🖤 Welcome to SOOYAVERSE 💗
✨ A little space made with love for BLACKPINK & BLINKs.
🌷 JISOO biased, but OT4 forever!
🎬 BLACKPINK edits, moments, updates & more.
👭 Made by a BLINK girl who loves her unnies endlessly.
🖤 BLACKPINK forever ♾️
💗 Once a BLINK, always a BLINK.
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
සමහර දවස් තියෙනවා… හිත ඇතුළෙන් ගොඩක් රිදිලා තියුණත් ඒක කාටවත් කියාගන්න බැරි. 😭💔 හිතට ගොඩක් බරක් දැනෙනවා, අඬන්න විතරයි හිතෙන්නේ. සමහර වෙලාවට අපි වැඩියෙන්ම ආදරේ කරන අයගෙන් ඇහෙන වචන තමයි අපිට වැඩියෙන්ම රිදෙන්නේ… ඒත් ඒ දුකත් එක්කම නිහඬව ඉන්න වෙන වෙලාවල් තියෙනවා. 🥺
අද මටත් එහෙම දවසක්. හිත ගොඩක් අවුල් වෙලා තිබුණා. ඒත් Instagram එකට ගිය වෙලාවේ Jisoo එයාගේ fan කෙනෙක්ට අත්සනක් දෙනවා දැක්කා. 🥹🌸 ඒක බලපු තත්පරේම මගේ හිතේ තිබුණ දුක ටිකක් හරි අඩු වුණා. ඊට පස්සේ BLACKPINK ගැන, Lisa ගැන, Jisoo ගැන එක එක දේවල් දැක්කාම මට හිතුණේ… සමහර දේවල් අපේ ජීවිතේට කොච්චර පොඩි දෙයක් වගේ පෙනුණත්, ඒවා අපේ හිතට කොච්චර සැනසීමක් වෙන්න පුළුවන්ද කියලා. 🖤💗
BLACKPINK මගේ ජීවිතේට ආවේ music එකක් විතරක් වෙලා නෙවෙයි. මට දුක හිතුණු වෙලාවට, තනිකම දැනුණු වෙලාවට, කාටවත් කියාගන්න බැරි දේවල් හිතේ තියාගෙන හිටපු වෙලාවට… එයාලගේ videos, songs, smiles, little moments මට හිත හදාගන්න උදව් වෙලා තියෙනවා. 🥹🖤💗
ඒ නිසා අදත් මගේ හිත සම්පූර්ණයෙන්ම හොඳ නැති වුණත්, ටිකක් හරි සැනසීමක් දැනුණා. සමහරවිට අපිට ඕනේ ලොකු දෙයක් නෙවෙයි… අපි ආදරේ කරන කෙනෙක්ගේ එක smile එකක්, එක video එකක්, එක පුංචි moment එකක් විතරයි. 🌸🥺
අද මගේ හිතේ තියෙන දේවල් මට හරියට explain කරන්න බැහැ. ඒත් මේක ලියන්නේ මගේ හිත ටිකක් හරි නිදහස් කරගන්න. කවුරුහරි මේක කියවනවා නම්, ඔයාටත් අද දවසේ හිත රිදිලා තියෙනවා නම්… ඔයා තනියම නෙවෙයි. 🤍 හෙට දවස අදට වඩා ටිකක් හොඳ වෙයි කියලා විශ්වාස කරමු. 🫂
Thank you Jisoo, Lisa and BLACKPINK… මට නොදැනීම මගේ හිත ටිකක් හරි නිවලා දෙනවට. 🖤💗🌸 Forever grateful. 🥹🫶🏻
10 hours ago | [YT] | 48
View 6 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
🏆💗 LISA WON A 2026 MTV VMA!!! 😭😭😭
අද මට මේක කියද්දිත් හිතාගන්න බෑ… 😭💗
අපේ පොඩි අක්කි LISA ආයෙත් MTV VMA එකක් අරගෙන!! 🥹🏆
LISA 2026 MTV Video Music Awards එකේ “Dream” feat. Kentaro Sakaguchi වෙනුවෙන් BEST POP award එක දිනාගෙන තියෙනවා!! 🏆😭💗
