MasterAcademy.lk Master Academy by Chanux Bro - Sinhala eLerning Platform for Online Education


Master Academy

අලුතින් YouTube එන ගොඩක් අය නොදැනුවත්වම කරන මේ ප්‍රධාන වැරදි 7 හදාගත්තොත්, ඔයාගේ Channel එකත් ඉක්මනින්ම සාර්ථක කරගන්න පුළුවන්! 🚀

තව අලුත් දේ ඉගෙනගන්න අපිට Whatsapp මැසේජ් එකක් දාන්න. 👉 0777 959510

​#MasterAcademy #YouTubeSinhala #YouTubeTipsSL #ContentCreationSL #GrowYourChannel

1 day ago | [YT] | 301

Master Academy

එංගලන්තේ Cotswolds වල තියෙන Brum ගේ ගෙදරටම ගිහින් ඇත්ත Brum ව හම්බවුණා! 🚗❤️🇬🇧🐧 ​එයා මට පොඩි රහසක් කිව්වා:

Start early.
Work smart.
Build your wealth.
Retire young.
Mind your own business.

ඒ කිව්වේ...

​වේලාසනින් පටන් ගන්න.
Smart විදිහට වැඩ කරන්න.
තමන්ගේ wealth එක හදාගන්න.
තරුණ වයසෙදිම retire වෙන්න.
අනුන්ගේ ඒවා හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න.

​මම පොඩි හිනාවක් දාලා හිමීට එයාට කිව්වා, "බ්‍රෝ, මම ඔය ඔක්කොම දැනටමත් කරලා ඉවරයි!" 🥰

බෲම්.. පොඩි කාලේ වීරයා ඇත්තටම හම්බුනා 🥰

1 week ago | [YT] | 666

Master Academy

London 🇬🇧 United Kingdom 👑 🐧 YouTube හෝ වෙනත් ඕනෑම content creation ක්ෂේත්‍රයක මුල් කාලය කියන්නේ ලේසි පහසු ගමනක් නෙවෙයි; ඒකට ලොකු මහන්සියක්, කැපකිරීමක් වගේම ඉවසීමක් අවශ්‍ය වෙනවා.

මුල් කාලයේදී අපිට කරන්න තියෙන වැදගත්ම දේ තමයි, ප්‍රේක්ෂකයින්ට ඇත්තටම අවශ්‍ය මොනවද, ඔවුන් කැමති මොන වගේ දේවල් වලටද කියන එක හොයාගෙන, ඒ අයට හරියටම ගැලපෙන වීඩියෝ (content) ලබා දෙන්න පුරුදු වෙන එක. මූලික කාල සීමාවේදී අපේ රසික පිරිසක් (audience) ගොඩනඟා ගන්න නම්, අපේ පෞද්ගලික අදහස් වලට වඩා ප්‍රේක්ෂකයින්ගේ රුචිකත්වයට මුල්තැන දෙන්න අපිට සිද්ධ වෙනවා.

නිරන්තරයෙන්ම අලුත් දේවල් අත්හදා බලමින්, මිනිසුන්ගේ ප්‍රතිචාර අධ්‍යයනය කරමින් මේ ගමන යන්න ඕනෙ ඒ නිසාමයි.
හැබැයි, මේ මුල් අඩිය සාර්ථකව ජයග්‍රහණය කළාට පස්සේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

ස්ථාවර channel එකක් හැදුණාම, ඊටපස්සේ ලෝකේ කොනක හිටියත්, කොයි රටක සංචාරය කළත් කිසිම මානසික පීඩනයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

මුල් කාලයේ කරපු කැපකිරීමේ ප්‍රතිඵලයක් විදිහට, එක නාලිකාවක් විතරක් නෙවෙයි අවශ්‍ය නම් නාලිකා කීපයක් වුණත් පහසුවෙන් පාලනය කරමින්, හිතේ හැටියට විශ්‍රාම සුවය විඳින්න මේ හරියටම ප්‍රමාණවත් පසුබිමක් හැදෙනවා.

