This is my life style. You can see what I do day today, where I go, what I like, what I do for my happiness, form of the vlog on my channel.
I do hotel resturant reviews, food vlog , Day vlogs and travel vlogs🔥
You do not want to live as others want, You have to live as you want. That's my way❤️
Contact me for promotion & Collaboration :
📩 gwolfy34@gmail.com
FB Page : Wolfy Girl
🔥 Instagram dm : wolfygirl_vlogs
Wolfy Girl
කෙල්ලෙක්ට “අම්මා” කියන පදවිය ඔටුන්නක් වගේම 👑
කොල්ලෙක්ට “තාත්තා” කියන පදවිය සම්මානයක්❤️
හැබැයි ඒ සම්මානය අතට ගත්තට දරාගන ඉන්න එක ලේසි නෑ..
මොකද… දරුවෙක් ඉපදුණා කියලා දෙන්නෙක් තුන්දෙනෙක් වෙනවා විතරක් නෙමෙයි. ඒ මොහොතේ ඉඳන් ඒ දෙන්නා “පවුලක්” වෙනවා. 👨👩👧
ඒ පවුලේ අම්මාගේ හිනාවත්, දරුවගේ හිනාවත් එකට දකින්න ලැබෙන හැම මොහොතක්ම ඒ තාත්තා ලබන ලොකුම ජයග්‍රහණයක්.
අම්මාට ශක්තියක් වෙලා, දරුවාට ආරක්ෂාවක් වෙලා, හැමදාම ළඟින් ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න ඕනි.
මොකද…
තාත්තෙක්ගේ සැබෑ සම්මානය තියෙන්නේ ඔහුගේ අතේ නෙමෙයි…
ඔහු ආදරයෙන් රැකගන්න පවුලේ සිනහව ඇතුළෙයි. ❤️
3 days ago | [YT] | 5,713
View 69 replies
Wolfy Girl
මේක නම් දැන් පුදුම කෝලමක් උනා 😁
5 days ago | [YT] | 5,873
View 69 replies
Wolfy Girl
කාලෙකට පස්සේ 24 hrs video එකක් බලමු අද හවස 3ට. Ready වෙලා ඉන්නෝ @WolfyVlogs
6 days ago | [YT] | 1,059
View 17 replies
Wolfy Girl
අද vlog එක මොකක් කියලද හිතන්නේ? අද 12.30 වෙද්දි vlog එක දානෝ @WolfyVlogs
1 week ago | [YT] | 791
View 12 replies
Wolfy Girl
අදට හරියටම අවුරුද්දක්… 🥹🌸
අපේ චූටි ලියෝරා බඩියේ ඉන්නවා කියලා අපි දැනගත්තේ… ලස්සන view එකක් තියෙන, කඳු යායක් පේන අපි යන්න ආසම තැනකදී. 🥹🤍
“අපිට පුංචි බබෙක් එන්නයි යන්නේ” කියලා දැනගත්ත ඒ සතුට… අදටත් මතක් වෙද්දි හරි අමුතුම හැගීමක්❤️
මේ අවුරුද්ද ඇතුලත කොච්චර නම් දේවල් උනාද...
ඔයාව hospital එකෙන් අරගෙන එන්න අපිටම කියලා අපි වාහනයක් ගත්තෙත් එදා ඉඳන් ඔයා වෙනුවෙන් හීන දකින්න පටන් ගත්ත නිසාමයි. 🚗👶🏻
බංඩියේ ඉන්නෙ චූටි රෝස මලක් කියලා දැනගත්ත දවසේ, ඔයාගේ තාත්ති තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වුණේ. 🥹💗
තාත්තිගේ ඒ සතුට අදටත් මට මතකයි.
ඔයාව මේ ලෝකෙට ගේන්න සති 3කට කලින්, අම්මි ලොකු බංඩියකුත් උස්සන් සීයයි ආත්තම්මයි එක්ක පන්සල් ගිහින් බුදුන් වැඳලා, ඔයාව බාර කරලා ආවා. 🙏🏻🤍
“අපේ චූටි දුවව නිරෝගීව අපි ළඟට ගෙනත් දෙන්න” කියලා හිතෙන් ප්‍රාර්ථනා කරලා.