මේක LISAගේ solo VMA journey එකේ 4 වෙනි VMA trophy එක. 🥹
🏆 2022 — “LALISA” — Best K-Pop
🏆 2024 — “Rockstar” — Best K-Pop
🏆 2025 — “Born Again” — Best K-Pop
🏆 2026 — “Dream” — Best Pop 💗
හැබැයි මේ අවුරුද්දේ win එක තවත් special… 😭
LISA Best Pop award එක දිනාගත් පළමු Asian solo artist සහ පළමු K-pop solo artist බවටත් පත්වුණා. 👑🏆
Award එක ගන්න stage එකට ගිය වෙලාවේ LISAට emotions control කරගන්නත් අමාරු වුණා. 🥹😭 එයාගේ speech එකේ තමන්ගේ fans වන Liliesලාටත් ආදරය සහ support එක වෙනුවෙන් ස්තූති කළා. 🤍
ඒ moment එක දැක්කම මටත් ඇත්තටම හරිම happy හිතුණා. 😭💗
ඒත් honestly… මට මේක බලද්දි තව එක දෙයක් මතක් වුණා. 🥹
LISA කලින් දිනාගෙන තිබුණු VMA awards ගැන post එකක් මම දැකලා තිබුණා. ඒක දැක්ක වෙලාවේ මම ඒ ගැන වැඩිය හිතුවේවත් නැහැ. 😭
ඒත් අද LISA ආයෙත් VMA එකක් දිනාගත්තම, ඒ කලින් awards තුනත් මතක් වෙලා…
“අපේ LISA මේ තරම් දුරක් ඇවිත් නේද…” කියලා හිතුණා. 🥹😭💗
2022 ඉඳන් 2026 වෙනකම්…
තවත් එක trophy එකක්…
තවත් එක history-making moment එකක්…
තවත් එක achievement එකක්… 🏆👑
අද LISAව දැකලා මට ඇත්තටම ගොඩක් සතුටුයි. 😭💗
අපේ Thai queen, අපේ LALISA, අපේ පොඩි අක්කි… 🥹🇹🇭💗
CONGRATULATIONS LISA!!! 🏆👑💗
ඔයා ගැන අපිට හැමදාම proud. 🥹
තව තවත් trophies, achievements, dreams හැම එකක්ම ලැබෙන්න ඕනේ. 🤍
LISA WON BEST POP AT THE 2026 MTV VMAs!!! 🏆💗😭
#LISA #LALISA #BLACKPINK #LISAxVMAs #VMAs #MTVVMAs #Dream #LISAWinning #Lilies
2 days ago | [YT] | 157
View 10 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
මට මේ ගැන මුලින්ම කියන්න ඕනේ, මේ සිද්ධිය ගැන මම තාම හරියටම දන්නේ නැහැ. 😭 ඒ නිසා මම දන්න දේ විතරක් share කරන්නම්. මේ ගැන circulate වෙන සමහර photos දැක්කම, ඒවායින් සමහරක් AI වලින් generate කරපු හෝ edit කරපු photos වෙන්න පුළුවන් කියලා මට නම් හිතෙනවා. හැබැයි ඒකත් මගේ personal thought එකක් විතරයි, මම ඒ photos AI කියලා confirm කරන්නේ නැහැ. 👀
දැනට social media වල Jisoo සහ Seo Kang Joon ගැන dating speculation එකක් ආයෙත් පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. දෙන්නාම Boyfriend on Demand drama එකේ co-stars නිසා, fansලා දෙන්නාගේ recent posts සහ activities වල තියෙනවා කියලා හිතන similarities කිහිපයක් compare කරමින් මේ ගැන theories හදනවා.