ඉතින්, මුල් ටිකේ විඳින දුක අනාගතයේ නිදහස්, සතුටුදායක ජීවිතයකට හොඳම ආයෝජනයක්!

නොමිලේ පොත් ටික ගන්න මෙන්න ලින්ක් එක 👉 masteracademylk.com/download

1 week ago (edited) | [YT] | 486

Master Academy

ගොඩක් අලුත් යූටියුබර්ස්ලට හිතෙන්නේ "අවුරුද්දක් ඉවර වුණ ගමන් මගේ Watch Hours සේරම මැකිලා ගිහින් බිංදුව (0) වෙනවා" කියලා.

ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. YouTube එකේ කවදාවත් එහෙම එකපාරටම ඔක්කොම බිංදුව වෙන්නේ නැහැ.

​අපි මේක කෝච්චියක් (Train) උදාහරණයට අරන් තේරුම් ගමු:
​දින 365 කෝච්චිය: හිතන්න ඔයාගේ Watch Hours ගණනය කරන්නේ හරියටම පෙට්ටි 365ක් තියෙන දිග කෝච්චියකින් කියලා. මේ කෝච්චියේ එක පෙට්ටියක් කියන්නේ එක දවසක්.

​මගීන් කියන්නේ Watch Hours: ඒ හැම පෙට්ටියකම ඉන්න මගීන් ගාණ තමයි ඔයාට ඒ දවසේ හම්බවුණු Watch Hours. ඔයාගේ ඉලක්කය තමයි මුළු කෝච්චියෙම ඉන්න මගීන් ගාණ 4000ක් කරගන්න එක.

​අලුත් දවසක් උදා වෙනකොට: හෙට අලුත් දවසක් එනකොට, කෝච්චියේ ඉස්සරහට අලුත්ම අලුත් පෙට්ටියක් (ඒ කියන්නේ හෙට දවස) එකතු වෙනවා. අද දවසට ලැබුණු අලුත් Watch hours ටික ඒ පෙට්ටියට නගිනවා.
​පරණ දවස හැලෙනවා: හැබැයි YouTube නීතිය අනුව කෝච්චියේ තියාගන්න පුළුවන් උපරිම පෙට්ටි 365ක් විතරයි. ඒ නිසා ඉස්සරහට අලුත් පෙට්ටියක් එකතු වෙනකොටම, කෝච්චියේ අගම තියෙන පරණම පෙට්ටිය (ඒ කියන්නේ හරියටම දවස් 366කට කලින් දවස) කෝච්චියෙන් ගැලවිලා අයින් වෙලා යනවා.
​සරලවම කිව්වොත් එදිනෙදා වෙන්නේ මේකයි:
​අවුරුද්දක් ගියාට පස්සේ බිංදුව වෙන්නේ නැහැ. හැමදාම සිද්ධවෙන්නේ එක දවසක් එකතු වෙන ගමන්, පරණම දවසක් අයින් වෙලා යන එකයි.

​උදාහරණයක් විදිහට අද දවස ගනිමු:
​අද ඔයාගේ වීඩියෝ බලලා ඔයාට අලුතින් Watch Hours 10ක් ලැබුණා නම්, ඒ 10 ඔයාගේ මුළු එකතුවට එකතු වෙනවා.
​හැබැයි හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක (ඔයාගේ අර පරණම පෙට්ටියේ) ඔයාට Watch hours ලැබිලා තිබුණේ 2ක් නම්, ඒ 2ක විතරක් ඔයාගේ එකතුවෙන් අඩු වෙනවා.
​එතකොට ඔයාට අද දවසට විතරක් ශුද්ධ ලාභය පැය 8යි! (පැය 10ක් අලුතින් ආවා, පරණ පැය 2ක් විතරක් හැලිලා ගියා).

අවුරුද්දක් ඇතුළත 4000 වුණේ නැහැ කියලා කවදාවත් මානසිකව වැටෙන්න එපා. දිගටම හොඳ වීඩියෝස් හදන්න. ඔයාගේ චැනල් එක ඉස්සරහට යන්න යන්න වීඩියෝ බලන අය වැඩි වෙනවා. එතකොට ඔයාට අලුතින් එකතු වෙන පැය ගාණ, අර පරණ වෙලා හැලිලා යන පැය ගාණට වඩා ගොඩක් වැඩි වෙනවා. එතකොට ඔයාට හිතනවාටත් වඩා ඉක්මනින් 4000 target එකට යන්න පුළුවන්!


