Vidusara Online is your go-to science education platform, offering expert discussions, scientific reviews, and fascinating stories based on history and research. Join us for insightful conversations with doctors, scientists, and professors as we explore the wonders of science. Subscribe for evidence-based knowledge from Sri Lanka’s trusted science magazine!
Vidusara Online
සාම්ප්‍රදායික උදලු වර්ග
අතීතයේ සිටම ගොවිතැන මෙරට ජනතාවගේ ජීවන රටාව සමග බැඳී තිබුණී. ප්‍රධාන ලෙස ගොඩ සහ මඩ ගොවිතැන් කටයුතු සිදු කළ අතර, ගෙවතු වගාව ද සිදු කරන ලදි. ගොවිතැන සඳහා භාවිත වූ උපකරණ අතර උදැල්ල යනු එදා මෙන්ම අදටත් අත්‍යවශ්‍ය උපකරණයකි. උදලු මිට සඳහා ශක්තිමත් දැව වර්ග යොදාගෙන ඇත. ඒ සඳහා කිතුල්, මිල්ල, වල්වේවැල්, දොඹ, කැට කෑල වැනි ශාක දැව භාවිත කළ බව පෙනේ. මිල්ල ශාකයෙන් සාදාගන්නා මිට වඩා ජනප්‍රිය ය. ශක්තිමත් හා කෘමින්ගෙන් හානි නොවීම මත ඉතා කල්පැවැත්මක් සහිතය. පෝරු උදැල්ල වැනි මඩ ගොවිතැනේ භාවිත උදලු සඳහා වල් වේවැල් මිට යොදාගනු ලබයි. දොඹ මිට ශක්තිමත් හා සැහැල්ලු වෙයි කැටකෑල මිට වියළි කලාපයේ ගොවිතැන සඳහා යොදාගනු ලබන උදලු සඳහා භාවිත කෙරෙයි. කොළඹ ජාතික කෞතුකාගාරයේ අංක 15 දරන සාම්ප්‍රදායික කෘෂිකර්ම මැදිරියේ විවිධ හැඩැති උදලු කිහිපයක් ප්‍රදර්ශනයට තබා ඇත.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න සැප්තැම්බර් 30 විදුසර අලුත් ම කලාපය බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline #TraditionalHoes #Udalu #SriLankanAgriculture
2 hours ago | [YT] | 24
View 0 replies
Vidusara Online
පුස්තකාල විද්‍යාවෙන් 'පුස්තකාලය හා තොරතුරු විද්‍යාවට'
පුස්තකාලය සහ තොරතුරු විද්‍යාව (Library and Information Science - LIS) යනු ලේඛනගත තොරතුරු නිර්මාණය, තේරීම, සංවිධානය, ප්‍රලේඛනගත කිරීම, සංරක්ෂණය, කළමනාකරණය, සමුද්ධරණය (Retrieval) සහ සන්නිවේදනය ආදී සියලු පැතිකඩ, විධිමත් පර්යේෂණාත්මක ක‍්‍රමවේද මඟින් අධ්‍යයනය කරනු ලබන විෂය ක්ෂේත්‍රයකි. මෙම හර විෂයයන් මේ වන විට තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, සන්නිවේදනය ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් සමඟ බැඳී පවතින අන්තර්-ශික්ෂණ (interdisciplinary) අධ්‍යයන ධාරාවකි. ස්පාඤ්ඤයේ අකොරුනියා සරසවියේ (A Coruña University) මහාචාර්ය බ්‍රියෝ (A' Bereijo) පෙන්වා දෙන ආකාරයට‚ පුස්තකාලය හා තොරතුරු විද්‍යාව පර්යේෂණාත්මක හා විද්‍යාත්මක දිශානතියකින් යුක්ත වේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න සැප්තැම්බර් 30 විදුසර අලුත් ම කලාපය බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline #LibraryAndInformationScience #LIS #LibraryScience #informationscience #Interdisciplinary #Research #Education #IT #Psychology
4 hours ago | [YT] | 18
View 0 replies
Vidusara Online
සඳ මත අලුතෙන්ම හටගත් විශාලම ආවාටය හමු වේ.