Fansලා කියන “clues” අතර එක වගේ පෙනෙන Instagram profile photos, දෙන්නා New York වල එකම කාලසීමාවකදී දැකගන්න ලැබුණු බවට claims, ring එකක් වගේ accessories, social media posts සහ timelines වගේ දේවල් තියෙනවා. ඒ වගේම Seo Kang Joon, Jisooට support කරන්න BLACKPINK concert එකකට ගියා කියන එකත් fansලා මේ discussion එකට connect කරනවා. 👀
ඒත් මේ හැමදේම fansලාගේ observations සහ speculation විතරයි. දැනට Jisoo සහ Seo Kang Joon relationship එකක ඉන්නවා කියලා Jisooවත්, Seo Kang Joonවත්, ඔවුන්ගේ agenciesවත් official confirmation එකක් දීලා නැහැ. ඒ නිසා මේක confirmed dating news එකක් කියලා කියන්න බැහැ. 🤍
ඒ වගේම social media වල circulate වෙන photos/videos වලින් විතරක් කෙනෙක්ගේ relationship එකක් ගැන conclusion එකකට යන එකත් හොඳ නැහැ. විශේෂයෙන් AI-generated හෝ edited content තියෙනවද කියලාත් verify කරලා බලන්න ඕනේ.
මට නම් මේ whole thing එක ටිකක් confusing. 😭 මම මේ ගැන හරියටම දන්නේ නැති නිසා, ඔයාලා මේ ගැන දන්න දෙයක් තියෙනවා නම් comments වල කියාගෙන යන්න. ඔයාලා දැකපු original photos, videos හෝ reliable information තියෙනවා නම් ඒවත් share කරන්න. 👀🤍
අනේ මන්දා මේක මටත් තේරෙන්නේ නැහැ 😭😂 ඔයාලා දන්න දේවල් කියලා මාවත් update කරන්න. 🥹
#JISOO #BLACKPINK #SEOKANGJOON #BOYFRIENDONDEMAND #JISOO
4 days ago | [YT] | 154
View 25 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
😂 මුලින් හැමෝම හිතුවේ TAEHYUNG කියලා!! 😭
JISOO airport එකේ escalator එකෙන් පහළට එන video එකක් social media වල circulate වෙන්න පටන් ගත්තට පස්සේ, JISOOට ආසන්නයෙන් mask එකක් දාගෙන යන කෙනෙක්ව දැකලා සමහර fansලා ඒ කෙනා BTS එකේ TAEHYUNG (V) කියලා හිතලා තිබුණා. 👀😭
ඒක දැකපු සමහර fansලා එකපාරටම excited වෙලා “JISOO × TAEHYUNG” කියලා ship කරන්නත් පටන් ගත්තා. 😂😭 සමහරු මේක VSOO moment එකක් කියලාත් හිතලා තිබුණා.
ඒකට ප්‍රධාන හේතුව වුණේ video එකේ ඒ කෙනාගේ මුහුණ පැහැදිලිව පේන්නේ නැති නිසා, ඔහු TAEHYUNG කියලා fansලා assume කරපු එක. 👀
හැබැයි පස්සේ video එක ගැන clarification එකක් circulate වුණා. 😭
ඒ කෙනා TAEHYUNG නෙවෙයි — BIGBANG එකේ TAEYANG! 💀😂
ඒ කියන්නේ මුලින් “TAEHYUNG?? 😭” කියලා excited වෙලා JISOO එක්ක ship කරන්න පටන් ගත්ත සමහර fansලා, පස්සේ තමන් දැකලා තිබුණේ TAEHYUNG නෙවෙයි TAEYANG කියලා දැනගත්තා. 😂😭
ඒ නිසා මේ whole situation එක ඇත්තටම funny misunderstanding එකක්. 😂💀
⚠️ මේකෙන් JISOO සහ TAEHYUNG අතර relationship එකක් තියෙනවා කියලා කිසිම confirmation එකක් ලැබෙන්නේ නැහැ. මේ shipping reactions ඇතිවුණේ airport video එකේ කෙනාව සමහර fansලා වැරදියට identify කරපු නිසා.
