ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අඳුරු කුටියට...
අතිවිශාල චක්‍රාවාටයක ඉතාම කුඩා අංශුවක් වන, පෘථිවියේ භයානකම සත්ත්වයා වන මිනිසාගේ, තාක්ෂණය,
මිනිස් ලෝකයේ මෙතෙක් නොවිසඳුනු අභිරහස්, මිනිසා විසින් මිනිසාටම නිර්මාණය කරගන්නා ලද අර්බුද, නව තාක්ෂණික මෙවලම් සහ ගුප්ත බලවේග වැනි, රසවත් මාතෘකා ඔබ හා සංවාදයට ගැනීමට,
මෙම වැඩසටහන් මාලාව ඔස්සේ මම බලාපොරොත්තු වෙමි.


Anduru Kutiya

අපි කොච්චර මහන්සි වුණත් මාසෙ අන්තිමට අතේ සතේ නැති වෙන්නේ ඇයි? රටේ ආර්ථිකය වැටුණත්, සාමාන්‍ය පවුල් වලින් ආපු සමහරු මේ පොළොවේම ඉඳන් ස්වාධීන වෙන්නේ කොහොමද?

මේ ගැටලුවට සැබෑ හේතුව තියෙන්නේ අපේ මහන්සියේ නෙවෙයි; කුඩා කාලයේ සිට අපේ යටි සිතට (Subconscious Mind) සමාජයෙන් සහ පවුලෙන් ඇතුල් කරපු "Scarcity Mindset" (හිඟකමේ මානසිකත්වය) ඇතුළේ.

අද වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්නේ:

අපේ මුදල් තීරණ පාලනය කරන subconscious programming එක හඳුනාගන්නා හැටි.

සල්ලි ගැන අපේ ඔළුවට දාපු වැරදි විශ්වාස සහ financial guilt නැති කරගන්නේ කොහොමද?

විද්‍යාත්මක පදනමක් සහිතව යටි සිත නැවත සකස් කර (Neural Rewiring) අවස්ථා හඳුනාගැනීමට මොළය හුරු කරන ක්‍රමය.

📌 මේ සතියේ ප්‍රායෝගික අභ්‍යාසය (Weekly Action Steps):

Belief Audit: කොළයක් ගෙන ඔබ සල්ලි ගැන විශ්වාස කරන සෘණාත්මක දේවල් 5ක් ලියන්න.

The Reframing: ඒ එක එක සෘණාත්මක මතය ඉදිරියෙන් එය බිඳ දමන නව ධනාත්මක යථාර්ථය සටහන් කරන්න.

The 7-Day Complaint Fast: ඉදිරි දින 7 තුළ "සල්ලි නෑ / මට බෑ" යනුවෙන් මැසිවිලි නැගීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.

සම්පූර්ණ වීඩියෝ එකේ ලින්ක් එක:
www.patreon.com/LifeHunt/posts/scarcity-mindset-16…

1 week ago | [YT] | 893

Anduru Kutiya

හෙළ ගීත කෙතේ මහා පහන් තරුව නිවී යයි...

පරම්පරා ගණනාවක රසවින්දනය පෝෂණය කරමින්, සමාජයේ අසාධාරණයට එරෙහිව පවා නිර්භයව හඬ නැගූ අපේ යුගයේ අසහාය ගාන්ධර්වයාණන් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනියන් දැයෙන් සමුගනී.

ඔබ ගැයූ සෑම ගීතයක්ම, ඒ ගැඹුරු හඬ පෞරුෂයත් සිංහල සංගීත වංශකතාව තුළ සදාකාලිකවම ජීවමානව පවතිනු ඇත.

ආදරණීය නන්දා මාලිනී ගුරුතුමියනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා! 🌸🙏

1 month ago | [YT] | 4,640

Anduru Kutiya

අවුරුදු 14ක අම්මා කෙනෙකුට උපදින ළමයෙක්, වයස අවුරුදු 19 වෙද්දී ලෝකයම දන්න Super Star කෙනෙක් වෙනවා... හැබැයි වයස අවුරුදු 20 වෙද්දී, එයාට සිද්ධ වෙනවා තමන්ගේම යාළුවෝ දෙන්නෙක්ව මැරුවා කියන චෝදනාවට මරණ දඬුවම ඉස්සරහා හිටගන්න!"

මේක හිපොප් ලෝකය හොල්ලපු YNW Mellyගේ කතාව...

අද වෙනකොට එයා ඉන්නේ ෆ්ලෝරිඩා හි Broward County Jail එකේ. එයාගේ ඉරණම තීන්දු වෙන දීර්ඝ නඩු විභාගය ඉදිරියේ. චෝදනා සාක්ෂි සහිතව ඔප්පු වුණොත් එයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්, එහෙමත් නැත්නම් **මරණ දඬුවම** හිමිවෙන්න නියමිතයි. තමන්ගේම ලඟින්ම හිටපු හොඳම යාළුවෝ දෙන්නෙක්ව අමානුෂික විදිහට ඝාතනය කිරීම වෙනුවෙන්! මේක ඇත්තක් වුණොත්, රැප් ඉතිහාසයේ සිද්ධ වුණු බිහිසුණුම ද්‍රෝහීවීමක් විදිහට මේක ඉතිහාසගත වේවි.

සම්පූර්ණ කතාව, අද හවසට Dark Files YouTube Channel එකෙන් බලාපොරොත්තු වෙන්න!

1 month ago | [YT] | 1,320

Anduru Kutiya

ජෝන් එෆ් කෙනඩි ගැන වීඩියෝ එකක් ඉල්ලපු අයට ගෙනවා
https://youtu.be/T9a704LYSpo

1 month ago (edited) | [YT] | 54

Anduru Kutiya

හොල්මන් කියල දෙයක් මේ ලෝකේ තියෙනවද?

1 month ago | [YT] | 473