Sigiri TV Online

🙏 ආයුබෝවන්..! 🙏

SIGIRI TV ONLINE YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

🎙️ "හඬක් අවදි කළ සන්නාමය" සමඟින්, ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, සමාජය සහ වත්මන් සිදුවීම් පිළිබඳ විශ්වාසනීය තොරතුරු, කරුණු සහිත විශ්ලේෂණ මෙන්ම වෙනස්ම කෝණයකින් ඉදිරිපත් කිරීමට අපි කැපවී සිටිමු.

🇱🇰 නිවැරදි තොරතුරු සමඟ දැනුවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමනට ඔබත් අප සමඟ එක්වන්න.

🔔 අලුත්ම වීඩියෝ නරඹන්න, අපගේ නාලිකාව Subscribe කර, Bell 🔔 සක්‍රීය කරන්න.

💜 SIGIRI TV ONLINE සමඟ රැඳී සිටින ඔබ සැමට හෘදයාංගම ස්තුතියි!

🎙️ SIGIRI TV ONLINE – "හඬක් අවදි කළ සන්නාමය."


Sigiri TV Online

දිට්වා ව්‍යවසනයෙන් හානි වූ නිවාස වෙත ලබා දෙන ලක්ෂ පනහක නිවාස ආධාර යටතේ මැදගම කොහුකුඹුර කොට්ඨාසයේ හීන් බණ්ඩා මහතාගේ නිවස වෙත ඊයේ (12) දින මුල් ගල තැබීය. එම අවස්ථාවට මැදගම ප්‍රාදේශීය සභා කොට්ඨාස භාර මන්ත්‍රි විජේතිලක සහොදරයා,කොට්ඨස සංවිධායක ජයනාත් බෙත්මගේ සහොදරයා, ප්‍රාදේශීය සභා ආපධා කළමණාකරන නිළධාරී,වසම් භාර සමෘද්ධි නිළදාරි ඇතුලු රාජ්‍ය නිළදාරී සහ වසමේ සංවිධායක වරුන් සහභාගි විය.

4 hours ago (edited) | [YT] | 36

Sigiri TV Online

Champika Hettiarachchi | දෙරණ TV අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන | NPP SriLanka Politics Program | JVP SriLanka | 2026.10.07

🔹බදු වැඩි කිරීමේ චෝදනා, ආර්ථික ස්ථාවරත්වය සහ ජනතාවට ලබාදෙන සහන පිළිබඳ මතුවන ප්‍රශ්නවලට මෙහිදී කරුණු සහිත පැහැදිලි කිරීම් ඉදිරිපත් කෙරේ.
• පසුගිය වසර දෙක තුළ ආර්ථිකය ස්ථාවර කිරීම, මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ආර්ථිකය කළමනාකරණය කිරීම.
• බදු ප්‍රතිපත්ති, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් සහ අධිකරණයේ ස්වාධීනත්වය.
• කුමාර ජයකොඩි අමාත්‍යවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි කිරීම.
• කුඩා වී මෝල් හිමියන්ගේ ගැටලු, අස්වැසුම සහනාධාරය නිවැරදි පුද්ගලයන්ට ලබාදීමේ වැඩපිළිවෙළ.
• පුනර්ජනනීය බලශක්තිය, ඉන්ධන සම්බන්ධ විශේෂ ව්‍යාපෘති සහ ඒ පිළිබඳ මතුවන විවේචන.
• පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය, වෘත්තීය පුහුණුව සහ 2027 පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා.
• ප්‍රජාශක්ති ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම, ප්‍රවාහන සහ සංචාරක ක්ෂේත්‍රවල ඉදිරි වැඩපිළිවෙළ.
• මෙම සියලු කරුණු පිළිබඳ අදහස් සහ පැහැදිලි කිරීම් චම්පික හෙට්ටිආරච්චි සහෝදරයා ඉදිරිපත් කරන මෙම වැඩසටහන, සම්පූර්ණයෙන් නරඹන්න.