Airport videos දුරින් හෝ low-quality වෙලා තිබුණොත් කෙනෙක්ව තවත් කෙනෙක් කියලා වැරදියට හිතන්න ලේසියි. ඒ නිසා celebritiesලා ගැන photo/video එකක් දැක්කාම ඉක්මනට conclusion එකකට යනවට වඩා information එක confirm කරලා බලන එක හොඳයි. 🤍
මුලින්:
“OMG TAEHYUNG?? 😭👀”
සමහර fans:
“JISOO × TAEHYUNG 😭🫶”
පස්සේ:
“WAIT… ඒ TAEYANG නේද?? 💀😂”
TAEHYUNG කියලා හිතලා ship කරන්න ගිය අයට අන්තිමට TAEYANG වුණා! 😭😂💀
ඔයාලාත් video එක මුලින් දැක්කම “TAEHYUNG???” කියලා හිතුවද? 👀😭😂
#JISOO #BLACKPINK #TAEYANG #TAEHYUNG #V #BTS #BLACKPINKJISOO #VSOO
4 days ago | [YT] | 117
View 10 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
🔥🐱 LISA VMAs STAGE එකට!! 🖤💗
SAWADIKA!! 🇹🇭🔥 අපේ පොඩි අක්කි LISA මේ සැප්තැම්බර් 27 වෙනිදා පැවැත්වෙන MTV VMAs 2026 වේදිකාවට ගොඩවෙන්න සූදානම්!! 😭🎸✨
මේ වතාවේ අපේ LALISA “SaWaDiKa” එක්ක VMAs stage එකේ LIVE performance එකක් දෙන්නයි යන්නේ! 🥹🔥🐱🇹🇭
LISA ආයෙත් VMAs stage එකට එන එකම BLINKsලාට ලොකු moment එකක් නේද 😭🖤💗 ඒකටත් වඩා අපේ Thai Queen “SaWaDiKa” perform කරනවා කියන්නේ… WE ARE NOT READY!! 😭🔥
ඒ වගේම LISA මේ වසරේ “Dream” වෙනුවෙන් VMAs nominations 4ක් ලබාගෙන තියෙනවා! 🏆✨
🏆 Best Pop
🏆 Best K-Pop
🏆 Best Cinematography
🏆 Best Editing
ඒ වගේම BLACKPINKත් “JUMP” වෙනුවෙන් Best K-Pop category එකට nominated වෙලා තියෙනවා! 🖤💗👑
ඉතින් BLINKS 🥹🫶🏻 අපේ LISA සහ BLACKPINK වෙනුවෙන් votes දාන්න අමතක කරන්න එපා! 🗳️🔥
🗳️ OFFICIAL VOTING LINK 👇🏻
vote.mtv.com/
Official MTV voting page එකෙන් vote කරන්න පුළුවන්. 🖤💗
අපේ LISA VMAs stage එකේ “SaWaDiKa” එක්ක rockstar mode එකට එනකම් දැන් countdown එක පටන් ගමු!! 😭🎸🔥🐱
📅 සැප්තැම්බර් 27, 2026
🎤 LISA — “SaWaDiKa”
🏆 MTV VMAs 2026
LALISA, WE ARE READY FOR YOU!! 😭🖤💗🔥
#LISA #LALISA #SaWaDiKa #BLACKPINK #VMAs #MTVVMAs #LISAatVMAs #LLOUD
5 days ago | [YT] | 53
View 6 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
🐱🖤💗 LISA × META GLASSES 👓✨
අපේ පොඩි අක්කි LISA ආයෙත් අලුත්ම දෙයක් එක්ක අපිව surprise කරලා! 😭👑
LISA has designed her own special Meta Glasses, and the cutest part is that the glasses are inspired by her beloved pets — Lily 🐈, Love ❤️, Lego 🥹 and Louis 🐶🐱✨
