වනාන්තරයක් තුලින් ඔබ ඇවිදන් යනවිට ඔබට බහුලවම ජීවය දැක ගත හැකිය. තවත් විමසිලිමත්ව බැලුවොත් ඔබට දිරාපත් වූ ශාක හා කොටස් දැක ගත හැකිය. කොතැනක බැලුවද ජීවිතය මෙන්ම මරණයද හමුවනු ඇත.

කෙසේ වෙතත් ඔබ හොදින් පරික්ෂාකර බැලුවොත්, දිරාපත්වන ශාක හා කොටස් නව ජීවයක් බිහිකරනවා පමණක් නොව එය ජීවයෙන් පිරී ඇති බව ඔබට පෙනී යනු ඇත. ඒ තුල ක්ෂුද්‍ර ජීවින් වැඩ කරමින් අණු නැවත සකස්වෙමින් පවතී. එබැවින් මරණය කොතනකවත් සොයාගත නොහැකිය. ඇත්තේ විවිධ ස්වරූප වල ජීවී තත්වයන් පමණි.

#The Solo Trail