💐📔 Welcome to Iro’s Diary 📔💐
මගේ Channel එකෙන් ඔයාලට Cooking Videos, Travel Videos වගේම Lifestyle Videos බලන්න පුලුවන් 😍♥️
අලුත් videos බලන්න මගේ Channel එක Subscribe කරලා, ළගම තියන bell icon 🛎 එක click කරන්න ♥️
පහල දාලා තියන links වලින් ගිහින් මගේ Facebook, Instagram page like කරන්න, follow කරන්න අමතක කරන්නත් එපා ♥️
With Love
Iro’s Diary 📔💐
Iro’s Diary
මේවගේ ලස්සන sponge වලින් හිත හදාගෙන ඉදුල් හෝදන්නේ කොහොමද? 🥹❤️
Kitchen items ටිකක් ගන්න ගිය වෙලේ මෙන්න මේ ලස්සන ලස්සන කෑලිබෑලි ටිකක් rack එකක තියනවා දැකලා හිතුවා “අනේ හරි ලස්සන ලොකු Magnets වගයක්, එකක් ගන්න ඕනේ fridge එකේ අලවන්න” කියලා 🤭. ළගට ගියාම තමා දැක්කේ මේ pack එකේ sponge කියලා ගහලා තියනවා 🫣😂
මේවා හොද ඉදුල් හෝදන්න නෙවෙයි ලස්සන බල බල ඉන්න.. මං ආසා නිසාම මට මේවගෙන් set 3ක්ම අරගත්තා ඉතිං 😁❤️
8 months ago | [YT] | 12
View 0 replies
Iro’s Diary
නිදිනැති රැයවල්, කැපකිරීම්, අලුත් අත්දැකීම්, අභියෝග එක්ක ගෙවුන ආදරණීය අවුරුද්දක සැමරුම 🥰
මං pregnant වෙලා මාස 5කින් ලංකාවෙන් එද්දිම හිතාගෙන ආවේ පුතාගේ අවුරුද්දෙ birthday එකට ලංකාවට එනවා කියලා. මගේ අම්මා, අක්කි දෙන්නා ඇරෙන්න මේ වෙනකන් මගේ අප්පච්චි, මල්ලි, Husbandගෙ ගෙදර කවුරුත් පුතාව දැකලා නෑ. අපි දෙන්නගෙම families දෙකේ පලවෙනිම මුණුබුරා අපෙ පුතා නිසා පවුල් දෙකේම අය පුදුම ආසාවෙන් හිටියේ පුතාගෙ birthday එක හැමෝම එක්ක එකට සමරන්න.
ඒත් තමන්ගේ අය, තමන්ගේ රට අතෑරලා වෙන රටකට එනවා කියන්නේම කැපකිරීම් ගොඩක් කරන්න සිද්ධ වෙනවා කියන එක. මං කොච්චර ආසාවෙන් හිටියත්, මේ සැරේ අපිට ලංකාවට යන්න බැරි වුනා 💔 ඒත් පුතාගේ පලවෙනි birthday එකට කිසි අඩුවක් කරන්නේ නැතුව පොඩිවට ගෙදරම celebrate කරා. පොඩි දරුවෙක්ට birthday celebration කියන දේ තේරෙන්නේ නැති වුනත්, මේ කිසි දෙයක් මතක නැති වුනත්; තමන්ගෙ දරුවගේ උපන්දිනේ පුලුවන් විදිහට උපරිම හොදින් සමරන එක හැම අම්මා අප්පච්චි කෙනෙක්ගෙම හිතේ තියන හරිම ආදරණීය ආසාවක් ❤️🥰
9 months ago | [YT] | 33
View 10 replies
Iro’s Diary
Happy birthday to our greatest gift of all time ❤️🥺
Your presence, your love, your pure smile, and every little part of you make our lives more beautiful every day.
My bubbu, Please don’t grow up so fast 🥺
Forever grateful for the day you arrived into our arms and filled our hearts with endless love.