ඒ කියන්නේ අපේ පොඩි අක්කිගේ babies ටිකත් මේ special glasses එකේ part එකක් වෙලා! 😭🫶🏻💗
LISAගේ pets වලින් inspired වෙච්ච charms එක්ක මේ glasses එක තවත් special වෙලා තියෙනවා. 🥹✨ ඒ වගේම මේ LISA Edition Meta Glasses එක්ක exclusive digital treats කිහිපයකුත් ලැබෙනවා. 👀💗
LISA-themed digital photocard එකක් සහ LISA-inspired sticker pack එකක් වගේ cute digital goodies Meta AI app එක හරහා unlock කරන්න පුළුවන්. 😭🐱🖤💗
ඇත්තටම LISA තමන් ආදරේ කරන දේවල් තමන්ගේ work එකට එකතු කරන විදිහ හරිම cute. 🥹🤍 Lily, Love, Lego & Louisව මේකටත් include කරපු එක නම් අපිට තවත් special! 😭🫶🏻
OUR LITTLE UNNIE LISA 🐱🖤💗
Always turning everything into something beautiful and special. 👑✨
අපේ පොඩි අක්කිට මේ glasses එක කොහොමද කියලා ඔයාලට හිතෙන්නේ? 👓🐱💗
#LISA #BLACKPINK #LISAxMeta #MetaGlasses #LLOUD #Lily #Love #Lego #Louis #BLACKPINKLISA #LALISA 🖤💗
5 days ago | [YT] | 31
View 2 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
🖤💗 LISA & BLUE IN LONDON 🇬🇧
LISA ගැන මේ දවස්වල social media වල ආයෙත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. 👀✨ ඒකට හේතුව LISA සහ Thai actor Blue Pongtiwat එකට London වලදී දැකගන්න ලැබුණු බවට photos සහ videos කිහිපයක් social media වල circulate වෙමින් තිබීමයි.
මම මේ post එක දාන්නේ LISA සහ Blueව ship කරන්නවත්, ඔවුන් දෙන්නා අතර relationship එකක් තියෙනවා කියලා කියන්නවත් නෙවෙයි. 🥹🖤💗 Reports වල දැක්වෙන විදිහට දෙන්නා London වලදී එකට time spend කරන ආකාරය දැකගන්න ලැබිලා තියෙනවා. මීට කලිනුත් ඔවුන් දෙදෙනා එකට දැකගන්න ලැබුණු අවස්ථා ගැන social media වල කතාබහ වෙලා තිබුණා.
මේ වතාවෙත් LISA සහ Blue එකට ඇවිදගෙන යන video එකක් social media වල share වෙලා තියෙනවා. Link : (www.instagram.com/p/DdijgCTESL6/?stkn=ZDcxank2Ynpz…) ඒ video එකේ link එක තමා උඩින්ම් තියෙන්නේ.. එක බලන්නකො..👀
හැබැයි මේ ගැන වැදගත්ම දේ තමයි — LISA සහ Blue අතර තියෙන relationship එක ගැන මේ වන විට කිසිම official confirmation එකක් නැහැ. ඒ නිසා reports හෝ social media posts දැක්කා කියලා ඒක relationship එකක් කියලා අපිට තීරණය කරන්න බැහැ. 🤍