NASA ආයතනය සඳහන් කරන පරිදි සෞරග්‍රහ මණ්ඩලය තුළ අලුතෙන්ම හටගෙන තිබෙන විශාලම ආවාටය චන්ද්‍රයා මත සෑදී ඇති බව ඔවුන්ගේ Lunar Reconnaissance Orbiter (LRO) නම් කක්ෂගත යානය මඟින් සොයාගෙන තිබේ. 2009 වසරේ සිට වසර 17ක කාලයක් චන්ද්‍රයා වටා කක්ෂගතව පවතින LRO Wide Angle Camera
උපකරණය මඟින් මෙම ආවාටය මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 2024 වසරේ මැයි මස දී ය. එහෙත් 2025 වසරේ ඔක්තෝබර් මස වන තුරුම හඳුනා නොගත් එය පසුව එම ඔක්තෝබර් 24 වෙනි දින එහි දත්ත ප්‍රයෝජනයට ගෙන LRO විද්‍යාඥ රොබට් වැග්නර් විසින් චන්ද්‍රයා මත අලුත් ආවාට පිරික්සීමේ දී සොයාගන්නා ලදි.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න සැප්තැම්බර් 30 විදුසර අලුත් ම කලාපය බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline #MoonCrater #LRO #NASA #LunarReconnaissanceOrbiter #Moon #NewCrater #AsteroidImpact #SpaceDiscovery
1 day ago | [YT] | 56
View 1 reply
Vidusara Online
නාගරික අසමානතාව අඩු කළ ඉපැරණි මොහෙන්ජෝදාරෝ නගරය
නූතන ලෝකයේ නගර යනු අසමානතාවයේ තෝතැන්නකි. එසේම, නාගරික දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට අදාළ ඉඩම්, ලෝකයේ වඩාත්ම මිල අධික ඉඩම් වර්ගවලින් එකක් වී තිබේ. එය, ධනය රාශිභූත කරගන්නා බිලියනපතියන් ආකර්ෂණය කර ගන්නේ, සිය ධනය ගබඩා කිරීමේ හා පුරෝකථනය කළ හැකි ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාවෙනි. නිව් යෝර්ක්හි ප්‍රවේශ මාර්ග, පැරීසියේ මංමාවත් සහ ඩුබායිහි විස්මයජනක අහස උසට නැඟුණු ගොඩනැගිලි, ධනවතුන් තව තවත් ධනවත් කිරීමෙහි සමත් වේ. එනමුත් ඒවා අන් සියලු දෙනාටම නාගරික ජීවිතයේ පිරිවැය ඉහළ නංවන්නේය. කෙසේ වුවද, ධනවතුන් නොවන බොහෝ දෙනෙකු නගර වෙත ඇදී එමින්, ලොව පුරා නාගරිකත්වයේ අඛණ්ඩ ව්‍යාප්තියක් වර්ධනය කරමින් තිබේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline #MohenjoDaro #UrbanInequality #AncientCity #IndusValley #Urbanization #CityPlanning #History #UrbanStudies #Inequality
1 day ago | [YT] | 31
View 0 replies
Vidusara Online
ළමා මොළයේ ජීව විද්‍යාත්මක රහස 👶🏻🧠
(The biological secret of the child's brain)
දරුවෙකුගේ හැසිරීම යනු, මොළය තුළ සිදුවන සංකීර්ණ ජීව විද්‍යාත්මක හා ස්නායු විද්‍යාත්මක (Neuroscience) ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. දරුවෙකු මෙලොවට බිහි වූ පසු, පරිසරය සහ අත්දැකීම් සමඟ ඔවුන්ගේ මොළයේ සිදුවන සුවිශේෂී ව්‍යුහාත්මක හා රසායනික වෙනස්කම් නවීන පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.
