාශ්යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා විසින් වැඩහිඳ පරිභෝග කරන ලද රුවන්වැලි මහසෑ මළුවේ ඒ අනුවණයෝ උඳු වැපිරුවාහුය. අහෝ! අසත්පුරුෂ බාලයන් හා ඇසුරෙහි ඇති බිහිසුණු බව බැලුව මැනව.
11. පියරජු විසින් කරන ලද බැරෑරුම් පව්කම් ගැන ඇසූ සිරිමෙවන් රජු අසත්පුරුෂ බාලයන් හා ඇසුර ගැන කළකිරුණේය. සිය පියරජු විසින් අනුරාධපුරයෙහි වනසන ලද මහාවිහාරයට අයත් සියලු වෙහෙර විහාර යළි ප්රකෘතිමත් කළේය.
12. රජ තෙමේ පළමුකොට ලෝවාමහාප්රාසාදය යළි ගොඩනැංවීය. එය මහාපනාද රජුගේ උතුම් ප්රාසාදය සිංහල දේශය තුළ විදහා දැක්වීමක් බඳු විය.
13. එමෙන්ම පියරජු විසින් වනසන ලද සංඝයාගේ සියලු වාසස්ථාන, පිරිවෙන් ආදිය කරවා ඒවා පෙර තිබූ තැන ම පිහිටුවීය. සංඝයාට උවටැන් කළ ආරාමිකයන් පරිභෝග කරන ලද කෙත් වතු ඈ භෝගයන් සුදුසු ආකාරයෙන් පිහිටුවීය.
14. නුවණ නසාගත් මහසෙන් රජු විසින් මහාවිහාරීය සංඝයාගේ දානාදී ප්රත්ය පහසුකම් නැසූ හෙයින් සංඝයාගෙන් තොරව ගිය ආවාසයන් නුවණින් යුක්ත වූ සිරිමෙවන් රජු යළිත් බොහෝ සංඝයාට වාසස්ථාන බවට පත්කළේය.
15. සිරිමෙවන් රජ තෙමේ පියරජු විසින් කරවන ලද ජෝතිවන විහාරයෙහි අඩාලව පැවති සියලු කර්මාන්තයන් සම්පූර්ණත්වයට පත්කොට නිමා කරවූයේය.
16. මනුජේන්ද්ර රජ තෙමේ සියල්ලට පෙර ශ්රමණරාජ වූ භාග්යවතුන් වහන්සේගේ ඖරසපුත්ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා
17. ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා
18. මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්රතිමා වහන්සේ නමක් කරවා වප් මස පුර අටවකට කලින් සත්වක දා
19. මිහින්තලේට වැඩම කරවා ස්ථවිර අම්බ නමැති අම්බස්ථලයෙහි අටවක් දා වැඩහිඳීමට සලස්වා ඊට පසුවදා වන නවවක දා
20. සිරිමෙවන් රජු සිය අන්තඃපුර ස්ත්රීන් හා ගෙවල් රකින්නන් පමණක් නැතිව අනෙත් සියලු නගරවාසීන් ද දිව්ය සේනා බඳු මහාසේනාවන් ද කැටුව,
21. ශ්රී ලංකාද්වීපයේ වැඩවාසය කරන සියලු භික්ෂූන් වහන්සේලා ද කැටුව, එමෙන්ම නුවර මහා සිරගෙදර මිනිසුන් ද නිදහස් කරවා,
22. මහා දන්සැල් පිහිටුවා, එමෙන්ම සියලු ප්රාණීන්ට බත්වැටුප් දී සියලු උපහාරයන්ගෙන් උපමා රහිත වූ පූජාවන් පවත්වමින්
23. අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් පුත්රුවනක් වූ ශ්රී ලංකාද්වීපයට ශාස්තෘන් වහන්සේ වූ අප මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කිරීමට පෙර ගමන් ගියේ සක්දෙවිඳු භාග්යවතුන් වහන්සේට පෙර ගමන් යන පරිද්දෙනි.