මම කලිනුත් Blue ගැන post එකක් දාලා තිබුණා. එදා වගේම අදත් මගේ අදහස simple එකක්. LISAට හොඳ friends ලා එක්ක, ඇය comfortable වෙන අය එක්ක, ඇය කැමති විදිහට time spend කරන්න අයිතිය තියෙනවා. 🥹🖤💗
අපි LISAට ආදරේ කරන fans විදිහට ඇයගේ happiness එකටත්, privacy එකටත් respect කරන්න ඕනේ. ඇය කාත් එක්කද ඉන්නේ, කාත් එක්කද friendship එකක් තියෙන්නේ කියන දේවල් ගැන unnecessary assumptions හදනවට වඩා, ඇයගේ life එක ඇයට enjoy කරන්න ඉඩ දෙන එක තමයි වැදගත්. 🫶🏻
ඒ නිසා මේකෙන් මම කියන්නේ “LISA & Blue are dating” කියලා නෙවෙයි. මේ වෙලාවේ අපිට තියෙන්නේ social media වල circulate වෙන photos/videos සහ ඒ ගැන පළවුණු reports විතරයි. Officially confirm වෙන දෙයක් තියෙනවා නම් ඒක වෙනම දෙයක්. 🤍
අපේ LISA සතුටින් ඉන්නවා නම් ඒක තමයි අපිටත් සතුට. 🥹🐱🖤💗
LALISA, JUST ENJOY YOUR LIFE AND BE HAPPY. 🫶🏻🖤💗✨
1 week ago | [YT] | 115
View 21 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
මේ photo එක දිහා බලලා මට හිතෙන දේවල් නම් ගොඩක්… 🥺🩷
Lisa කොච්චර ලස්සනට ඇඳුම් අඳිනවද, කොච්චර fashion එකට යනවද කියලා බලලා ඇයව විවේචනය කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. “ඇඟ පෙන්නලා අඳිනවා”, “කොටට අඳිනවා” කියලා කෙනෙක්ව මනින්න එපා. 🙏🏻
කෙනෙක්ගේ ඇඳුමෙන් ඒ මනුස්සයාගේ හිත මනින්න බැහැ. ඇය ඇතුළතින් කොහොම කෙනෙක්ද කියලා බලන්න. ඇඳුමක් කෙනෙක්ගේ කරුණාව, මනුස්සකම, හදවත තීරණය කරන්නේ නැහැ. 🥺
මේ photo එක දිහා බලන්න… තමන්ගේ ලස්සන, fame එක, status එක ගැන විතරක් හිතන කෙනෙක් වගේ නෙවෙයි මෙතන මට පේන්නේ. මේ පුංචි කෙල්ල ළඟට ගිහින්, ඇයව ආදරෙන් වැළඳගෙන, ඇයට ලස්සන මතකයක් දෙන Lisa කෙනෙක්. 🥹🩷
අපේ Lisa අපේ ආගමේ කෙනෙක් කියන එකත් මට හරිම ආදරණීය දෙයක්. ඒ වගේම, මේ වගේ අසරණ තත්ත්වයක ඉන්න පුංචි කෙනෙක්ව හමුවෙලා ඇගේ හිත සතුටින් පුරවන්න Lisa දුන්න ඒ මොහොත… ඒක ඇයට කොච්චර වටින මතකයක් වෙන්න ඇතිද කියලා හිතාගන්නවත් බැහැ. 🥺🫶🏻
කෙනෙක්ගේ ඇඳුම දිහා බලලා ඒ මනුස්සයාව judge කරන එකට වඩා, කෙනෙක් තවත් මනුස්සයෙකුට දක්වන කරුණාව දිහා බලන්න. ❤️
මට නම් මේ photo එකේ පේන්නේ fashion icon කෙනෙක් විතරක් නෙවෙයි…
තවත් කෙනෙක්ගේ හිතට සතුටක් වෙන්න පුළුවන් ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්. 🥹🩷
අපේ Podi Akki… ඔයා මේ පුංචි කෙල්ලගේ හිත කොච්චර සතුටින් පුරවන්න ඇතිද… 🥺🩷
මේ වගේ මොහොතක් මට නම් ඇත්තටම හිතට දැනුණු දෙයක්.