🔸வரி அதிகரிப்பு தொடர்பான விமர்சனங்கள், பொருளாதார நிலைத்தன்மை, மக்களுக்கான நிவாரணங்கள், சுகாதாரத் துறை மாற்றங்கள் மற்றும் நீதித்துறையின் சுயாதீனம் குறித்து இந்த நிகழ்ச்சியில் விளக்கங்கள் முன்வைக்கப்படுகின்றன.
• அஸ்வெசும நிவாரணம், சிறிய அரிசி ஆலை உரிமையாளர்களின் பிரச்சினைகள், புதுப்பிக்கத்தக்க எரிசக்தி, தொழிற்பயிற்சி, 2027 தனியார் துறை சம்பள உயர்வு தொடர்பான பேச்சுவார்த்தைகள், கிராமிய பொருளாதாரம், போக்குவரத்து மற்றும் சுற்றுலாத்துறையின் எதிர்காலத் திட்டங்கள் பற்றியும் கலந்துரையாடப்படுகிறது.
• இந்த விடயங்கள் குறித்து சம்பிக ஹெட்டியாராச்சி சகோதரர் வழங்கும் விளக்கங்களை அறிந்துகொள்ள, முழு நிகழ்ச்சியையும் பாருங்கள்.

🔹This programme discusses tax-related criticism, economic stability amid the Middle East conflict, healthcare reforms, judicial independence, and public relief measures.
• Key topics include Aswesuma assistance, challenges faced by small rice mill owners, renewable energy, fuel-related projects, skills training, discussions on private-sector salary increases for 2027, rural economic development, and future plans for transport and tourism.
• Watch the full programme to hear Champika Hettiarachchi’s explanations on these issues.

🔴..එකතු වෙන්න,
🔰Official Websites
🔹 NPP Official Website: www.npp.lk/
🔸JVP Official Website: www.jvpsrilanka.com/english/

🔰Official YouTube Channels
🔹NPP Sri Lanka – youtube.com/@NPPSRILANKA
🔸JVP Media – youtube.com/@JVPMedia
🔹Anura Dissanayake – youtube.com/@AnuraDissanayake

🔰Disclaimer
🔸සමහර දෘශ්‍ය, ශ්‍රව්‍ය හෝ වෙනත් අන්තර්ගතයන්ගේ නිර්මාණාත්මක අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතු වේ..

🔹Some content included in this video may be copyrighted by its respective owners. This content is presented for news reporting, commentary, public discussion, or educational purposes.

🔸හඩක් අවදිකල සන්නාමය ~ youtube.com/@SigiriTVOnlineOfficial
🔹www.facebook.com/share/1CSTvJ39ci/

👍 Like, 💬 Comment, 📤 Share, 🔔 Subscribe

NPP SriLanka Today,
Champika Hettiarachchi Today Speech,
Champika Hettiarachchi speech today,
NPP Sri Lanka speech,
Champika Hettiarachchi,
NPP Sri Lanka,
National Peoples Power Sri Lanka,
NPP latest speech,
JVP SriLanka,
Sri Lanka political speech,
Sri Lankan politics,
NPP news today,
Sri Lanka news 2026,
NPP 2026,
Sri Lanka current affairs,
Political news Sri Lanka,
Speech highlights,
Full speech today,
Latest political updates,
Sri Lanka election news

#NPPSriLanka #ChampikaHettiarachchi #AKD #JVPSriLanka #Malimawa #NPP #JathikaJanabalaWegaya #JVP #ViralNews #NumberOneNewsPortal #TrendingNews #NewsCenterToday #LatestNews #NumberOneNewsPorta #චම්පිකහෙට්ටිආරච්චි #චම්පිකසහෝදරයා #ශ්‍රීලංකාදේශපාලනය #දේශපාලනපුවත් #දේශපාලනසංවාදය #වත්මන්දේශපාලනය #බදුප්‍රතිපත්ති #බදුගැටලු #සජබ #ආර්ථිකස්ථාවරත්වය #ශ්‍රීලංකාආර්ථිකය #අස්වැසුම #අස්වැසුමසහනාධාරය #සෞඛ්‍යක්ෂේත්‍රය #අධිකරණස්වාධීනත්වය #පුනර්ජනනීයබලශක්තිය #පොහොට්ටුව #බලශක්තිප්‍රතිපත්තිය #වෘත්තීයපුහුණුව #පුහුණුශ්‍රමිකයන් #වැටුප්වැඩිකිරීම් #පෞද්ගලිකඅංශය #ප්‍රජාශක්ති #පෙරටුගාමී #ග්‍රාමීයආර්ථිකය #ප්‍රවාහනක්ෂේත්‍රය #සංචාරකක්ෂේත්‍රය #ශ්‍රීලංකාපුවත්
#SriLankaPolitics #SriLankaPoliticalNews #SriLankaNews #PoliticalDiscussion #PoliticalAnalysis #SriLankaEconomy #EconomicStability #TaxPolicy #TaxDebate #Aswesuma #SocialWelfare #HealthcareReforms #JudicialIndependence #RenewableEnergy #EnergyPolicy #VocationalTraining #SkilledWorkers #PrivateSectorSalaries #SalaryIncreases2027 #RuralEconomy #CommunityDevelopment #TransportSector #SriLankaTourism #CurrentAffairsSriLanka #SankaAmarajith #MujiburRahman #GaminiWaleboda #DumindaNagamuwa #NishanthaJayaweera #AluthParliamenthuwa #SigiriTvOnlineNews