24. අම්බස්ථලයෙහි පටන් අනුරපුර මහා නගරය දක්වා මාර්ගය ඉතා සොඳුරුව සරසවන ලද්දේ විසාලා මහනුවර සිට සැවැත් නුවර දක්වා මාර්ගය සැරසූ කලක් මෙනි.
25. අප මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් වූ ධර්මාශෝක මහාධිරාජයා එදා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ වැඩමවීමේදී කටයුතු කළ අයුරින් සිරිමෙවන් රජු ද මිහිඳු මහරහතුන්ගේ පිළිම වහන්සේ වැඩමවන උත්සවයට භෝගයන් පුදා
26. එහි සිටි දුගී මගී යාචකාදීන් උදෙසා මහදන් පැවැත්වීය. භික්ෂූන් වහන්සේලා උදෙසා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්රත්යය යන සිව්පසයෙන් සතුටු කරවීය.
27. ‘එම්බා මහජනතාවෙනි, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරනා අයුරු මෙසේ බලව’ යි කියා මහා යසස් ඇති සිරිමෙවන් රජතුමා මහත් වූ සත්කාරයෙන් ඒ ප්රතිමා වහන්සේ වැඩමවාගෙන
28. අම්බස්ථලයෙන් පහළට බැස තමන් මුලින් ම ගමන් කරමින් භික්ෂූන් වහන්සේලා ද හාත්පස පිරිවරාගෙන පෙරහැර පැමිණෙන කල්හි
29. පිරිස් පිරිවරාගත් මිහිඳු මහරහතන් වහන්සේගේ රනින් කළ පිළිම වහන්සේ සෝභමානව බැබළී ගියේ කිරි සයුර මැද සන්ධ්යාවෙහි රතු පැහැ ගැන්වී ගිය වළාවේ පැහැයෙන් බබළන මහාමේරු පර්වතරාජයා මෙනි.
30. මේ උත්සවය වනාහී ලෝකනායක වූ අප භාග්යවතුන් වහන්සේ රතන සූත්රය වදාරන්ට විසාලා මහනුවරට මෙසේ ම වැඩි සේකැයි මහජනයාට විදහා දැක්වීමක් බඳුය.
31. ඒ නරාසභ වූ සිරිමෙවන් රජු උතුම් මිහිඳු ප්රතිමා වහන්සේට මේ අයුරින් සත්කාර සම්මාන දක්වමින් අනුරපුර නැගෙනහිර මහාද්වාරය අසළ තමන් විසින් කරවන ලද
32. ස්වස්ථික හැඩය ගත් විහාරයට එදින සවස් වරුවේ එළඹ උතුම් ජිනපුත්රයන් වහන්සේගේ ප්රතිමා වහන්සේ එහි තුන් දිනක් වඩාහිඳුවීය.
33. ඉන් පසු දොළොස්වක දා අප ශාස්තෘන් වහන්සේ පළමුකොට රජගහ නුවර වඩින අවස්ථාවේ සරසන ලද රජගහ නුවර සෙයින් අනුරපුර මහා නගරය ද සොඳුරුව සරසා
34. මහා මිහිඳු ප්රතිමා වහන්සේ ස්වස්ථික හැඩය ගත් විහාරයෙන් පිටතට වැඩමවා මහාසාගර රළ ඝෝෂාව සෙයින් නගරයෙහි මහා උත්සව පවත්වන කල්හි
35. මහා විහාරයට වැඩමවාගෙන අවුත් ජය ශ්රී මහා බෝමළුවෙහි තුන් මසක් වඩාහිඳුවා ප්රවේශ කරවා එසේ පවත්වන ලද විධීන් අනුව නුවරට
36. වැඩමවාගෙන අවුත් අනුරාධපුරයෙන් ගිණිකොණට වෙන්ට රජමාලිගාව අසළින් මහා මිහිඳු ප්රතිමා වහන්සේ උදෙසා අලංකාර විහාරයක් කරවීය.
