🙏 ආයුබෝවන්..! 🙏
SIGIRI TV ONLINE YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
🎙️ "හඬක් අවදි කළ සන්නාමය" සමඟින්, ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, සමාජය සහ වත්මන් සිදුවීම් පිළිබඳ විශ්වාසනීය තොරතුරු, කරුණු සහිත විශ්ලේෂණ මෙන්ම වෙනස්ම කෝණයකින් ඉදිරිපත් කිරීමට අපි කැපවී සිටිමු.
🇱🇰 නිවැරදි තොරතුරු සමඟ දැනුවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමනට ඔබත් අප සමඟ එක්වන්න.
🔔 අලුත්ම වීඩියෝ නරඹන්න, අපගේ නාලිකාව Subscribe කර, Bell 🔔 සක්‍රීය කරන්න.
💜 SIGIRI TV ONLINE සමඟ රැඳී සිටින ඔබ සැමට හෘදයාංගම ස්තුතියි!
🎙️ SIGIRI TV ONLINE – "හඬක් අවදි කළ සන්නාමය."
Sigiri TV Online
අමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ට් (Greg Gianforte) මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ දෙරට අතර අනාගත සහයෝගීතාව හා වාණිජ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව සහ ප්‍රධාන විධායක නිලධාරී අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් ද සහභාගී විය.
16 hours ago | [YT] | 66
View 3 replies
Sigiri TV Online
මහජන දිනය | ඔක්තෝබර් 12 (සඳුදා)
පෙ.ව. 8.30 සිට ප.ව. 12.00 දක්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර
සහෝදරයාගේ සහභාගීත්වයෙන්, අංක 43, හිරිඹුර හරස් පාර කාර්යාලයේදී පැවැත්වේ.
16 hours ago | [YT] | 76
View 0 replies
Sigiri TV Online
තමන්ගේම තැනක්,ලස්සන ජිවිතයක්
16 hours ago | [YT] | 24
View 0 replies
Sigiri TV Online
අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කෑගල්ල දිස්ත්‍රික් හමුව
අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කෑගල්ල දිස්ත්‍රික් හමුව අද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ඇතුළු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
පරිසර අමාත්‍යවරයා ලෙසත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නායකයා හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය ධම්මික පටබැදි මහතා , මෙම හමුවට එක්වීය.
ජාතික ජන බලවේගයේ රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේදීත්, පෙර පැවති උද්‍යෝගයටත් වඩා වැඩි උද්‍යෝගයකින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටීම විශේෂත්වයකි. ශාලාව පිරී ඉතිරී යන තරමට ඔවුන්ගේ සහභාගිත්වය ඉහළ මට්ටමක පැවතීම ජනතා විශ්වාසය සහ සාමූහික අරමුණකින් ඉදිරියට යාමේ කැපවීම මැනවින් පිළිබිඹු කරයි.
රට වෙනුවෙන් කැපවී සේවය කළ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අත්දැකීම්, දායකත්වය සහ ශක්තිය රටේ ඉදිරි ගමනට ද මහත් වටිනාකමකි.
එකමුතුවෙන්, විශ්වාසයෙන් සහ අදිටනින් යුතුව රට ගොඩනැඟීමේ ගමන ඉදිරියටම!
16 hours ago | [YT] | 41
View 2 replies
Sigiri TV Online
ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ බදුල්ල දිස්ත්‍රික් දෙවන තැඹිලි ගම්මානය දෙහිගම දි.
“Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීම ඊයේ (10) රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදී.
දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 02 දින ආරම්භ වූ අතර, ඊට සමගාමිව බදුල්ල දිස්ත්‍රික් දෙවන ගම්මානය මෙලෙස දියත් කෙරුණි. මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක් බෙදා දීම සිදු කළ අතර, දිළිඳු බව තුරන් කිරිම සඳහා ප්‍රජා ශක්ති වැඩසටහන සමග ක්‍රියාත්මක ගෙවතු පොල් පැළ බෙදාදිමේ වැඩසටහන යටතේ පවුල් 250ක් වෙත පොල් පැල 500ක් ද බෙදා දීම සිදු කල අතර, පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින් එක්ව සිටියහ. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරනතුනා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී විය.