අම්මයි අප්පච්චි ගොඩක් ආදරෙයි පණ ❤️
9 months ago | [YT] | 33
View 6 replies
Iro’s Diary
රස වගේම ගුණදායක oats bowl එකකින් දවස පටන් ගමු ❤️
- Oats with Almond milk
- අඹ
- කෙසෙල්
- කජු
9 months ago | [YT] | 16
View 0 replies
Iro’s Diary
හිතුන ගමන් Diet කරන්න, healthy කන්න පටන් ගන්න; හැබැයි අය ටික දවසකින් Diet එක අමතක වෙන මං වගේ තව අය ඉන්නවද?🥲
මේ තියන්නේ healthy කාපු දවසක උදේ කෑමඑක 🫢 මෙහෙම කද්දි ඇගටත් හොදයි, සැහැල්ලුයි.. හැබැයි කියන්න දුකයි..කට පාලනය කරගන්න බැරිකමයි, පෙරේතකමයි නිසා මේ වගේ හොද කෑම කන්නේ හරිම අඩුවෙන් 😒
- Weet - Bix with Almond milk
- Greek Yogurt
- Strawberries
- Blueberries
9 months ago | [YT] | 12
View 2 replies
Iro’s Diary
පහුගිය දවස් 2-3 හදපු කෑම වලින් පොඩ්ඩ පොඩ්ඩ Fridge එකේ ඉතුරුවෙලා තිබ්බා. විසිකරන්නත් දුකයි. අනික මං කෑම නාස්ති කරන්න ආසා නෑ. ඒ නිසා ඉතුරු කෑම සේරම දාගෙන හදාගත්ත මගේ දවල් කෑම පිගාන තමා මේ 😌
කෑම විසිකරන්නේ නැතුව මෙහෙම කන එක හොදයි කියලා මං හිතන්නේ 🫢 ඒ වගේම මෙහෙම කද්දි මටනම් මාර රසයි..
- තක්කාලි බිරියානි
- Fried Chicken 🍗
- සුදුබත්
- දෙහි දාලා හදපු සම්බෝල
- Green Apple Curry 🍏
- කරවල
10 months ago | [YT] | 12
View 2 replies
Iro’s Diary
කඩේකින් දෙයක් ගන්න යනවානම් ඒ ඕනෙ දේ විතරක් අරන් එන්න බැරි මං වගේ තව අය ඉන්නවද 🤪
ගෙදරින් ගියේ බබාට සෙල්ලම් බඩු ගන්න 🫢 සෙල්ලම් බඩු අරන් kitchen items තියන පැත්තට නිකන් රවුමක් දාන්න ගියා බලලා එන්න. ගත්තේ නැතත් ලස්සන kitchen items බලන්න මං මාර ආසයි🫢 හැබැයි මේ සැරේ බලලා විතරක් එන්න අමතක වුනා 🤣
10 months ago | [YT] | 15
View 4 replies
Iro’s Diary
අද රෑ කෑමට indian හදන්න ඕනේ කියලා හිතුන නිසා බිරියානි එකක් හදන්න පටන් ගත්තා 🤤
බිරියානිය හදාගෙන යද්දි ඒක විතරක් මදි; හොද indian plate එකක් හදාගන්න තව මොනවාහරි එකතු කරානම් හොදයි නේද කියලා හිත හිත ඉද්දි මතකෙට ආවා De-freezer එකේ ඉන්න පරාටා packet එක 🤪 ඒ සේරම එකතු කරලා හැදුව indian dinner එක තමා මේ 🫢
බිරියානි mix powder එකතු කරන්නේ නැතුව ගෙදර කුළුබඩු වලින්ම හැදුවා. එහෙම හැදුවම බිරියානිය මාරම රසයි, සුවදයි. බිරියානි බත එක්කම chicken ටික තැම්බෙන්න තියලා, chicken ටික හොදට තැම්බුනාම බතෙන් වෙන් කරලා අරන් වෙනම roast කරා.. බිරියානිය එක්ක පරාටා කෑල්ලක් කද්දි පුදුම රසක් තියන්නේ.. බොරුද බලන්න කාලා බලන්නකො දවසක් 😌
පරාටා රොටිය දෙපැත්ත දාලා හොදට පුච්චගෙන රස්නේ පිටම garlic butter ගෑවා.. (මෙහෙම කෑමක් හදන ගමන් කෑල්ලක් දෙකක් කටේ ඔබාගන්න පුරුද්දක් මට තියනවා. ඒක නරක පුරුද්දක්, හැබැයි මට ඒක නවත්තන්න බෑ 🥲. ඒකෙ රස බලද්දි බිරියානි කන්නේ නැතුව එක්කො පරාටා විතරක් කනවා කියලත් හිතුනා 😆)
කලින් දවසෙ පාන් කන්න හදපු චිකන් කරිය ඉතුරු වෙලා තිබ්බ නිසා ඒකෙන් මස් හොදි ටිකක් වෙනම රත් කරලා ගත්තා. කොල පාටක් එකතු වුනාම කෑම ලස්සන වෙන නිසා, Plate එක ලස්සන වෙන්නත් එක්කම ගම්මිරිස් කුඩු ඉහපු පිපිඤ්ඤා පෙති කීපයකුත් තියාගත්තා..