37. විසාරද වූ සිරිමෙවන් රජතුමා අප මිහිඳු මාහිමියන් සමග සිරිලක වැඩි ඉට්ඨිය, උට්ඨිය, සම්භල, භද්දසාල, සුමන හා භණ්ඩුක යන ස්ථවිරයන් වහන්සේලාගේ ද පිළිම වහන්සේලා කරවා මහා මිහිඳු පිළිම වහන්සේ සමගින් එහි වඩාහිඳෙව්වේය.
38. මහනුවණැති ඒ රජු පිළිම වහන්සේ වඩාහිඳුවන ලද විහාරයට ආරක්ෂාව සලස්වා පුදපූජාවන් පිණිස වියහියදම් ද ලබාදී වාර්ෂිකව මේ අයුරින් ම උපහාර පූජෝත්සව පවත්වන්ට රාජ නියෝග කළේය.
39. සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණ මේ ලංකාද්වීපයෙහි රජ බවට පත්වූ සියලු රජවරු රජුගේ රාජාඥාව රකිමින් මහා මිහිඳු ප්රතිමා වහන්සේට පැවැත්විය යුතු පූජා විධිවිධාන අද දක්වා නොකඩවා ආරක්ෂා කරත්.
40. ඉන් පසු මහා පවාරන දිනයේදී මහා මිහිඳු ප්රතිමා වහන්සේ නගරයෙන් මහා විහාරයට වැඩමවා වාර්ෂිකව වප් මස දහතුන් වෙනිදා පුද පූජාවන් පවත්වන්ට නියෝග කළේය.
#SriMihinduPuraAtawaka #Mihintale #Poson #Mahamevnawa #Mahawanshaya
2 days ago | [YT] | 418
View 15 replies
Mahamevnawa
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සහ ආදාහන පූජෝත්සවය
2 days ago | [YT] | 43
View 0 replies
Mahamevnawa
#WisdomForYouth #Mahamevnawa
3 days ago | [YT] | 153
View 1 reply
Mahamevnawa
මෙවර "දම් සුවඳ" වැඩසටහනට සහභාගී වන ඔබට මලියදේව මහ රහතන් වහන්සේගේ අපූරු ජීවිත විස්තර සහ ඡ ඡක්ක සූත්රය ඇතුළත් වටිනා දහම් පොතක් ධර්මදානයක් ලෙස පිරිනැමේ.
#DamSuwanda #Mahamevnawa
4 days ago | [YT] | 426
View 16 replies
Mahamevnawa
ශ්රී මිහිඳු පුර අටවක - 2286
(2026 ඔක්තෝබර් මස 18 ඉරිදා)
අෂ්ටාංග උපෝසථ සීලය සමාදන්ව,
ආමිෂයෙන් හා ප්රතිපත්ති පූජාවෙන්
අපගේ ආදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට
උපහාර හා කෘතගුණ දක්වමු.
#SriMihinduPuraAtawaka #Mahamevnawa #MihinduMahaRahathanWahanse
5 days ago | [YT] | 826
View 29 replies
Mahamevnawa
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි පවත්වනු ලබන "දම් සුවඳ" මාසික දහම් වැඩසටහනේ මීළඟ වැඩසටහන....
📅 ඔක්තෝබර් 17 (සෙනසුරාදා)
⏰ ප.ව. 2:00 සිට 5:00 දක්වා
දහම් සුව විඳිනු රිසි පින්වත් ඔබටත් මෙත් සිතින් ආරාධනා..!
#Mahamevnawa #දම්සුවඳ #වැලිමඩ_සද්ධාසීල_ස්වාමීන්වහන්සේ #පොල්ගහවෙල #Polgahawela #WelimadaSaddhaseelaThero #DamSuwanda
6 days ago | [YT] | 434
View 4 replies
Load more