11 hours ago | [YT] | 0

Sigiri TV Online

දකුණු කොරියාවේ තේගු නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක රාජ්‍ය ගෞරවලාභීන්ගේ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ විශේෂ හමුවකට අද (12) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එක් වීමි.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සහජ කුසලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සහ දෙරටේ දරුවන් අතර අත්දැකීම් හුවමාරු කරගැනීම අරමුණු කරගත් මානුෂීය වැඩසටහනක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මීට සමගාමීව, ලබන වසරේදී රටවල් 16ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් දින 11ක විශේෂ වැඩසටහනක් මෙරටදී ක්‍රියාත්මක කිරීමට අදාළ සංවිධානය සැලසුම් කර ඇත. එමගින් කොරියානු දරුවන් සතු සංගීත හා වෙනත් කුසලතා මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ හුවමාරු කරගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි, මෙම මානුෂීය වැඩසටහනේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සම්බන්ධීකාරක සහ දකුණූ කොරියාවේ හන්යොන් කාර්මික අධ්‍යාපන පාසලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) රවීන්ද්‍ර ගයනාත් සිල්වා මහතා ඇතුළු කොරියානු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

1 day ago | [YT] | 64

Sigiri TV Online

"කඩාවැටුණු, ලෝකයෙන් කොන්වූ, ණය වූ රට අද ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංචාරක කර්මාන්තය සහ දූෂණය අවම කිරීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම තියෙන සුභවාදී රටක් බවට පත්වී තිබෙනවා." - 2026.10.11

1 day ago | [YT] | 346

Sigiri TV Online

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා අද (12) පස්වරුවේ සහභාගි වීය.

ශ්‍රී ලංකාව තුළ වරාය නගර, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය, සන්නිවේදනය, සහ යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක නව ආර්ථික අවස්ථා උදාවී ඇති බව මෙහිදී පෙන්වා දුන්නෙය.

ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැඟීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම, අවශ්‍ය නීති හා රෙගුලාසි සම්පාදනය කිරීම සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටින බවත්, ඉදිරි අයවැය ලේඛනයෙන්ද මේ පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කර තිබෙන බවත් සඳහන් කළහ.

විදෙස් ආයෝජකයින් සමග ඉතා හොඳින් සහසම්බන්ධ විය හැකි ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් රටට අවැසි බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙසත් සියලු දෙනාට ආරාධනා කළහ...

1 day ago | [YT] | 288

Sigiri TV Online

රාජ්‍යයට විශිෂ්ට සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා වන කොරියානු ස්වේච්ඡා සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් හමුවෙති

රටට විශිෂ්ට සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා වන කොරියානු ස්වේච්ඡා සංගමයේ සභාපති Deokuju Jung මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූහ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සුබසාධන වැඩසටහන් සහ ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සහාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් රජය සමඟ එක්ව පුළුල් වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

නාමල් උයන නිර්මාතෘ සහ නාමල් උයන ආරණ්‍ය සේනාසනාධිපති වනවාසී රාහුල හිමියෝ ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොරියානු ස්වේච්ඡා සංගමයේ නියෝජිතයන් වන Jungsun Choi, Junyoon Lim, Chaeeun Kim සහ Wonwook Choi යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

அரசுக்கு சிறந்த சேவை ஆற்றியவர்களுக்கான கொரிய தன்னார்வ அமைப்பின் பிரதிநிதிகள் குழு ஜனாதிபதியின் செயலாளரை சந்தித்தது

நாட்டிற்கு சிறந்த சேவை ஆற்றியவர்களுக்கான கொரிய தன்னார்வ அமைப்பின் தலைவர் Deokuju Jung உட்பட்ட விசேட பிரதிநிதிகள் குழுவினர் இன்று (12) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்கவை சந்தித்தனர்.