ඔයාගේ අම්මි උණකට කැස්සකටවත් බේත් බීපු කෙනක් නෙමේ. කොච්චර කටගැහුවත් ඉන්ජෙක්ශන් කට්ටටත් බයයි. ඒත් ඔයා වෙනුවෙන් අම්මි මේ තරම් වේදනාවන් ඉවසුවේ කොහොමද කියලා අම්මිටවත් හිතාගන්න බෑ.
ඒ හැම වේදනාවක්ම ඔයාගේ එක හිනාවකින් අමතක වෙනවා. 🥹❤️
අද බලද්දි…
එදා අම්මිගේ බඩේ හිටපු ඒ පුංචි රෝස මල,
කටකාර හැඩකාර විසේකාර මාස 3යි දවස් 22ක කෙල්ලෙක්🧚🏻♀️🌸 ඔයාගේ සද්දෙට අපේ ගෙදර ඔක්කොම බයයි 😁
ඉතින්... අදට හරියටම අවුරුද්දක්…
අපේ චූටි ලියෝරා අපේ ජීවිතේට එනවා කියලා අපි දැනගත්ත ඒ ලස්සන දවසට. 🥹🌸
අපේ පුංචි රෝස මල…
අපේ සුරංගනාවි…
අම්මිගෙයි තාත්තිගෙයි මුළු ලෝකෙම ඔයා. ❤️ ආදරෙයි වස්තුව. ඔයාට ගොඩක් පිං මාව අම්මෙක් කරාට 😘
#LiorasWorld #Liora #OurLittleAngel #OurLittleMiracle #FamilyLove
1 month ago | [YT] | 7,623
View 82 replies
Wolfy Girl
ඔන්න vlog එක දාලා තියෙන්නේ 👇👇👇
https://youtu.be/Pwdco5JJGBA?si=jUyDA...
1 month ago | [YT] | 113
View 1 reply
Wolfy Girl
ඔන්න අද 12.30ට @travelwithwolfy1215 chanel එකෙන් හම්බෙමු
1 month ago | [YT] | 3,293
View 21 replies
Wolfy Girl
සෝසේ ගේ මුල්ම ගමන ඔන්ම අද vlog එක 12.30ට @WolfyVlogs
1 month ago | [YT] | 4,936
View 53 replies
Wolfy Girl
Liora එක්ක ගියපු 1st travel vlog එක අගහරුවාදා (11). Subscribe කරලා තියාගන්නෝ 👇👇
@travelwithwolfy1215
youtube.com/shorts/aP4DUilFJy...
1 month ago | [YT] | 4,496
View 40 replies
Wolfy Girl
චූටි සෝසේ ඉස්සල්ලාම එළිබැස්ස දවස 😘
අනේ ඉතින් අපේ කෙල්ලට මාස තුනක් යනකල් මං ඇගිලි ගැනපු තරම්.. අද තමයි ඉස්සල්ලාම එයාව අපි පංසලට එක්කන් ගියේ. දැන් ඉතින් අපි දෙන්නා තනියම ගමන් ගියපු කාලේ ඉවරයි.. යන හැම තැනම දැන් යන්න අපි දෙන්නට චූටි සුරංගනාවියක් ඉන්නවනේ..
එයාව ලැබෙන්න සති 36න් පංසලට ගිය වෙලාවේ ගමේ පංසලේ ලොකු හාමුදුරුවෝ අපි දෙන්නට වෙච්ච භාරේ ඔප්පු කරලා මල් පහන් පූජා කරලා බෝධි පුජාවකුත් තිබ්බා.. ලොකු හාමුදුරුවෝ සෙත්පිරිත් කියලා මේ චූටි අතේ පිරිත් නූලක් ගැටගහපු වෙලාවේ මට මතක් උනේ සති 36න් මං පංසලට ආපු වෙලාවේ ලොකු හාමුදුරුවෝ කියපු දේ...
" පිරිත් නූල මම අතට දෙන්නම් අතේ බදින්නේ නෑ. ඉන්න තැන ලගක තියාගන්න. බබා එක්කගන පංසලට ආවම අපි දෙන්නගෙම පිරිත් නූල් ගැටගහමු "
ඉතින් මේ ද ඒ දවස.....
එහෙනම් ඉතින් අවසරයි මේ චූටි කකුල් මහපොලවට බරක් නොවි නීරෝගීව ගුණයහපත් විදිහට හැමෝගෙම ආදරෙත් එක්ක ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්න.. ඔයාට තෙරුවන් සරණයි මැණික 🥰😘
1 month ago | [YT] | 12,301
View 120 replies
Load more