එබැවින් ළමා හැසිරීම් පිටුපස ඇති ප්‍රධාන ජීව විද්‍යාත්මක සාධක සහ මොළයේ ක්‍රියාකාරිත්වය මෙසේ හඳුනා ගනිමු.
#vidusara #vidusaraonline #ChildBrain #Neuroscience #ChildDevelopment #BrainScience #ChildBehavior #Biology #Parenting #EarlyChildhood #BrainDevelopment #synapticpruning
1 day ago | [YT] | 51
View 1 reply
Vidusara Online
චීනයෙන් හමුවූ පියාපත් සහිත ඩයිනසෝරයා පක්ෂි පරිණාමය පිළිබඳ මතවාදයන් අභියෝගයට ලක් කරයි
චීනයේ ඊසානදිග ප්‍රදේශයෙන් අලුතින් සොයාගන්නා ලද පිහාටු සහ පියාපත් සහිත ඩයිනසෝර ෆොසිලයක්, පක්ෂීන්ගේ සහ ඩයිනසෝරයන්ගේ පරිණාමය පිළිබඳව මෙතෙක් පැවති විද්‍යාත්මක මතවාදයන් අභියෝගයට ලක් කර තිබෙනවා. මෙම නවතම සොයාගැනීම පිළිබඳ පර්යේෂණ වාර්තාව 'Nature Communications' විද්‍යාත්මක සඟරාවේ පසුගිය දා ප්‍රකාශයට පත් ව තිබුණා.
සුවිශේෂ ලෙස සංරක්ෂණය වී තිබූ මෙම ෆොසිලය 'මයික්‍රොරැප්ටෝරීන්' (Microraptorine) නමැති ඩයිනසෝර කාණ්ඩයට අයත් වනවා. පර්යේෂකයන් විසින් සිදු කරන ලද ගැඹුරු විශ්ලේෂණවලට අනුව, මෙම ඩයිනසෝර පරිණාමයේ දී දක්නට ලැබෙන ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම්වලින් 30% ක් පමණ...
Full Article :- tinyurl.com/mrx6ryyh
#vidusaralk #vidusaraonline #vidusara #FeatheredDinosaur #Microraptorine #BirdEvolution #DinosaurFossil #China #NatureCommunications #Paleontology
1 day ago | [YT] | 58
View 1 reply
Vidusara Online
ළාබාලතම පිටසක්වළ ග්‍රහලොව හඳුනා ගැනයි
NASA Exoplanet Archive නම් පිටසක්වළ ග්‍රහලෝක පිළිබඳ ලේඛනයට මේ ලියන මොහොතේ ඇතුළත්ව තිබෙන ග්‍රහලෝක 6,366 අතරෙන් අඩුම වයසක් ඇති පිටසක්වළ ග්‍රහලොව වාර්තා කිරීමට තාරකා විද්‍යාඥයන් සමත් වී තිබේ. ඔපියුකස් තාරකා මණ්ඩලය තුළ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 450ක් දුරින් නිර්මාණය වී තිබෙන මෙම ළදරු ග්‍රහලොව Elias 2-24b නමින් හඳුන්වන අතර, එය අපේ බ්‍රහස්පති ග්‍රහලොව තරම් ස්කන්ධයක් ඇති යෝධ ළදරුවෙකු වේ. එය උපත ලැබූ ප්‍රාග් ග්‍රහලෝක තැටියට අයත් කරකැවෙමින් පවතින වායු සහ දූවිලි අතර තවමත් රැඳී තිබෙන මෙම ළාබාලම පිටසක්වළ ග්‍රහලොවේ වයස අවුරුදු මිලියනයකටත් වඩා අඩු ය.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න සැප්තැම්බර් 30 විදුසර අලුත් ම කලාපය බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline
2 days ago | [YT] | 80
View 1 reply
Vidusara Online
සැප්තැම්බර් 30 විදුසර පුවත්පතේ සඳහන් පැනයට පිළිතුරු ලබා දී S & T Group වෙතින් පිරිනැමෙන විද්‍යා ප්‍රබන්ධ කෘතියක් තෑගි දිනන්න!
