The Thurstan College Buddhist Association extends our warmest wishes to our respected Principal on his special day. 🙏
May you be blessed with good health, happiness, strength and continued success as you lead Thurstan College towards greater achievements. May your guidance and dedication continue to inspire generations of Thurstanites. 💙💛❤️
There’s so much more to come. 🙌 From meaningful projects and special programs to events, activities and moments that bring our Thurstan community together — stay connected and be part of the journey.
Thurstan College Buddhist Association
Happy Birthday Dear Principal Sir !
The Thurstan College Buddhist Association extends our warmest wishes to our respected Principal on his special day. 🙏
May you be blessed with good health, happiness, strength and continued success as you lead Thurstan College towards greater achievements. May your guidance and dedication continue to inspire generations of Thurstanites. 💙💛❤️
#birthdaywishes
#thurstanbuddhist
#tcba
#2026/27
2 weeks ago | [YT] | 17
View 1 reply
Thurstan College Buddhist Association
STAY CONNECTED WITH TCBA ✨️
There’s so much more to come. 🙌
From meaningful projects and special programs to events, activities and moments that bring our Thurstan community together — stay connected and be part of the journey.
📲 Follow & Join Our Official Platforms
▫️️ Whatsapp Group : chat.whatsapp.com/CdgeVVrhfY9CPLB6qVLqPT
▫️️Whatsapp Channel :
whatsapp.com/channel/0029VamyePREquiVGGVH4N1k
▫️️ Instagram: www.instagram.com/tcba__official?stkn=MW5sZHFobXln…
▫️️ YouTube: youtube.com/@thurstancollegebuddhistassoc?si=wJ1sh…
▫ Facebook : www.facebook.com/share/1BfoGcmoxg/
Join & stay connected with us !!
#stayconnected
#thurstanbuddhist
#tcba
#2026/27
2 weeks ago | [YT] | 7
View 0 replies
Thurstan College Buddhist Association
🌸 ධම්මපද ගාථාව
“ මනෝපුබ්බඞ්ගමා ධම්මා,
මනෝසෙට්ඨා මනෝමයා;
මනසා චේ පදුට්ඨේන,
භාසති වා කරෝති වා;
තතෝ නං දුක්ඛමන්වේති,
චක්කංව වහතෝ පදං ”
*සියලු ධර්මයන්ට සිත පෙරටු වේ. සිත ප්රධාන වේ. සිතින්ම ඒවා හටගනී. යම් පුද්ගලයෙක් දූෂිත සිතින් කතා කරන්නේ හෝ ක්රියා කරන්නේ නම්, ගැල ඇදගෙන යන ගොනාගේ පාදය පසුපස යන රෝදය මෙන් දුක ඔහු පසුපස පැමිණේ.*
බිනර පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට ආගමික, ඓතිහාසික, ශාසනික හා ආධ්යාත්මික වශයෙන් අතිශය වැදගත් පුණ්යමය දිනයකි.
බුදු දහමේ අමා දහරින් සිත් නිවා සනසන මේ පින්බර බිනර පුන් පොහෝ දිනයේ, යහපත් සිතින් පින් දහම් කරමින් ධර්මයේ මඟට ළං වීමටත්, සම්බුදු සසුනේ චිරස්ථිතියට දායක වීමටත් අප සැමට ශක්තිය ලැබේවා!
🪷 ධර්මයේ සුවඳින් සිත් පහන් වන පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා!
#POYADAY
#THURSTAN_BUDDHIST
#TCBA
#2026/27
2 weeks ago | [YT] | 4
View 0 replies
Thurstan College Buddhist Association
6 සහ 7 ශ්රේණි සිසුන් සදහා පවත්වන සති පාසල භාවනාමය වැඩසටහන
සැප්තැම්බර් මස 25 වැනි දින උදෑසන 8 සිට විද්යාලයීය ප්රධාන ශාලාවේ දී පැවැත්වේ.
#ThurstanBuddhist
#TCBA
#2026/27
2 weeks ago | [YT] | 3
View 0 replies
Thurstan College Buddhist Association
🔊 COMING SOON
A Tradition Continues !
Its almost 77 years, Thurstan has been more than a school — it has been a bond shared by generations of Thurstanites.
Now, a familiar tradition returns. 🤍
The Thurstan College Buddhist Association White T-Shirt — simple, timeless and proudly Thurstan.
WEAR THE PRIDE.
CARRY THE TRADITION.
PRE-ORDERS OPENING SOON.
Stay tuned... ✨️
#77YearsOfThurstan
#ThurstanPride
#WearThePride
#ThurstanBuddhist
#TCBA
#2026_27
3 weeks ago | [YT] | 8
View 0 replies
Thurstan College Buddhist Association
" ඉවසීම, යහපත්කම, දානය සහ සත්යය ජීවිතය උතුම් කරයි " 🙏
අක්කෝධයෙන් ක්රෝධය ජය ගැනීම, යහපත්කමින් නපුර පරාජය කිරීම, දානයෙන් මසුරුකම දුරු කිරීම සහ සත්යයෙන් අසත්යය පරාජය කිරීම මනුෂ්ය ජීවිතය උසස් කරන ගුණධර්ම වේ. මෙසේ කටයුතු කරන පුද්ගලයා සමාජයේ ගෞරවයට පත්වන අතර, තම සිතද සන්සුන් කරගෙන යහපත් ජීවිතයක් ගත කරයි. බුදුදහම මඟින් උගන්වන්නේ නපුරට නපුරෙන් නොව, යහපතෙන්ම ප්රතිචාර දැක්විය යුතු බවයි.