#LISA #BLACKPINK #LLOUD #PodiAkki #BLACKPINKLisa #LisaManoban #BLINK #OurLisa #LoveLisa #Kindness #BeautifulHeart #PreciousMoment #Humanity #BLACKPINKForever
1 week ago | [YT] | 162
View 7 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
YouTube එකට video එකක් දාන්න වෙලාවක් නැති තරම් busy… 🥺
ඒත් කොහොමහරි එකක් හරි දාන්න ඕනේ කියලා හිතුවා. 🥹🖤💗
මොකද BLACKPINK ගැන video එකක් හදලා upload කරන එක මට නිකන්ම content එකක් නෙවෙයි… ඒක මට happiness එකක්. 🖤💗
ඔයාලාත් දවසක මගේ video එකක් බලලා, BLACKPINK එක්ක ටික වෙලාවකට හරි happy වෙලා ඉන්නවා නම්… ඒක තමයි මට ලොකුම සතුට. 🥹😭🖤💗
ඒත් ඇත්තටම කියන්න ඕනේ දෙයක් තියෙනවා…
මම ගොඩක් මහන්සි වෙලා video එකක් හදලා upload කරලා, ඒකට views හෝ likes ගොඩක් නැති වෙද්දි මට ගොඩක් දුක හිතෙනවා. 😭💔
මම views/likes වෙනුවෙන් විතරක් මේවා කරන්නේ නෑ…
ඒත් මගේ videos බලලා, like එකක් දාලා, comment එකක් දාලා support කරන එක මට කියාගන්න බැරි තරම් ලොකු motivation එකක්. 🥺💗
ඒ නිසා මගේ videos බලන හැම BLINK කෙනෙක්ටම—
THANK YOU SO MUCH. 🥹🖤💗
මම කොච්චර busy වුණත්, BLACKPINK වෙනුවෙන් මේ little space එක දිගටම කරගෙන යන්න try කරනවා. 🖤💗
BLACKPINK × BLINKS forever. 🖤💗
2 weeks ago (edited) | [YT] | 168
View 11 replies
♡ 𝐒𝐎𝐎𝐘𝐀𝐕𝐄𝐑𝐒𝐄 ♡
පොඩි අක්කි Toronto International Film Festival (TIFF) 2026 එකට සහභාගී වෙලා තිබුණා. 🥹🖤💗 කැනඩාවේ පැවැත්වුණු මේ සුප්‍රසිද්ධ Film Festival එකේ Red Carpet එකේදී වගේම පසුව පැවැත්වුණු Panel Discussion එකේදීත් හැමෝගෙම අවධානය දිනාගන්න පොඩි අක්කිට පුළුවන් වුණා. ✨
එදා පොඩි අක්කි ඇඳගෙන හිටියේ තද දුඹුරු පැහැති velvet කැබලි දෙකේ outfit එකක්. ඒක crop top එකකින් සහ දිගු සායකින් සමන්විත වෙලා තිබුණා. ඒකට කළු පැහැති දිගු leather gloves සහ ලස්සන studded metal choker එකකුත් එකතු කරලා තිබුණා. 🖤
ඇත්තටම ඒ outfit එක Lisaට හරිම ලස්සනට ගැළපිලා තිබුණා. 😭💗 එයාගේ wavy hair එක, bangs ටික සහ natural makeup එකත් එක්ක පොඩි අක්කිගේ ලස්සන තවත් කැපී පෙනුණා. Lisaගේ beauty එක නම් කියලා ඉවර කරන්න බැරි තරම්. 🥹✨
එයාගේ ලස්සන විතරක් නෙමෙයි, ඒ confidence එකත් එක්ක මේ look එක තවත් ලස්සන වෙලා තිබුණා. කොහොම outfit එකක් ඇන්දත් ඒක තමන්ටම ගැළපෙන විදිහට carry කරන පොඩි අක්කිව දැක්කම ඇත්තටම ආඩම්බර හිතෙනවා. 😭🖤
TIFF 2026 එකේදීත් පොඩි අක්කි ආයෙත් වතාවක් තමන්ගේ ලස්සන, elegance එක සහ star power එක හොඳටම පෙන්නලා තිබුණා. 👑💗
2 weeks ago | [YT] | 227
View 7 replies
Load more