නිවැරැදි පිළිතුර මෙම link එක ඔස්සේ යොමු කරන්න.
tinyurl.com/mppc55s8
Sci-Fi Quiz 1 ජයග්‍රාහකයා- ජේ. ඒ. නිසල් ඕෂධ රුක්ෂාන් (දෙවිනුවර)
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline #Giveaway #ScienceFiction #Win #STGroup #SciFiAdventure
2 days ago | [YT] | 31
View 0 replies
Vidusara Online
Starliner යානය යළි නියමු මෙහෙයුම් සිදුකරනු ඇත්තේ 2028 දී බව NASA කියයි
Boeing සමාගම විසින් නිපදවන ලද Starliner අභ්‍යවකාශ යානය යළිත් ගගනගාමීන් රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගමන් කිරීමට තවත් වසර දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි NASA ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව Starliner යානයේ මීළඟ මිනිසුන් සහිත මෙහෙයුම 2028 වසරේ දී සිදු කිරීමට අපේක්ෂා කෙරෙනවා.
NASA ආයතනයේ නවතම සැලැස්මට අනුව, එම මෙහෙයුමට පෙර Starliner යානය ගගනගාමීන් නොමැති පරීක්ෂණ මෙහෙයුමක් සඳහා යොමු කිරීමට නියමිතයි. එය 2026 දෙසැම්බර් මාසයේ හෝ 2027 ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට සැලසුම් කර තිබෙනවා. එම පරීක්ෂණය සාර්ථක වීමෙන් පසු පමණක් මිනිසුන් රැගෙන යන ඊළඟ මෙහෙයුම සඳහා අවශ්‍ය සහතිකකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇති.
Starliner වැඩසටහනේ ගැටලු අලුත් ඒවා නොවෙයි. එහි පළමු අභ්‍යවකාශ ගමන 2019 දෙසැම්බර් මාසයේ දී සිදු වූ අතර, එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අසමත් වුණා. යානයේ පරිගණක පද්ධතියේ වේලාව සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය වැරදි කක්ෂයකට ඇතුළත් ව තිබුණා.
2022 මැයි මාසයේ දී සිදු කළ දෙවැනි ගගනගාමීන් රහිත පරීක්ෂණය මගින් යානය ISS වෙත සාර්ථකව ළඟා වීමට සමත් වුවද, එම ගමනේදී ද යානයේ ත්‍රස්ටර් දෙකක අක්‍රියතාවක් වාර්තා වුණා. කෙසේ වෙතත්, Starliner වැඩසටහනේ වඩාත්ම අවධානයට ලක් වූ ගැටලු ඇති වූයේ 2024 වසරේ සිදු කළ පළමු මිනිසුන් සහිත පරීක්ෂණ ගමනේ දීයි.
2024 ජූනි මාසයේ දී සුනි විලියම්ස් සහ බච් විල්මෝර් යන NASA ගගනගාමීන් දෙදෙනා Starliner යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කළා. එය සැලසුම් කර තිබුණේ දින 10ක පමණ...
Full Article :- Full Article :- tinyurl.com/3ndwx94j
#vidusaralk #vidusaraonline #vidusara #Starliner #Boeing #NASA #ISS #SpaceX #CrewDragon #SunitaWilliams #ButchWilmore
2 days ago | [YT] | 29
View 0 replies
Vidusara Online
විදුසර විද්‍යා සඟරාව | 2026 සැප්තැම්බර් 30 අලුත් ම කලාපය දැන් වෙළෙඳපොළේ...
විද්‍යාත්මක තොරතුරු රැසක් සපිරි මේ සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
ළඟම පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඔබේ පුවත්පත අදම වෙන්කරවා ගන්න.
#vidusaralk #vidusara #science #vidusaramagazine #stampsuspsholiday #NASA #ANTS #books #library #reading
2 days ago | [YT] | 40
View 0 replies
Load more