මෙන්න වීඩියෝ එක https://youtu.be/_9bh2VGhxxs

🐧

2 months ago | [YT] | 568

Master Academy

වීඩියෝ එකක් හදනවා → Upload කරනවා → Views ගන්නවා → සල්ලි හොයනවා.

කලින් කාලෙ creators ලා ගොඩක් අඩුයි, ලොකු තරඟයක් තිබ්බෙත් නෑ. මිනිස්සුත් online videos ගැන දැනගන්න පටන් ගත්තා විතරයි.

ඒත් අද වෙද්දි YouTube කියන්නේ ගොඩක් ලොකු, ඒ වගේම තරඟකාරී තැනක්. දැන් නිකන්ම video එකක් upload කරලා විතරක් මදි. ඉක්මනට Channel එක grow කරගන්න නම් මේ වගේ දේවල් ඉගෙන ගන්න වෙනවා:

හොඳ Video ideas තෝරාගන්න හැටි

හොඳ Titles සහ Thumbnails දාලා මිනිස්සුන්ව Click කරවගන්න හැටි

Viewers ලාව වීඩියෝ එක දිගටම බලන් ඉන්න සෙට් කරගන්න හැටි

YouTube algorithm එක වැඩ කරන හැටි

Analytics හරියට බලලා තේරුම් ගන්න හැටි

Ads, sponsors, products සහ memberships වලින් සල්ලි හොයන හැටි

AI සහ අලුත් creator tools පාවිච්චි කරන හැටි

හැබැයි හොඳම දේ තමයි: වැඩේ පටන් ගන්න කලින් මේ හැමදේම ඉගෙන ගන්න ඕන නෑ.

මුලින්ම videos හදන්න පටන් ගන්න. ඊට පස්සේ තරඟය වැඩි වෙද්දි, ඔයා එකතු කරගන්න දැනුම තමයි ඔයාගේ ලොකුම Advantage එක වෙන්නේ.

කලින්: Upload කරන එක විතරයි Skill එක වුණේ.

දැන්: Creating + Learning + Improving (හදන එක + ඉගෙන ගන්න එක + දියුණු වෙන එක) තමයි Real Skill එක.

ඔයාගේ දැනුම තවත් වැඩි කරගන්න මේ පොත් ටික Free Download කරගන්න!

LINK masteracademylk.com/download

DOWNLOAD

2 months ago | [YT] | 483

Master Academy

හිතන්නකෝ ඔයා වීඩියෝ එකක් කරන්න යද්දී අනිවාර්යයෙන්ම ලොකු කැමරා, ලයිට්ස් ඕනෙමයි කියලා. මේක තමයි ගොඩක් අය වැටෙන ලොකුම උගුල! අපි මේ ගැන කතා කරමු.

🦊: නරියා හිතන්නේ වීඩියෝ එකක් සාර්ථක වෙන්නේ මිල අධික කැමරා, ලොකු ලයිට්ස්, සහ අංගසම්පූර්ණ Studio එකක් තිබ්බොත් විතරයි කියලා.
එයා "හොඳම දේවල්" ගන්න සල්ලි එකතු කරනකම් වීඩියෝ කරන එක කල් දානවා.
කාලය ගෙවිලා යනවා, හැබැයි නරියා තාම එක වීඩියෝ එකක්වත් හදලා නෑ. එයාට හැමදාම තියෙන්නේ නිදහසට කරුණු විතරයි. "මගේ ෆෝන් එකේ කැමරාව මදි", "මගෙ කාමරේ ලස්සන නෑ" වගේ දේවල් කියලා එයා හැමදාම පටන්ගන්න එක කල්දානවා.