16 hours ago | [YT] | 10
View 0 replies
Sigiri TV Online
ඉබ්බාගමුව ජනතා රැළිය
16 hours ago | [YT] | 106
View 4 replies
Sigiri TV Online
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කරමින්, රෝගී ජනතාවට කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් සැපයීමේ අරමුණින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුරු සඳහා නවකයන් 436 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (11) පෙරවරුවේ මරදාන ටවර් රඟහල පරිශ්‍රයේදී පැවැත්වුනි
මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන, හර්ෂණී සිටිනාම සහ කේ.පී. යෝගචන්ද්‍ර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, අමාත්‍යාංශ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ පත්වීම්ලාභීන්ගේ දෙමාපියන් එක්ව සිටියහ.
16 hours ago | [YT] | 35
View 0 replies
Sigiri TV Online
ජනතාවට වඩාත් කාර්යක්ෂම, ප්‍රියමනාප සහ ගුණාත්මක පොලිස් සේවයක් වෙනුවෙන්…
පොලිස් ස්ථානයක් යනු නීතිය හා සාමය ආරක්ෂා කරන ස්ථානයක් පමණක් නොව, ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමටත්, සහනයක් හා සාධාරණත්වයක් අපේක්ෂා කිරීමටත් හැකි විශ්වාසනීය ස්ථානයකි.
එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, මහජනතාවට වඩාත් කාර්යක්ෂම, මිත්‍රශීලී හා ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 11ක ගොඩනැගිලි සහ කාර්යාල පහසුකම් ඇතුළු භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා සිදුකළ නිරීක්ෂණ චාරිකාවට නොයෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් මහාතාසහභාගි විය. මේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ඇතුළු නිලධාරීන් ද සහභාගී විය.
භෞතික පරිසරය වැඩිදියුණු කිරීම තුළින් සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, රාජකාරියේ නිරත නිලධාරීන්ට වඩාත් සුදුසු සේවා පරිසරයක් නිර්මාණය කිරීමත්, පොලිස් ස්ථානයට පැමිණෙන සෑම පුරවැසියෙකුටම ගෞරවයෙන් හා සුහදශීලීව සේවය ලබාගත හැකි වාතාවරණයක් ගොඩනැඟීමත් මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ජනතාවට සමීප රාජ්‍ය සේවයක් ගොඩනැඟීම යනු ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව, ජනතාවගේ විශ්වාසය සහ අභිමානය ගොඩනැඟීම ද වේ.
පොළොන්නරුවේ පොලිස් ස්ථාන වඩාත් කාර්යක්ෂම, පහසුකම් සහිත හා ජනහිතකාමී සේවා මධ්‍යස්ථාන බවට පත් කිරීමේ මෙම ප්‍රයත්නය, ජනතාවට වඩාත් ගුණාත්මක රාජ්‍ය සේවයක් සමීප කරවීමේ වැදගත් පියවරකි.
16 hours ago | [YT] | 10
View 0 replies
Sigiri TV Online
දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය මෙන්ම විශාලතම නා වනාන්තරය ද අන්තර්ගත 'ජාතික නාමල් උයන' අපේ රටේ අභිමානවත් ස්වභාවික උරුමයකි. එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ, ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය පසුගියදා (ඔක්තෝබර් 10) පැවැත්විණි.
මෙම සුවිශේෂ අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය සහභාගී වූ අතර, පරිසරය සුරැකීමේ උදාර පණිවිඩය සමාජයට ලබාදෙමින් එතුමියගේ සුරතින් රුක් රෝපණ වැඩසටහනක් ද එහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය:
"අපේ ආණ්ඩුව, පරිසර සංරක්ෂණය කියන දේ වචනයකට විතරක් සීමා කළේ නැහැ. ප්‍රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවලදී සිදුවන පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩිව සිදු කරන්න කටයුතු කළා."
අනාගත පරපුර වෙනුවෙන් අපේ හරිත උරුමය රකින්නට, සොබාදහමට ආදරය කරන අපිත් අත්වැල් බැඳගනිමු!
16 hours ago | [YT] | 45
View 0 replies
Sigiri TV Online
අද (11) ඉබ්බාගමුවදී පැවති 'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' මහා රැලිය
16 hours ago | [YT] | 133
View 5 replies
Load more