இதன்போது, இலங்கையில் எதிர்காலத்தில் நடைமுறைப்படுத்த எதிர்பார்க்கப்படும் நலன்புரித் திட்டங்கள் மற்றும் அதற்காக இலங்கை அரசிடமிருந்து எதிர்பார்க்கப்படும் உதவிகள் குறித்து விரிவாகக் கலந்துரையாடப்பட்டது.

இலங்கையிலுள்ள விசேட தேவையுடைய பிள்ளைகளுக்காக அரசாங்கத்துடன் இணைந்து பரந்தளவிலான திட்டமொன்றை எதிர்காலத்தில் நடைமுறைப்படுத்துவது குறித்தும் இங்கு கவனம் செலுத்தப்பட்டது.

நாமல் உயனவின் ஸ்தாபகரும் நாமல் உயன ஆரண்ய சேனாசனாதிபதியுமான வனவாசி ராஹுல தேரர், ஜனாதிபதியின் சிரேஷ்ட மேலதிக செயலாளர் ரோஷன் கமகே, கொரிய தன்னார்வ அமைப்பின் பிரதிநிதிகளான Jungsun Choi, Junyoon Lim, Chaeeun Kim மற்றும் Wonwook Choi ஆகியோரும் இச்சந்திப்பில் கலந்துகொண்டனர்.

Delegation from Korean Volunteer Association Meets Secretary to the President

A special delegation led by Deokuju Jung, President of the Korean Volunteer Association for Distinguished Service to the State, met Secretary to the President Dr Nandika Sanath Kumanayake at the Presidential Secretariat this afternoon (12).

The discussions focused extensively on welfare programmes the association expects to implement in Sri Lanka and the support it hopes to obtain from the Government of Sri Lanka for these initiatives.

Attention was also given to the proposed implementation of a comprehensive programme in collaboration with the Government to support children with special needs in Sri Lanka.

The meeting was also attended by Ven. Wanawasi Rahula Thero, Founder of Namal Uyana and Chief Incumbent of the Namal Uyana Forest Monastery, Senior Additional Secretary to the President Roshan Gamage and Korean Volunteer Association representatives Jungsun Choi, Junyoon Lim, Chaeeun Kim and Wonwook Choi.

1 day ago | [YT] | 50

Sigiri TV Online

දරුවන්ගේ අනාගතයට අධ්‍යාපනයේ නව බලාපොරොත්තුවක්…
පොළොන්නරුව අල්-අස්හර් මුස්ලිම් මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 160ක ආයෝජනයකින් ඉදිවන දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලේ පළමු අදියරේ වැඩකටයුතු අද දින ආරම්භ කෙරිණි.
දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම යනු ගොඩනැගිලි ඉදිකිරීමකට එහා ගිය, ඔවුන්ගේ සිහින සහ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි.
සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවන, බලාපොරොත්තු සහිත හෙට දවසක් ගොඩනැගීම අපගේ අරමුණයි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමත්‍ය ටි බි සරත් මහතා , පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.ජී.ජී. වසන්ත කුමාර මහතා, තමන්කඩුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ගුරු භවතුන්, රාජ්‍ය නිලධාරීන්, මව්පියන් සහ දරු දැරියන් සහභාගී වූහ.

1 day ago | [YT] | 73

Sigiri TV Online

"රට හදන ජන බලය පෙළගැසෙන"
උතුරු කොළඹ ආසනයේ, මට්ටක්කුලිය NPP කොට්ඨාශ මහා සභාව ඊයේ දින (11) උතුරු කොළඹ ජාතික ජනබල වේගය පක්ෂ කාර්යාලයදී පැවැත්වුණා.