#ජීවිතයටඔවදනක්_13
#Thurstan_Buddhist
#TCBA
#2026/27
1 month ago | [YT] | 8
View 0 replies
Thurstan College Buddhist Association
🪷✨ කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහර අදයි! ✨🪷
දින ගණනාවක් පුරා පැවැති අසිරිමත් පෙරහර මංගල්යයේ කූඨප්රාප්තිය සනිටුහන් කරමින්, 2026 අගෝස්තු 27 වන දින පස්වරු 6.43ට මහනුවර පුරවරය වර්ණවත් කරමින් අභිමානවත් අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි. 🐘🌸🪔
ශ්රී දළදා මාලිගාවේ මහනුවර ඇසළ පෙරහර මංගල්යයේ අවසන් අදියර වන මෙම රන්දෝලි පෙරහර, ශ්රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේ අභිමානය, සම්ප්රදාය හා ආධ්යාත්මික උරුමය ලොවටම විදහා දක්වන අසිරිමත් අවස්ථාවකි. 🇱🇰🙏
දළදා සමිඳුන්ගේ ආශීර්වාදය පෙරදැරි කරගනිමින්, සධාතුක කරඬුව පෙරටු කරගත් මහා පෙරහරේ අලංකාර නර්තන, වාදන හා සංස්කෘතිකාංගවලින් මහනුවර පුරවරය අද රාත්රියේ අසිරිමත් වනු ඇත. 🪷🐘✨
මේ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්යයයි… 2026
අපේ උරුමය • අපේ සංස්කෘතිය • අපේ අභිමානය 🇱🇰❤️
🙏🪷 ශ්රී දළදා සමිඳුන්ගේ පිහිට හා ආශීර්වාදය සැමට ලැබේවා!
#KandyEsalaPerahera2026
#RandoliPerahera
#ThurstanBuddhist
#TCBA
#2026/27
1 month ago | [YT] | 8
View 0 replies
Thurstan College Buddhist Association
“සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා - සියලු පව් නොකරන්න, කුසල් රැස්කරන්න.”
බුදු දහමේ උතුම් පණිවිඩය සිත් තුළ තවත් ගැඹුරින් රෝපණය කරමින්, ශ්රද්ධාවෙන් හා පින්බර සිතින් සැමට ධර්මානුකූල දිවිමඟකට පිවිසීමට සිහිගන්වන නිකිණි පුන් පොහෝ දිනය අදයි.
මෙම උතුම් පොහෝ දිනයේදී දානයෙන්, ශීලයෙන් හා භාවනාවෙන් පින් රැස් කරගනිමින්, සිතෙහි ඇති වන අකුසල් සිතුවිලි දුරු කර මෛත්රිය, කරුණාව, ඉවසීම සහ අනුකම්පාව වර්ධනය කරගැනීමට අප සැමට හැකි වේවා.
බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයෙහි ගමන් කරමින්, තමන්ටත් අන් අයටත් සැනසීම ගෙන දෙන යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්ය ධෛර්යය හා නුවණ සැමට ලැබේවා.
සියලු සත්වයන්ට සෙත, සාමය, සතුට හා නිරෝගී සුවය උදාකරන,
පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! 🌕🙏
#Poyaday
#ThurstanBuddhist
#TCBA
#2026/27
1 month ago | [YT] | 2
View 0 replies
Thurstan College Buddhist Association
“ඛන්ති පරමං තපෝ තිතික්ඛා – ඉවසීම උතුම්ම තපසයි.”
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ප්රථම ධර්ම දේශනය සිහිපත් කරන, ශ්රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ අභිමානය වූ ශ්රී දළදා වහන්සේගේ ඇසළ පෙරහරේ ආධ්යාත්මික මහිමය විදහා දක්වන, අති උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.
බුදු දහමේ අගය ලොව පුරා ප්රචාරය වූ මෙම පින්බර දිනයේ, දානය, ශීලය හා භාවනාවෙන් සිත පිරිසිදු කරගනිමින්, කරුණාව, මෛත්රිය, ඉවසීම සහ යහපත් ගුණ වගා කරමින් ධර්මාලෝකයෙන් දිවිමඟ ආලෝකමත් කරගැනීමට සැමට ශක්තිය ලැබේවා.
සියලු ලෝකවාසීන්ට සාමය, සතුට, නිරෝගී සුවය හා සෙත සලසන,
පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🌕🙏
#poyaday
#ThurstanBuddhist
#TCBA
#2026/27
2 months ago | [YT] | 8
View 1 reply
Thurstan College Buddhist Association
" යහපත් සිත, සියලු කුසල් ක්රියාවන්ගේ ආරම්භය වේ " 🙏
මෙම ගාථාවෙන් පෙන්වා දෙන්නේ සියලු ක්රියාවන්ට මූලික වන්නේ මිනිසාගේ සිත බවයි. සිත නපුරු සිතුවිලිවලින් පිරී තිබේ නම්, එයින් සිදු කරන කතා සහ ක්රියා ද අයහපත් වේ. එවැනි ක්රියාවල ප්රතිඵල ලෙස දුක හා අවාසනාව අනිවාර්යයෙන්ම ලැබේ. එබැවින් සෑම විටම සිත පිරිසිදුව, යහපත් සිතුවිලිවලින් පෝෂණය කරගෙන ජීවත් වීම බෞද්ධ ජීවිතයේ වැදගත් ඉගැන්වීමකි.
#ජීවිතයටඔවදනක්_12
#Thurstan_Buddhist
#TCBA
#2026/27
2 months ago | [YT] | 9
View 0 replies
Load more