- චිකන් බිරියානි
- රෝස්ට් චිකන්
- සැරට හදපු චිකන් හොද්ද
- ගාර්ලික් බටර් පරාටා
- පිපිඤ්ඤා
10 months ago | [YT] | 12
View 0 replies
Iro’s Diary
❤️🎄🎅🏻 Merry Christmas 🎅🏻🎄❤️
සාමය සතුට උතුරන සුභ නත්තලක් වේවා!! 🎄🎅🏻
මේ තමා අපේ චූටි Keshavගෙ පලවෙනි නත්තල 🥰
මං පුංචි කාලේ ඉදන් හරිම ආසයි නත්තල් ගහක් ගෙදර සාලේ තියනවා දකින්න.. ඉතින් මේ නත්තලේ ඉදන් මගේ චූටි පුතා නිසා ඒ ආසාව ලස්සනට මං දකිනවා. උපතින්ම බෞද්ධ වුනත් නත්තල කියන්නේ මං අවුරුද්දේ ආසාම කාලයක්.. ලංකාවට වඩා මෙහෙ නත්තල් ලොකුවටම සමරන නිසාත්, හැම තැනකම ලස්සන නත්තල් සැරසිලි පිරිලා තියන නිසාත්, පුංචිකාලේ ඉදන් ලොකු වෙන රටේ දේවල් හුරු කරන්න ඕනේ නිසාත් මේ අවුරුද්දෙ ඉදන් අපේ ගෙදරත් නත්තල් සමරනවා 🎄🎅🏻
PC - iro’s Diary
10 months ago | [YT] | 24
View 12 replies
Iro’s Diary
කැමතිම chocolate වර්ගෙ ice cream එකක් කද්දි දැනෙන ඒ සතුට 🥲❤️
youtube.com/shorts/1CGnQHz9h_...
මං මෙහෙ දැනට කාලා තියන රසම, ඒ වගේම මං ආසම ice cream එක තමා මේ 🥹❤️ ලංකාවේ ඉද්දි ferrero rocher චොක්ලට් එක කාලා තිබ්බට ferrero rocher ice cream එක කෑවෙ මෙහෙ ආවට පස්සේ.. මෙහෙටත් මේ ice cream flavor එක introduce කරලා වැඩි කාලයක් නැති තරම්.. hazelnut රස තියන චොක්ලට් swirl ice cream එක වටේට hazelnut chunks එක්ක mix වුන chocolate coating එකත් එක්ක හැපෙද්දි තියන රස මතක් වෙද්දිත් මේ දැන්ම ගිහින් supermarket එකෙන් අරන් කන්න හිතෙන තරම් පිස්සුවක් මේක 🙈❤️
youtube.com/shorts/1CGnQHz9h_...
PC - Iro’s diary
10 months ago | [YT] | 14
View 4 replies
Load more