🦁: සිංහයා දන්නවා වීඩියෝ එකක වටින්නේ පාවිච්චි කරන උපකරණ නෙවෙයි, එයා දෙන 'අදහස' (Value එක) කියලා.
එයා තමන්ගේ අතේ තියෙන සාමාන්‍ය ෆෝන් එක අරගෙන, පොඩි ට්‍රයිපොඩ් එකක තියලා වීඩියෝ කරන්න පටන් ගන්නවා.
එයාගේ අවධානය තියෙන්නේ බලන කෙනාට වැදගත් දෙයක්, අලුත් දෙයක් දෙන එක ගැන මිසක් තමන්ගේ Background එකේ පෙනුම ගැන නෙවෙයි.

අද ඔයා දකින සාර්ථක Creators ලා ගාව අංගසම්පූර්ණ Studio කාමර, 4K Displays, අලුත්ම Galaxy Ultra ෆෝන් වගේ දේවල් තිබුණට එයාලත් මුලින්ම පටන් ගත්තේ බොහොම සාමාන්‍ය තැනකින්.

ඔයාගේ Content එක (කතාව, දෙන දැනුම, නැත්නම් විනෝදය) හොඳ නම්, මිනිස්සු ඔයාගේ වීඩියෝ බලනවා. ඔයාගේ වීඩියෝ කොලිටි එක, මිල අධික පරිගණක සහ අලුත් Gadgets ඔයාට ගමන ඉස්සරහට යද්දි ටිකෙන් ටික එකතු කරගන්න පුළුවන්.

උපකරණ නැති එක නිදහසට කරුණක් කරගන්න එපා. සිංහයෙක් වගේ තියෙන දේකින් අදම වැඩේ පටන් ගන්න. ‪@ChanuxBro

3 months ago | [YT] | 709

Master Academy

කලින් වීඩිටෝ වලින් කැමතිම එක මොකක්ද..හේතුවත් එකක් කමෙන්ට් එකක් දාමු. ඊළග වීඩියෝව කුමක් විය යුතුද ?

3 months ago | [YT] | 364

Master Academy

මේවා වියදම් නෙමෙයි.. වීඩියෝ වලින්ම හම්බ කරලා වීඩියෝ හදන්නම ගෙනාපු මේවගෙන් ආයත් කරන්නෙව් වීඩියෝ හදන එකමයි. එක කැමරාවක් තමන්ගේ වටිනාකම වගේ සිය ගුනයක් වටිනා ඩොලර් හම්බකරලා දීලා ඇති.. මේවාට කියන්නේ වියදම් නෙමෙයි.. මේවා ආයෝජන..

4 months ago | [YT] | 1,212

Master Academy

DJI Pocket 4 Pro...
ලංකාවට බලන්න වීඩියෝ හදනවානම් views මිලියන දෙකක් ඇති. පිටරට අයා බලන්න වීඩියෝ හදනවානම් views 150,000 ක් ඇති මේක ගන්න 🐧 #dji #pocket4 Pro #duallens 🐧 #ChanuxBro

4 months ago | [YT] | 523

Master Academy

ඉස්සරහට කන්ටෙන්ට් හදනවා කියන්නේ නිකන් හිතෙන හිතෙන වෙලාවට මොනවා හරි පෝස්ට් කරන එක නෙවෙයි. දැන් ගේම තියෙන්නේ සුපිරි ස්ට්‍රැටජි එකක්, AI පාවිච්චි කරලා කරන ක්‍රියේටිවිටි එක සහ ස්ට්‍රෝන්ග් ක්‍රියේටර් කොමියුනිටි එකක් උඩ.

නිකන්ම සාමාන්‍ය ව්ලොග්ස් කරන කාලේ දැන් ඉවරයි; රිචි මිනිස්සු ඉල්ලන්නේ ප්‍රිමියම් ඩිජිටල් කන්ටෙන්ට්.

කාලෙත් එක්ක අලුත් දේවල් ඉගෙන ගන්න එක, නෙට්වර්ක් එක හදාගන්න එක සහ අප්ඩේට් වෙන එක තමයි මේ ගේම් එකේ ඇත්තම රහස! ඉගෙන ගන්න එක්ක අදටත් නවත්තන්න බෑ..

4 months ago | [YT] | 595