මේ සඳහා උතුරු කොළඹ ආසන සංවිධායක සිවනන්දරාජා, මට්ටක්කුලිය කොට්ඨාස සංවිධායක ජෝශප් අමිල, කොළඹ මහනගර සභා මට්ටක්කුලිය කොට්ඨාස මන්ත්‍රීවරුන් වන
සූදීප චන්දන, මොහොමඩ් අස්ලාම්, ශ්‍රිධරන් හා නගරසභා මන්ත්‍රීවරුන් වන සුදාකර්,ඔෂාන් අසංසන හා ගායත්‍රී වික්‍රමසිංහ, මට්ටක්කුලිය කොට්ඨාශ සභාවේ සභාපති M R M රිස්වාන් , උප ලේකම් සඳමාලි ඇතුළු මට්ටක්කුලිය ප්‍රදේශයේ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් සහභාගී වුණා.

1 day ago | [YT] | 62

Sigiri TV Online

“Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීම ඔක්තෝබර් 10 වන දින රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශයේදී සාර්ථකව ආරම්භ කරන ලදි.

දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 02 දින ආරම්භ වූ අතර, ඊට සමගාමිව බදුල්ල දිස්ත්‍රික් දෙවන ගම්මානය මෙලෙස දියත් කෙරුණි. මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක් බෙදා දීම සිදු කළ අතර, දිළිඳු බව තුරන් කිරිම සඳහා ප්‍රජා ශක්ති වැඩසටහන සමග ක්‍රියාත්මක ගෙවතු පොල් පැළ බෙදාදිමේ වැඩසටහන යටතේ පවුල් 250ක් වෙත පොල් පැල 500ක් ද බෙදා දීම සිදු කල අතර, පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මෙම දැවැන්ත ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම මෙන්ම, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීමයි. ඒ අනුව, 2026–2028 කාලසීමාව තුළ නව තැඹිලි වගා ව්‍යාප්තිය සඳහා තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, දැනට පවතින තැඹිලි වගාවන්හි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇත. නව වගා බිම් ප්‍රමාණය පුළුල් කිරීම මෙන්ම පවතින තැඹිලි ගස්වල ඵලදායිතාව ඉහළ නැංවීම තුළින් තැඹිලි නිෂ්පාදනයේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

1 day ago | [YT] | 31

Sigiri TV Online

තුර්කි ජනරජයේ ගරු තානාපති සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා අතර සුහද හමුවක් 2026 ඔක්තෝබර් 12 වන දින පරිසර අමාත්‍යාංශයේදී සිදු විය.

මෙම හමුවට ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුති සමුළුවේ 31 වන සැසිවාරය (COP31) සඳහා වන සූදානම පිළිබඳවය. එම සමුළුව 2026 නොවැම්බර් 9 සිට 20 දක්වා තුර්කියේ අන්තාලියා නගරයේදී තුර්කිය සහ ඕස්ට්‍රේලියාව අතර ඒකාබද්ධ සහයෝගීතාව යටතේ පැවැත්වීමට නියමිතය.

සමුළුවේ සාකච්ඡා හා අදාළ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය සහතික කිරීමේ අරමුණින්, අමාත්‍ය මට්ටමේ නියෝජනයක් සහිත ඉහළ පෙළේ ශ්‍රී ලාංකික දූත පිරිසක් සහභාගී කරවන ලෙස තානාපතිතුමා විශේෂයෙන් ඉල්ලා සිටියේය.

තුර්කිය සහ ශ්‍රී ලංකාව යන දෙරටේම සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම, පොසිල ඉන්ධන මත රඳා පවතින අතර, රට තුළ ස්වභාවික වායු හෝ ඛනිජ තෙල් සම්පත් නොමැති වීම හේතුවෙන් මුහුණ දෙන බලශක්ති අභියෝග පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට සාර්ථකව මුහුණ දීම සඳහා අනුවර්තන මූල්‍ය පහසුකම් සහ දේශගුණික මූල්‍යකරණයේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මීට අමතරව, COP31 සමුළුවට අදාළව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ මුලපිරීම් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන පිළිබඳව ද මා විසින් තානාපතිතුමා දැනුවත් කරන ලදී.

පාරිසරික සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස එම වැඩසටහනේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

සාකච්ඡාව අවසානයේදී, දේශගුණික විපර්යාස ක්ෂේත්‍රය තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන් COP31 සමුළුව කේන්ද්‍ර කර ගනිමින් පොදු පාරිසරික අරමුණු සහ අනාගත දේශගුණික ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමටත් දෙපාර්ශ්වය එකඟතාව පළ කළහ.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම මෙම හමුවේදී යළිත් තහවුරු විය.

1 day ago | [YT] | 40